lan englan tam

පුවත්

නීල් අලස් දශක හයක රංගන උපහාර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දශක හයකට ආසන්න කාලයක් පුරා වේදීකාව, සිනමාව, පුංචි තිරය හා ගුවන් විදුලිය තුලින් සුවහසක් ප්‍රේක්ෂකයින්, ශ්‍රාවකයින් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ රංගධර හා හඬ කැවීම් ශිල්පි නීල් අලස් මහතාගේ රංගන දිවිය ඇගයීමේ උලෙළක් සිංහල සංස්කෘති ආයතනය මගින් එම ආයතනයේ සුදර්ශි ශාලාවේදී ඔක්තෝම්බර් 25 වන සිකුරාදා දින සවස 5.00ට පවත්වනු ලැබීමට කටයුතු යොදා ඇත.

එයට සමගාමීව නීල් අලස් රංගනයෙන් දායක වූ චිත්‍රපට ත්‍රිත්වයක් එදින නොමිලේ ප්‍රදර්ශනය කිරීමට ද සංවිධායක පිරිස සැලසුම් කර ඇති අතර ඒ අනුව එදින උදැසන 10.00ට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "සතර පෙර නිමිති", සවස 2.30ට ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ "මුතු මැණිකේ" සහ සවස 6.30ට පරාක්‍රම සිල්වා අධ්‍යක්ෂණය කළ "බිත්ති හතර" යන සිනමාපට ප්‍රදර්ශනය කෙරේ.
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ප්‍රේක්ෂක සැමට විවෘත ආරාධනය පවතී.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News