lan englan tam

පුවත්

තාත්තගේ ඝාතනය කීවම ආ තර්ජන අවසන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය ගී පද රචනා කලාවේ සදා නොමැකෙන තාරකාවක්, ජීවිතයෙන් සමු ගත්තද තවමත් ජනප්‍රියත්වයෙන් නො අඩු සන්නිවේදකයෙකු හැටියට ප්‍රේමකීර්ති ද අල්විස් හැඳින්විය හැකිය.

ඔහුගේ ඝාතනය සහ ඒ පිළිබඳව කතාන්දර මෑතකදී යළි කතාබහට ලක් වූයේ ප්‍රේමකීර්ති ඝාතනයට ලක් වී වසර 35ක් ගත වීම හේතුවෙනි.
ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පුත් පූර්ණද ඔහුගේ පියාගේ මරණයේ වේදනාවෙන් සිය මුළු ජීවිත කාලයම ගෙවීමට සිදු වූ තැනැත්තෙකි. ඒ ගැන පූර්ණ නිතර කතාබහට ලක් කරන අතර බොහෝ විට එම සිදුවීමේ සැකකකාර පාර්ශ්ව පිළිබඳවද විවෘතවම සඳහන් කරයි. එහිදී තමන්ට ජීවිත තර්ජන ආ බව පූර්ණ අද (23) දිනයේ හෙළි කර තිබිණි. කෙසේනමුත්, ඉදිරියේදී ඔහුට එවැනි තර්ජන සිදු නොවනු ඇති බව පූර්ණ ඒ සමගම පවසා තිබිණි.
"තාත්තාව මතක් කරල, ඝාතනය ගැන ඇත්ත කියල අපේ පවුලේ පිංතූරයක් දාපු හැමවෙලාවකම "ඕවා අයින් කරපන්" කියල තර්ජනය කරපු අයට දැන් කියනවා. පුලුවන් නම් අදින් පස්සෙ එක පාරක් එහෙම කරල බලන්න. ආස හිතෙයි................" යනුවෙන් ඔහු සිය සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කර තිබිණි.
රට තුළ එළඹි දේශපාලන වටපිටාව හේතුවෙන් පූර්ණ මෙම අදහස් දක්වන්නට ඇති බව පැවසෙන පරිදි පූර්ණ මෙය සඳහන් කර තිබිණි.

Back to top
Go to bottom

Popular News