lan englan tam

පුවත්

මාධ්‍යවේදී තරිඳුට අත නොතබනු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරිඳු ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ ආන්තීකරණයට ලක් වූ පිරිස් වෙනුවෙන් පෙනී සිටිමින් මාධ්‍යකරණයේ නියැලීම තෝරාගත් ස්වාධීන මාධ්‍යවේදියෙකි.

ලේඛකයෙකු සහ මෑතකදී සිනමාකරණ කටයුතු සඳහාද යොමු වී ඇති තරිඳු පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක, මිලේච්ඡ පාස්කු ප්‍රහාරය පිළිබඳව ගවේෂණාත්මකව සිය හඬ භාවිතා කළ අතර එහෙයින්ම ඔහු වෙත විවිධ බලපෑම් එල්ල වනු බොහෝ දෙනා විවේචනාත්මකව බලා සිටි කාලයක් විය.
වර්තමනානයේද ඒ සම්බන්ධයෙන් තරිඳු වෙත බලපෑම් එල්ල වනු දක්නට ලැබෙන අතර ඔහුට අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති නම් ඒ සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කටයුතු කරමින් සිටී.
තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට ඇති සැකය සඳහන් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත යොමු කර ඇති ලිපියට අනුව කුමන්ත්‍රණකාරී ලෙස තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගතහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඊබ්‍රහිම් සහ එහි ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින්න් සමන්විත මාධ්‍ය නිවේදනයකින් දැනුම් දී ඇත.

Back to top
Go to bottom

Popular News