lan englan tam

පුවත්

පාසල් සිසුන් විතරක්ම ඉන්න සිනමාපටය "රොකට්"!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශ කතාවට ප්‍රථම වරට පාසැල් ළමුන්ගේ නිර්මාණ දායකත්වයෙන් පමණක්ම නිමැවුණ "රොකට්" සිනමා පටය එළැඹෙන 25 වන දින සිට තිරගත වීමට නියමිතව ඇත.

මෙහි අධ්‍යක්ෂ දෙනුවන් සමරසිංහ අවුරුදු 20ක් වන අතර ලාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙසටද ඉතිහාසගත වනු ඇත. රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීය - සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමය ඉදිරිපත් කරන "රොකට්" සිනමා පටය සඳහා පාසැලේ සියළුම සිසු දරු දැරියන්ගේ සහ ගුරු භවතුන්ගේ පූර්ණ දායකත්වය හිමි වී ඇති අතර සීවලී විද්‍යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතාගේ ආශිර්වාදය මත එහි නර්ථනය, නාට්‍ය හා රංග කලාව විෂය භාර සකුන්තලා මුණසිංහ මහත්මියගේ අධීක්ෂණය හා මග පෙන්වීම මත "රොකට්" නිර්මාණය වී ඇත.
මෙහි රංගනයෙන් කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත, අමිල තන්ඩක්කාර, නදුන් දර්ශන, චතුරංග එරබද්ධ, ලෙවුහාන් මහවත්ත, උපාලි පිටිගල, පාලිත රණතුංග, රුවන් වඩුගේ, පුෂ්පකුමාර හෙරස්, සකුන්තලා මුණසිංහ, සනත් ලාල් කන්දේවත්ත ඇතුළු පිරිසක් එක්ව ඇති අතර පූර්ව ප්‍රචාරක පට නිර්මාණයෙන් සහ තිර පිටපත් රචනයෙන් නදුන් දර්ශන ප්‍රේමතිලක, කැමරාකරණයෙන් රුක්ෂාන් සංජය, සහය අධ්‍යක්ෂණයෙන් හා නර්තන වින්‍යාසයෙන් නදීර නදීශාන්, සංස්කරණයෙන් දෙනුවන් සමරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් චන්දික ද සිල්වා, සංගීත අධ්‍යක්ෂණයෙන් චන්දිප පතිරණ, ගී පද රචනයෙන් ඒරන්ද පුෂ්පකුමාර, ගීත ගායනයෙන් චානක නාගොඩ, කලාරා ආවිනි, මියුරු සෝමරත්න සහ චමල්කා ගයාති ද, ගී තනු නිර්මාණයෙන් පසිඳු ගිම්සර ඇතුළු පිරිසක් දායකත්වය දක්වා ඇත.
පිය පුතු අතර ඇති දාරක සෙනෙහස මෙන්ම නොසැලෙන අධිෂ්ඨාන ශක්තිය තුලින් තම අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු "රොකට්" චිත්‍රපටය සඳහා කතා තේමාව වී ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News