lan englan tam

පුවත්

මැර දේශපාලනයේ - පාතාලයේ මුහුණුවර ගෙන 'ගිනි අවි සහ ගිනිකෙළි 2 '

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගිනි අවි සහ ගිනිකෙළි 2 චිත්‍රපටය සැප්තැම්බර් 26 වැනිදා සිට තිරගත වීමට නියමිතය.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළි දක්වා තිබේ.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ අනුවර්තනයක් ලෙස නිර්මාණය කරන ලද චිත්‍රපටයේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්, ලකී ඩයස්, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ජගත් බෙනරගම යනාදීහු රංගන දායකත්වය සපයති.
Eඇඵ් මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිත චිත්‍රපටය මැර දේශපාලන හා පාතාල ලෝකය අලලා අනුර හොරේෂස් විසින් රචිත උදයකාන්ත වර්ණසූරිය විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයකි.
චිත්‍රපටයේ කතාව - අනුර හොරේෂස්, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය, කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංගීත අධ්‍යක්ෂණය - චිත්‍රාල් සෝමපාලගෙනි.

Back to top
Go to bottom

Popular News