lan englan tam

පුවත්

නොහික්මුණු ජීවිතය ඇතුළේ හික්මුණු සිද්; Wake up Sid

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ඇත්තටම අපි කවුද? ඇත්තටම අපිට මොනාද ඕනේ ? කියන එක අපි හැමෝම කවදා හරි තේරූම් ගන්න ඕනේ ප්රශ්නයක්. ඒත් ජීවීතේ අපිට හැම දේම ඉතා පහසුවෙන් ලැබෙනකොට අපිට ජීවීතෙ ඉක්මනින්ම මඟහැරෙනව. එතකොට සමහර විට අපි කවුද ඇත්තටම අපි මොනවද කරන්න ඕනේ කියන එක පවා අමතක වෙන්න පුලුවන්. එහෙම ජීවත් වෙනකොට බොහෝ වෙලාවට අපිට එක පාරටම අපිවම කරවල අත හරින්න පුලුවන් සිදුවීමක් නිසා අපිට අපිවම නැවත හොයාගන්න පුලුවන් අවස්ථාවක් ලැබෙන්නට පුලුවන්. අපි කවුද, අපි ජීවීතයේ ඇත්තටම සතුටු වෙන්නෙ මොන දෙයින්ද සහ අපි මොනාද අපිව ජීවත් වෙන්න කරන්න ඕනේ කියල තේරූම් ගන්න අපිට එහෙම අවස්ථාවක් ලැබෙන්න ඕනේ. සමහර විට එවන් අවස්ථාවක් අපිට නොලැබුනොත් අපිට අපි කවුද කියන එකවත් ජීවීතේ දැන ගන්න ලැබෙන එකක් නෑ. Wake up Sid (2009) තුල අපිට හමුවෙන Siddarth (Sid) ගේ කතාවත් ඒ වගේ.

 Sid කියන්නේ ජීවීතේ කිසිම වගකීමක් නැතුව ඔහේ ජීවත් වුන නව යොවුන් වියේ තරුණයෙක්. ඔහුට කිසිම දේක අඩුපාඩුවක් නෑ. ඔහුට දවසක් අහම්බෙන් මුල් වතාවට Mumbai වලට ආපු ඔහුට වඩා වයසින් වැඩි තරුණියක් Aisha මුණ ගැසෙනව. ඇය ඔහුට හාත් පසින්ම වෙනස් ස්වාධීනව ජීවත් වීම තෝරා ගත් තැනැත්තියක්. මේ අතර වාරයේ ඔහුගේ පාසල් ප්රථිපල නිකුත් වීමත් ඉන් ඔහු අසමත් වී තිබීමත් සමග ඔහුගේ ජීවීතය ඇතුලේ ඔහු තීරණාත්මක කඩ ඉමකට පැමිණෙනව. මෙන්න මේ මොහොතේ ඉඳලා තමා මොවුන් දෙදෙනාගේම ජීවීත වෙනස් වීමකට ලක් වෙන්නේ. Sid ඇතුලේ හිටපු නොහික්මුණ ජීවීතය ඇතුලෙ ඇත්තටම Sid කවුද කියන එක තේරූම් කරල දෙන්න Aisha සමත් වෙනව. ඔහුගේ ඇතුලේ ඉන්න ඇත්තබ්Sid කවුද කියන එක තේරූම් ගන්න ඇය විසින් ඔහුට ඉඩ විවෘත කරල දෙනව. චිත්රපටයේ තේමාව කතාව සියල්ල ඇතුලෙ අපිට බොහෝ විට ඉස්මතු කරන්නේ මේ Sid ගේ වෙනස් වීම හා ඔහු විසින් ඔහුව තේරූම් ගැනීම වුවත් අපිට මේ කතාව ඇතුලේ Aisha ගේ ඇතුලාන්තය වෙනස් වීමත් අපිට අත්දකින්නට ලැබෙනව. ඇයට මුලින්ම Sid විසින් ගෙනෙන යෝජනාව ඇය ප්රතික්ෂේප කරන්නේ ඇය බලාපොරොත්තු වන සහකරු ඔහු නොවන බව පවසමින් හා ඇගේ බලාපොරොත්තුව වන මහා වගකීම් සහගත පුරුශයා කියන සංකල්පය කතාව ගලායාමත් එක්ක ඇය අවබෝධ කරගන්නව ඈට අවශ්ය එයම නොවන බව. මේ සියල්ල ඉතා අපිට ඉතා සැහැල්ලුවෙන් සහ කිසි විටකත් දැවැන්ත plot twist නැතුව ඉදිරිපත් කිරීමට Ayan Mukerji ඔහුගේ පලමු නිර්මාණය තුලින්ම සමත් වී තිබෙනව. ඒ සඳහා රංගනයෙන් Konkona Sen සහ Ranbir Kapoor ලැබී ඇති සහයත් උපරිමයි.

කසුන් ප්‍රනාන්දු (KF) 'සිනමාවේදීන්' සමූහයට පළ කළ විචාරයකි.
Back to top
Go to bottom

Popular News