lan englan tam

පුවත්

භාවාත්මක හඬින් දූවිල්ලෙන් වත්සුණු තැවරූ මොරිස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මොරිස් විජේසිංහ භාවයට මුල් තැන දෙන හඩ ලයිස්තුවේ මුදුනින්ම ඉන්න මෙතුමා මෙරට බොහෝ රසිකයන් ආදරය කල ගායකයෙක්... විවිධ භාෂා වල ගී ගැයුමට හපන් එතුමා රංගන ශිල්පියෙක් ලෙසද අප දැක්කා...

දූවිල්ලෙන් වත්සුණු තවරා ගීය එක්ක සප්ත කනයා සලරුවේ මාහැඟි මතකයක් එක් කල මෙතුමා රසයෙන් පිරී ගී රැසක් ගැයුවා... ඒ අතර ඔබ එන්න ගීතය අතිශය ජනප්‍රිය වූවා..අචාර්ය කේමදාස යන්ගේ සංගීතය ට බොහෝ ගී ගැයු එතුමා ජුලියට්ගේ භූමීකාව සලරුවේ සහ වෙස් මුහුණ ටෙලියේ ගී ගැයුවා. රෝහණ විරසිංහයන්, ආනන්ද ගමගේයන්, නවරත්න ගමගේ වැනි සංගීත වේදීන් එතුමාට ස්වර්ණමය තනු නිමවූවා. දැකෑති මුවහත ටෙලිනාට්‍ය තේමා ගීය ගයා සුමති සම්මානද ලද ඔහු නාලන් මෙන්ඩිස් මහතාගේ නෑදෑයෝ ටෙලි නාට්‍ය යේද රගපෑවා.ඒ අයිවන් සහ සුභා එනම් ශ්‍රියන්ත සහ යශෝධා ගේ සංගීත මිතුරා ලෙස ගිටාරය වයමින් ... ඔහු වසන්තා තිලකාංගනී සමග ගැයු දයාබරිය නුබ මාගේ(තනුජා ධර්මපාල ලියූ කසුන් කල්හාර සංගීතය නිමවූ) ලස්සන ගීයක්...කැලිප්සෝ කණ්ඩායම ක්ද පවතපවත්වා ගෙන ගිය ඔහු French ,Spanish ගී වගේ වෙනත් භාෂා වල ගී ගැයුවා. ඉතා ගැඹුරු හඩක් හිමි ඔහු විදේශගතව තමා හිටියේ බොහෝ කල්.. අද අප අතර නැතත් ඒ හඩ ට බොහෝ අය ආදරෙයි... මතක් කරමු ඒතුමා ගැන මට අමතක වූ දේ. එතුමා ට මොක් සුව පතමු මේ අවකාශයෙන්...

ඉසුරු නානායක්කාර 'සිනමාවේදීන්' වෙත කළ සටහනකි.

Back to top
Go to bottom

Popular News