lan englan tam

පුවත්

හිටපු ජනපතිත් කතා කරන මොකක්ද මේ 3 Idiots?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය ඉන්දීය ලේඛකයකු වන චේතන් භගත් විසින් රචනා කරන ලද Five Point Someone නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරනු ලැබ, ලොව පුරා ජනප්‍රිය වූ 3 Idiots චිත්‍රපටය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ සඳහනකට මේ වන විට විශේෂ අවධානයක් ලැබී තිබේ.

five Point Someone නවකතාව 'තුන්මෝල්ලු' නමින් සිංහලයට පරිවර්තනය කරමින් ජනප්‍රිය ලේඛකයකු වන දිලීප අබේසේකරද ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ සිංහල පාඨක ප්‍රජාවට වරක් එහි පණිවිඩය රැගෙන යාමට කටයුතු කළේය.
හිටපු ජනාධිපතිවරයා සහභාගි වූ හමුවකදී ඔහු එහි සඳහන් කරන්නේ 3 Idiots යනු විහිළුකාරයන් ඉන්න විනෝදාත්මක චිත්‍රපටයක් බවයි. ඉන්දීය සිනමාවට මෙන්ම 3 Idiots චිත්‍රපටයටද ඇළුම් කරන්නන් ඔවුන්ගේ සිනමා සමූහ තුළ, තමන් විසින් පෞද්ගලිකව මේ පිළිබඳව මත දැක්වීම් කර තිබූ අතර එම චිත්‍රපටය පිළිබඳව ඒ හේතුවෙන් කෙටි සටහනක් තැබීම වටී.
3 Idiots චිත්‍රපටය නිර්මාණය වන්නේ 2009 වර්ෂයේ මෑතකදී ඉන්දියානු සිනමාවේ රජු වන ෂාරුක් ඛාන් සම්බන්ධ කරගනිමින් නිර්මාණය වූ Dunki චිත්‍රපටයේ අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි විසිනි. හිරානි සාමාන්‍යයෙන් සිය චිත්‍රපට සමාජීය, මානව සම්බන්ධතා කතා තේමාවන් විෂය කොට නිර්මාණය කරනු ලබන අධ්‍යක්ෂවරයෙකි. ඉහත කී 3 Idiots හින්දි චිත්‍රපටය හිරානි විසින් හාස්‍යමය චිත්‍රපටයක් ලෙස රචනා, සංස්කරණය සහ අධ්‍යක්ෂණය කරනු ලැබීම ඇත්තය. හිරානිගේ සම රචකයා ලෙස චිත්‍රපටයට දායක වන්නේ අභිජීත් ජෝශිය. විදු විනෝද් චොප්රා නිෂ්පාදනය කරන ලද මෙහි ආමීර් ඛාන්, ආර්. මාධවන්, ෂර්මන් ජෝශි, බෝමන් ඉරානි (දුෂ්ඨ චරිතය) යන ඉන්දීය දකුණු - උතුරු සිනමාව නියෝජනය කරන නළුවෝ දායක වූහ. කරීනා කපූර් ප්‍රධාන නිළි චරිතය රඟපෑවාය.
ඉංජිනේරු විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන හොඳම මිතුරන් තිදෙනෙකු වටා ඉන්දීය සමාජයේ අද්‍යාපන විෂමතාව ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස 3 Idiots එකල බෙහෙවින් ප්‍රසිද්ධ විය. අනෙක් අතට ජනප්‍රිය, වයසින් මුහුකුරා ගිය නළුවන් වෙතින් නූතනත්වය මනා ලෙස පෙන්නුම් කිරීමද මෙහි සුවිෂේශීව සිදු වී තිබිණි.
එවකට ඉන්දියාවේ ආරම්භක දිනයේ සිට ඉහළ ආදායම් ලැබූ චිත්‍රපට අතරට එකතු වූ 3 Idiotsහි බෙහෙවින් රසවත් ගීත ගණනාවක් අන්තර්ගත වී තිබිණි. නළු නිළියන්ගේ රඟපෑම් සඳහා ඉන්දීය ජාතික සම්මානය ඇතුළු ඉහළම සම්මාන හිමි විය. මුල් කතාව රචනා කළ චේතන් භගත්ගේ තවත් කතා තේමා බොලිවුඩයේ චිත්‍රපට වෙත ඇසුරු කරගැනීමද එයින් සිදු විය.

බොහෝ ඝෘණාත්මකව සිතන පතන සමාජයකට ධනාත්මකව සිතීමේ හැකියාව All is Well, ආදරයේ සිනමාත්මක බව Zoobi-Doobi, සමාජීය විෂමතා ශිෂ්‍යයින් වෙත බලපාන ආකාරය Give me some Sunshine වැනි ගීතවලින් ලබා දුන් දුන්නේය.

3 Idiots කතාව තවත් ගැඹුරුය. නමුත්, එය සැකෙවින් මෙසේය. 3 Idiots නරඹූ රසිකයින් මෙහි සඳහන් දෑට වඩා නිසැකවම බොහෝ කරුණු චිත්‍රපටය ගැන දන්නෝය. ඒ බව පසුගිය දින කිහිපයේදී බෙහෙවින් දකින්නට ලැබිණි. එහෙයින් මේ ලැබූ අවධානය හේතුවෙන් හෝ නොනැරඹූ මෙන්ම නැරඹූ ශ්‍රී ලාංකික සමාජය 3 Idiots යළි නැරඹීමට කාලය එළඹ ඇති බව පෙනෙන්නට තිබේ.

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom