lan englan tam

පුවත්

කෘතියක් ලෙස එළි දකින සත්‍ය කතාව; මන්දෝදරී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඕනෑ ම ප්‍රබන්ධ කෘතියක් (නවකතා, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා, ටෙලි නාට්‍ය වෙනත් ඕනෑ ම කලා නිර්මාණයක්) ප්‍රබන්ධ කිරීමේ දී: ප්‍රබන්ධකරුවා හෝ ප්‍රබන්ධකාරිය සිය ප්‍රබන්ධ ශක්‍යතාව කෙතරම් උපස්තම්භක කර ගත්ත ද එහි මූල බීජය පැවතෙන්නේ එක් පුද්ගලයෙක් හෝ සිද්ධියක් අනුභූතියක් ලෙස පාදක කරගනිමිනි. එහෙත් එකී අනුභූතිය හෝ අනුභූති කිහිපයක් තනි කෘතියක් තුළින් පිළිබිඹු කළ ද කිසියම් කතුවරයකුගේ හෝ කතුවරියකගේ ප්‍රබන්ධ කතාවක් සපුරා ම සත්‍ය කතාවක් වෙතැයි කිසිවකු පිළි නොගන්නට පිළිවන.

කිසියම් කතුවරයකු හෝ කතුවරියක එලෙස ප්‍රබන්ධ කරන්නේ නම් ඒ කිසියම් පුද්ගලයකුගේ ජීවිත පවත ඇසුරින් කළ නිර්මාණයක් විය හැකි ය. එහෙත් කිසියම් පුද්ගලයකුගේ සිහිනමය ක්‍රියාපටිපාටියක් ප්‍රබන්ධයක් ලෙස සමාජ ගතකිරීම පහසු ක්‍රියාවක් නොවේ.

අපි අත් දැක තිබෙන තත්ත්වය එසේ වුව ද අද ථෙ ළේඩෙර් ඨ්V ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඔබ සම්මුඛ වන්නේ සත්‍ය ම සත්‍ය සිද්ධියක් ප්‍රබන්ධයකට නැගූ සාහිත්‍ය ප්‍රබන්ධකරුවෙකි. ඔහු සිය ප්‍රබන්ධය නම් කර ඇත්තේ ‘‘මන්දෝදරී’’යන මැයෙනි.

මන්දෝදරී යනු කවුද, ඇය මන්දෝදරිය වූයේ කෙසේ ද යන්න දැනගැනීම සඳහා කෘතියේ රචක, ප්‍රවීණ ප්‍රබන්ධ ලේඛක මොහාන් රාජ් මඩවල සමග කළ මේ විඩියෝ සංවාදය නරඹන්න.

සටහන - ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News