lan englan tam

පුවත්

බූඩි කෙටි චිත්‍රපටකරුවන් ඇහැරවයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කෙටි චිත්‍රපට සිනමාකරුවන්ට ආරාධනයක් කරමින් චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන ඔවුන්ට අගනා අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ සිය පියා වන චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන විසින් 2003දී විවෘත කරන ලද 'ඩොල්බි ඇට්මස්' සිනමා ශාලාව ඇතුළු සිනමා ශාලා 03ක කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව සැලසීමෙනි.
"ලංකාවේ පළවෙනි 'මල්ටිප්ලෙක්ස්' සිනමාශාලාව වන 'සිනෙසිටි' 2003දී සිනමාශාලා 04ක් සමග මගේ පියා නිර්මාණය කළා. එම හතරෙන්2017දී ලංකාවේ පළවෙනි 'ඩොල්බි ඇට්මස්' සිනමා ශාලාව, සිනෙසිටි - මරදාන සිනමාශාලා තුන ක්‍රියාත්මක වෙනවා. මම කැමතියි අලුතෙන් එන සිනමාකරුවන් එම ශාලා භාවිතයට ගන්නවා නම්. ඔබත් ඔබගේ 'ශෝට් ෆිල්ම්ස්' මේ සිනමාශාලාවේ ඇවිල්ලා එළිදක්වන්න. එහෙම කරලා ඔබගේ සාකච්ඡා, තිරගත කිරීමක් කරලා, සැමට ගැලපෙන මුදල් ක්‍රමයක් හදලා, මේ පුළුල් තිරය භාවිතා කරන්න." බූඩි ආරාධනා කරයි.

Back to top
Go to bottom

Popular News