lan englan tam

පුවත්

පරණ චිත්‍රපට කතා 01 - Kadhalar Dhinam (1999)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
 
හින්දි සිනමාවේ ස්වර්ණමය යුගයේ හින්දි සිනමාවට අභියෝගයක් වෙන්න දමිළ සිනමාව පටන් ගන්න කාලේ ආව ලස්සන ෆිල්ම් එකක් මේක. 80 දශකයේ සහ 90 දශකයේ අය මේක නොබලපු කෙනෙක් නෑ. ඩෙක් පීස් එකෙන්, සීඩී, ඩීවීඩී එකෙන් එහෙම නැත්නම් ඉරිදා ටීවී එකේ පෙන්නපු ෆිල්ම් අතර මේකත් ගියා. 2010 සිට තාමත් මගේ හොඳම කලෙක්ෂන් එකේ උඩම තියෙන ෆිල්ම් එකක් මේක.

ඒ. ආර්. රහ්මාන්ගේ නිෂ්පාදනයත් සංගීතයත් එක්ක මේක 80 සහ 90 දශකයේ මිනිස්සුන්ට රොමෑන්ටික් කියන එක උපරිම ලෙස ගෙනාව ෆිල්ම් එකක්. සරල සුන්දර ලස්සන කැම්පස් ආදර කතාවක් තිබුණ මෙකේ කුනාල් සිං සහ හින්දි සිනමාවේ එවක දක්ෂ රංගන ශිල්පිනියක් වන සොනාලි බෙන්දේ්ර රඟපෑවා. අවාසනාවකට කුනාල් සිං 2008 මියගොස් සිටියදී සොයා ගන්නවා. ඒවගේම මේ වෙද්දි සොනාලි බෙන්දේ්ර පිළිකාවක් සමඟ සටන් වැද සුව අතට පත්වෙමින් සිටිනවා. ක-ුනාල් මේ චිත්රපටියෙන් පස්සේ ජනප්රිය වුවත් ඊට පසු ආව චිත්රපට සේරම වගේ අසාර්ථක වූ නිසා ප්රධාන චරිතවල නම් හිටියේ නෑ. ඒත් අනු චරිතවල සිටියා.

කතාව ගත්තොත් ඉන්ටර්නෙට් ලව් එකක්. දැන් වට්ස්අප් ෆේස්බුක්වලින් ආදරය කරනවා වගේ ඉන්ටර්නෙට් ඉන්දියාවට ආව මුල් කාලයේ (1996-1999) අතර කාලයේ ඊමේල්වලින් ආදරය කරපු කතාවක් මේකේ තියෙන්නේ.
මේ චිත්රපටියේ ජනප්රියත්වයත් සමඟ මේක ඒ අවුරුද්දෙම හින්දි භාෂාවෙන් ප්රතිනිර්මාණය කරනවා දිල් හී දිල් මේන් කියලා. එස්. පී. බාලසුබ්රමනියම්, උන්නි මෙනන්, උන්නි ක්රිෂ්ණන් වගේ දක්ෂ ගායකයෝ ටිකක් මෙකේ සිංදු කියනවා. නිකමට ගූගල් සර්ච් කරල බලන්න මෙකේ සිංදු සහ මියුසික් ට්රැක් ගැන. තනිකරම පිස්සුවක්.
බලපු නැති කෙනෙක් හොයා ගන්න නැතිව ඇති. ඒත් බලල නැත්නම් යූටියුබ් එකේ බලන්න මේක.
 
දිනුක මලින්ද හේරත්
 
 
Back to top
Go to bottom

Popular News