lan englan tam

පුවත්

සත්‍යය විඳින්න 'මන්දෝදරී' කියවන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඕනෑ ම ප්‍රබන්ධ කෘතියක් (නවකතා, කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට, ඔපෙරා, ටෙලි නාට්‍ය වෙනත් ඕනෑ ම කලා නිර්මාණයක්) ප්‍රබන්ධ කිරීමේදී: ප්‍රබන්ධකරුවා හෝ ප්‍රබන්ධකාරිය සිය ප්‍රබන්ධ ශක්‍යතාව කෙතරම් උපස්තම්භක කර ගත්ත ද එහි මූල බීජය පැවතෙන්නේ එක් පුද්ගලයෙක් හෝ සිද්ධියක් අනුභූතියක් ලෙස පාදක කරගනිමිනි.

එහෙත් එකී අනුභූතිය හෝ අනුභූති කිහිපයක් තනි කෘතියක් තුළින් පිළිබිඹු කළ ද කිසියම් කතුවරයකුගේ හෝ කතුවරියකගේ ප්‍රබන්ධ කතාවක් සපුරා ම සත්‍ය කතාවක් වෙතැයි කිසිවකු පිළි නොගන්නට පිළිවන.
කිසියම් කතුවරයකු හෝ කතුවරියක එලෙස ප්‍රබන්ධ කරන්නේ නම් ඒ කිසියම් පුද්ගලයකුගේ ජීවිත පවත ඇසුරින් කළ නිර්මාණයක් විය හැකි ය. එහෙත් කිසියම් පුද්ගලයකුගේ සිහිනමය ක්‍රියාපටිපාටියක් ප්‍රබන්ධයක් ලෙස සමාජ ගතකිරීම පහසු ක්‍රියාවක් නොවේ.
අපි අත් දැක තිබෙන තත්ත්වය එසේ වුවද මීට ආසන්න දිනකදී Leader TV ඉදිරිපත් කළ ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග ඔබ සම්මුඛ වන්නේ සත්‍ය ම සත්‍ය සිද්ධියක් ප්‍රබන්ධයකට නැගූ සාහිත්‍ය ප්‍රබන්ධකරුවෙකි. ඔහු සිය ප්‍රබන්ධය නම් කර ඇත්තේ ‘‘මන්දෝදරී’’යන මැයෙනි.

මන්දෝදරී යනු කවුද, ඇය මන්දෝදරිය වූයේ කෙසේ ද යන්න දැනගැනීම සඳහා කෘතියේ රචක, ප්‍රවීණ ප්‍රබන්ධ ලේඛක මොහාන් රාජ් මඩවල සමග කළ මේ විඩියෝ සංවාදය නරඹන්න.

සටහන - ජයසිරි අලවත්ත

 

Back to top
Go to bottom

Popular News