lan englan tam

පුවත්

ක්‍රිෂ් 4 මීළඟ නිළිය ශ්‍රද්ධා නොවේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රිතික් රෝෂන් රංගනයෙන් දායක වන ක්‍රිශ් 4 සමඟින් ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වීම පිළිබඳ වාර්තා වෙමින් තිබෙන නමුත්, ඒ සියල්ල කටකතා පමණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රිෂ් 4 යනු මේ වන විට ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන වඩාත්ම බලාපොරොත්තු තබන චිත්‍රපටය වෙන අතර චිත්‍රපටයේ මෙවරද සුපිරි වීරයා වන්නේ රිතික් රෝෂන්ය.
චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර එහි පිටපතෙහි අවසාන කටයුතුද සිදු වෙමින් පවතී.
කෙසේනමුත්, චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම පවසන්නේ "චිත්‍රපටයේ කටයුතුවල රංගන ශිල්පීන් පිළිබඳව කටකතා අසත්‍යයි. අපි තවම නළු නිළියන් තේරීමේ කටයුතු ආරම්භ කර නැහැ." යනුවෙනි.

Back to top
Go to bottom

Popular News