lan englan tam

පුවත්

දෙරණ ලක්ස් හෙට සිනමාව....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් පැවැත්වෙන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන, 'හෙට දින සිනමාව' ලාංකීය චිත්‍රපට උළෙල එළැඹෙන නොවැම්බර් 02 සහ 03 දිනයන්හීදී මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, නොවැම්බර් 02 වන දින උදැසන 10.30ට මේඝ සූරියආරච්චි අධ්‍යක්ෂණය කල "මැරීන් ඩ්‍රයිව්", එදින සවස 2.00ට රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කල "අවාළු පැහැ වලාකුළක්" ද, නොවැම්බර් 03 වන දින උදැසන 10. 30ට ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කල "ශේෂ" සහ එදින සවස 2.00 ට ඉලන්ගෝ රාම් අධ්‍යක්ෂණය කල "නෙළුම් කුළුණ" යන චිත්‍රපට තිරගත කිරීමට නියමිතව ඇත.
මෙම සෑම චිත්‍රපටයක් අවසානයේදීම අධ්‍යක්ෂවරයා එහි ප්‍රධාන නළු නිලියන් හා ප්‍රේක්ෂකයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇති මෙම චිත්‍රපට සියල්ල එම දිනයන් තුල ප්‍රේක්ෂක සැමට නොමිලේ නැරඹීමට පහසුකම් සලසා ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News