පසුගිය සතියේ ඛේදනීය ලෙස ජීවිත ගණනාවක් අහිමි වූ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ සිදු වීම සම්බන්ධයෙන් අසංක වර්ණකුලසූරිය විසින් තාක්ෂණය ඇසුරෙන් කෙටි වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ.
ඔහුගේ අදහසට අනුව සිනමා කර්මාන්තයට තේමා හිඟ බව පවසන, රජ කතා, ඉතිහාස කතා නිර්මාණය කිරීමට යොමු වන සිනමාකරුවන්ටද මෙවැනි අදහස් වැදගත් වනු ඇති බවය. අසංකගේ අදහස සමග ඔහුගේ නිර්මාණය පහතින් පළ කරමු.
මේක මේ වෙලාවෙ කරන්න සුදුසුද නැද්ද කියල මං දන්නෑ. හැබැයි අපිට ඇහෙන දකින ගොඩක් දේවල් ෆිල්ම් එකක් වුනානං කොහොමද කියල හිතන උණ නිසාම මේකත් හදන්න හිතුන.
මේ ගෲප් එක ඇතුලෙත් කතාවුනු පාවෙන වස බෝතල් සිද්දිය ෆිල්ම් එකකට ප්ලොට් එකක් කියන පෝස්ට් සහ අරුණ ජයවර්ධනගෙ අලුත් ෆිල්ම් එක රිලීස් කරන්න කාලෙ හරි කියලත් තිබුනු නිසා මගෙ වැඩෙත් මං යට කමෙන්ට් වල අමුණන්නං.
මේක අහපුගමන් මේක ගැන කරනවනං හරියටම සෙට්වෙන ස්ටෝරි ලයින් එකක් විදියට මතක් වුනු ෆිල්ම් එකක් ගැනත් කියන්න හිතුන.
මේක දෙමළ ෆිල්ම් එකක්, බලපු අයට මතක ඇති බස් එකක ඇක්සිඩන්ට් එකක් මූලික කරගෙන ඒකෙ මඟියො ගැන වෙන වෙනම කතාව විසුරුවගෙන මාරම ලස්සනට බිල්ඩ් කරගෙන ඇවිත් බස් එක හප්පන තැනදි අපිවත් කුඩුපට්ටම් වෙන්න තැනකට ස්ටෝරිය ගේනව.
ඒ වගේම මේකෙත් අපි දන්නැති ලොකු කතාවල් හයක් ඇති. ඒ හැම එකකට ඒ ඒ අයට ආවේණික සුන්දර සිද්දි, ප්රශ්ණ,ගැටුම් හැමදේම තියෙන්න ඇති. හරි විදියක ස්ක්රිප්ට් එකකින් මේක අර ටැමිල් ෆිල්ම් එකකට එහා ගියපු සිනමාත්මක වැඩක් කරන්න මේක ඇතුලෙ ඉඩකඩ ඕනතරම් තියෙනව. ඔය රජ කතා ජාතක කතා කරන්න සල්ලි පොම්ප කරන අයත් කරන අයත් මේ වගේ ඒවට අත ගහනවනං කර්මාන්තයට මරු වැඩ ටිකක් බලාගන්න පුලුවන් වෙයි.
තව මට හිතුනු දෙයක් තමයි මේ ඇත්ත කතාව පොඩ්ඩක් වෙනස් කරල, මේකට හොරර් පැත්තට ගන්නත් පුලුවන් නේද කියල. නිකමට හිතුවොත් අර බෝතලේ ඇතුලෙ ඉන්න මොකක්හරි අත්භූත බලවේගයකින් සේරම අවුල් කරගෙන ඇවිත් බෝට්ටුවත් කැඩිල අනාත වෙන සිද්දියක් විදියට බිල්ඩ් කරන්නත් පුලුවන්. ඒක තමයි සිනමාව.
ට්රේලර් එක යට කමෙන්ට් වල. පොඩි ට්රයි එකක් දුන්නා. මේකෙ උණුසුම තාම ඉවර නැති නිසා මේක බලල හිත අවුල් යයි කියල හිතනවනං නොබල හිටියට කමක් නෑ. ඒ වගේම මේ සිද්දියට අදාල පවුල් වල කවුරුහරි මේක දැකල කම්පනයට හෝ අපහසුතාවයට පත්වුනොත් සමාවෙන්න..