lan englan tam

පුවත්

දීපිකාගේ අලුත් ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය, ප්‍රවීණ ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී විසින් ගායනා කරන ලද අලුත්ම ගීතය එළිදක්වා තිබේ.

ඒ පිළිබඳව දීපිකා ප්‍රියදර්ශනිය විසින් තැබූ සටහන මෙසේය.


"පස් අවුරුදු වියේ සිට ගිටාරය අතට ගත් නාලක අංජන කුමාර නම් වූ කොලු ගැටයා අද වන විට ශ්‍රී ලාංකේය සංගීත ක්ශේත්‍රයේ දැවැන්තයෙකු වී හමාරය. විශේෂයෙන්ම මේ සටහන මා අද තබන්නේ ඒ විශිෂ්ට සංගීතවේදියා හට සුබ පැතීමටද අවස්ථාවක් කර ගනිමිනි. නිහඬ කලාව තුලින් ඔහු මතු කරන රස උල්පත කෙබඳු දැයි තේරීම රසික ඔබට භාර කරමි.
මේ ගීතය ගේය පද රචනය සුනිල් ශාන්ත කුමාර ගෙනි.සංගීතය සේම යුග ගායනය නාලක අංජන කුමාර විසිනි.විශේෂත්වය වන්නේ රජ්ජුමාලා චිත්‍ර පටය වෙනුවෙන් සැකසූ මේ ගීතය නිර්දේශිත චිත්‍රපට ගීත අතරට එක්වූ ගීතයක් ද වීමයි.
ඉතින් ප්‍රිය රසික ඔබට මෙය රස විඳ ඔබේ අදහස් වෙනුවෙන් ඉඩ හසර ලබා දෙමි.

දීපිකා ❤️"

Back to top
Go to bottom

Popular News