lan englan tam

පුවත්

'සිංහබාහු' හොරකමක්; සැකකරු රිමාන්ඩ්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෝමරත්න දිසානයක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'සිංහබාහු' චිත්‍රපටය සිනමාශාලාවක් තුළදී ජංගම දුරකථනයකින් වීඩියෝ කර, යූටියුබ් සමාජ ජාලයේ ප්‍රදර්ශනය කිරීම පිළිබඳව කළ වංචාවක් පිළිබඳව පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

චිත්‍රපටය සාර්ථකව තිරගත වෙමින් තිබියදී මෙම වංචාසහගත ක්‍රියාව සිදු වෙමින් තිබියදී අධ්‍යක්ෂවරයා විසින් මේ පිළිබඳව දැනගනු ලැබීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගෙන තිබේ.
ඒ අනුව පසුගිය සතියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මෙය සිනමා ක්ෂේත්‍රයට කරන අපරාධයක් කොට අධ්‍යක්ෂවරයා විසින් සලකනු ලබන අතර අයෙකු සිරගත කිරීම පිළිබඳව සතුටු නොවුණත් සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් ගන්නා ලද නීතිමය පියවර ගැන තමන් සතුටු වන බව සෝමරත්න දිසානායක මහතා අවධාරණය කරයි.

Back to top
Go to bottom

Popular News