lan englan tam

පුවත්

සුජීවාට ජීවිත අනතුරක් නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අද (08) උදෑසන සිදු වූ වෙඩි තැබීමකදී තුවාල ලැබූ ගායිකා කේ. සුජීවාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. සුජීවා එම ස්ථානයට සහභාගි වී තිබුණේ උත්සව අවස්ථාවක හිතවත් ආරාධිතයෙකු හැටියට බව මේ වන විට අනාවරණ වී ඇත.

වෙඩි තැබුමෙන් මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ ඔහුගේ බිරිඳ එම උත්සවයේ ප්‍රධාන අමුත්තන්ව විට ඇති බවත් ප්‍රකට 'ටැටූ' ශිල්පියෙකුගේ අලුතින් විවෘත කරන ව්‍යාපාරික පිරිස මෙම ස්ථානයට සහභාගී වී ඇති බවත් මේ වන විට අනාවරණ වී තිබේ.
මෙම සිදුවීමෙන් අනතුරුව රෝහල්ගතව සිටින කේ. සුජීවා ගැන අනාවරණය කර නොගත් දූෂමාන කරුණු ප්‍රචාරය වූ අතර මේ දක්වාද ඒ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ වාද විවාද වෙමින් පවතී. සිදුවීමෙන් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය අනාවරණ කළ අතර නිල නොවන රෝහල් වාර්තාවලට අනුව සුජීවාට සන්ධ්‍යාවේ ශල්‍යකර්මයක් කර ඇති බව පැවසිණි.

Back to top
Go to bottom

Popular News