lan englan tam

පුවත්

සුශාන්ත්ගේ හිටපු පෙම්වතිය අන්කිතා ලංකාවට ඇවිත්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට වසර කිහිපයකට පෙර මිය ගිය බොලිවුඩයේ ජනප්‍රිය තරුණ නළුවෙකු වූ සුශාන්ත් සිං රාජ්පුත්ගේ දිගුකාලීන් පෙම්වතියව සිටි ඉන්දීය ටෙලිනාට්‍ය නිළි සහ නිරූපිකාවක වන අන්කිතා ලෝඛන්ඩේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සිය මව සමග ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවක් ඇය පළ කර ඇති අතර එහිදී ලංකාවේ ත්‍රීරෝද රථයක ගමන්ගන්නා හැටිද එහි ඇතුළත්ය.
අන්කිත මේ වන විකී ජේන්ගේ බිරිඳ වන නමුත්, ඉන්දියාවේ පවා බොහෝ විට ඇයව හඬුන්වන්නේ සුශාන්ත්ගේ හිටපු පෙම්වතිය ලෙසය.
සුශාන්ත් සහ අන්කිතා සිය 'පවිත්‍ර රිශ්තා' නාට්‍යයෙන් පෙම්වතුන් යුවලක් ලෙස ප්‍රේක්ෂකයින්ගේ හදවත් මුල සිටම දිනාගැනීම එයට හේතුවයි.
ශ්‍රී ලංකාව හොඳ සංචාරක ගමනාන්තයක් වන බවට අන්කිතාගේ මෙම සංචාරය තුළ පෙනෙන්නට තිබේ.

Back to top
Go to bottom

Popular News