සීනුව නාද වෙයි. ශාලාවේ විදුලි පහන් දැල්වෙයි. සිනමා සිහින ලෝකයේ සිටි සුමනා සහ යෙහෙළියෝ සාමාන්‍ය ලෝකයට එක්වීමට ශාලාවේ ප්‍රධාන දොරින් එලියට බසිති.
"පින්තූරය හොදද? වැඩ කරන්නේ සමූපකාරයේ නේද? ඔයා කොහොමද දන්නේ? මම දැකලා තියෙනවා නිතර මෙතනින් යනවා. ලබන සතියේ අලුත් චිත්‍රපටයක් එනවා. කලින් කිව්වොත් සීට් වෙන්කරලා තියන්න පුලුවන්."
මේ සිනමා පටයක දෙබසක් නොවේ. දේහධාරී කඩවසම් පුද්ගලයකු වූ සිනමා ශාලාවේ කලමනාකරු වූ සෙල්වරාජ් හා චිත්‍රපටය බැලීමට පැමිනි සුමනා අතර ඇතිවූ සුහද කතාබහකි. සිත්තම්පලම් යනු උතුරු මැද පලාතේ තිබූ හොදම උපකරණ හා පහසුකම් තිබූ සිනමා හලකි. මුලදී එහි ප්‍රදර්ශනය කලේ සිලෝන් තියටර්ස් සමාගමේ චිත්‍රපටය.
ඒ කාලය හරිම සුන්දරයි. හැම ජාතියකටම අයත් පිරිස් චිත්‍රපට බැලීමට ශාලාවට එනවා. ඒ කාලයේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම හරිම එකමුතුයි. සෙල්වරාජ් තම අතීතය ස්මරණය කරයි. 1980 න් පසුව තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. සිත්තම්පලම් ගිනිබත් විය. එය බේරා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොතිබිනි.
1958 වර්ෂයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රසිකයන් පිනවූ සිත්තම්පලම් නිහඩ විය. සියල්ල වල්බිහි විය. වවුලන් බොක්ස් සීට් වල අසුන් ගත්හ. අවුරුදු 33 කට පෙර සිදුවූ අමානුෂිකත්වයේ මතක සටහන් පමනක් ඉතිරි විය. කොලු ගැටයෙකු ලෙස කුරුණෑගල ප්‍රදේශයෙන් සිනමා ශාලාවේ වැඩට පැමිනි ජයසේන තවමත් නටබුන් වූ තම පැරණි සේවා ස්ථානය රැක බලා ගනියි. දැන් ඔහුගේ වයස අවුරුදු 65 කි. ජීවිතයේ සැන්දෑ සමයට පිවිස සිටින සෙල්වරාජ් ගේ වයස 73 කි. සුමනා ආගමට දහමට සම්බන්ධ පොත් පත් කියවමින් කාලය ගත කරයි.ඔවුන් දෙදෙනා ජීවත්ව සිටින්නේ පැරණි සිනමා ශාලාව ආසන්න නිවසකය. ගරා වැටුන සිනමා ශාලාවේ සරුවට වැවුණු ගස් අතරින් යම්තමට පෙනෙන සිත්තම්පලම් යන අකුරු දෙස තවමත් ඔවුන් බලා සිටිති. ඒ ඔවුන් පෙමින් වෙලුනු සිත්තම්පලම් ශාලාවට නැවත වතාවක් යාමට හැකිවේදැයි සිතමිනි.
මාධ්‍යවේදී සරත් මනුලවික්‍රම 2018 වසරේදී කැටමරාන් වෙබ් අඩවියේ පළ කළ ලිපියකි.