lan englan tam

පුවත්

ඔහු කිව්වේ "අපි දෙන්නම Professional" කියා! කැමරා අධ්‍යක්ෂවරියකගේ ආදරය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මධුනි අලහකෝන් මේ වන විට ලන්ඩනයේ සිය කැමරා අධ්‍යක්ෂණ කටයුතු කරගෙන යන ශ්‍රී ලංකාවේ පළමු කැමරා අධ්‍යක්ෂවරියයි.

තම ඉලක්ක වෙත යාමට නම් ශරීරයට දැරිය හැකි බරක් මෙන්ම මානසික ශක්තියක් කාන්තාවන්ට තිබිය යුතු සේම තමන් ආසා කරන දේ කිරීමට ඇති ඉඩකඩද ඒ සඳහා බෙහෙවින් අත්‍යාවශ්‍යය.
මේ සියල්ල සඳහා ඇති අවස්ථා අවම රටක කාන්තාවක ලෙස මධුනි සිය ජීවිතයේ ඉදිරියට යාම අරඹන්නේ සිය විවාහයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපන සහ වෘත්තීය ඉලක්ක සැපිරීම සඳහා විදේශගත වීමෙනි.
ඇගේ සැමියා සම්මානනීය මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන කසුන් පුස්සවෙල ය.
කසුන්ගේ වෘත්තීය ජීවිතය මුල් ඇද තිබෙන්නේ ලංකාවේ වුවද මධුනි යන ඓතිහාසික චරිතය වෙනුවෙන් සිය ඓතිහාසික කාර්යය මදකට විරාම තබන්නට පියවර ගනී. කසුන්ගේ ප්‍රේමය පිළිබඳව මධුනි පවසන්නේ ප්‍රේමවන්තයින් පිළිබඳව බොහෝ දෙනා පවසනවාට වඩා වෙනස් කතාවකි.
බොහෝ පෙම්වතුන් මෙන් කසුන්ගේ භූමිකාව සාම්ප්‍රදායික එකක් නොවූ අතරම ඔහු තුළ ඇති දිරිගන්වන සුළු බව මධුනි පවසන්නේ ඒ පිළිබඳව ඇයද පුදුම වූ බව හෙළි කරමිනි.
මේ සියල්ල මධුනි පවසන්නේ පසුගිය සතියක විකාශය වූ Mirror Arts යූටියුබ් සංවාදයේදීය.

Back to top
Go to bottom

Popular News