lan englan tam

පුවත්

විසා සහ 'මනල්'ට ජය!!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෙරණ - ලක්ස් සිනමා සම්මාන 2024 ඊයේ (06) රාත්‍රියේදී උත්කර්ෂයෙන් පැවැත්වුණු අතර එහිදී 2023 වසරේ තිරගත වූ හොඳම සිනමාපටය ලෙස 'මනල්' චිත්‍රපටය සහ විසාකේස චන්ද්‍රසේකරම් චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විණි.

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමය පාදක කරගනිමින් ඒ තුළ බොහෝ විට බොහෝ දෙනෙකුට මගහැරුණු මෙන්ම ඇතැමෙකු නොදන්නාද හෘද සාක්ෂි විවරණයක් 'මනල්' තුළ කතාබහට ලක් වේ.
නීතීඥවරයෙකු, කථිකාචාර්යවරයකු, සාහිත්‍යධරයෙකු හා කලාකරුවෙකු ලෙසද හැඳින්වෙන විසාකේස හෙවත් විසාගේ තෙවන සිනමා නිර්මාණය වන 'මනල් නිමැවුණේ දෙමළ බසිනි. එය විසාකේස මීට පෙර නිර්මාණය කළ 'පාංශු' චිත්‍රපටයේම තේමා අනුවාදනයක් වේ.
'මනල්' තිරගත වීමේදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි උපසිරැසි යොදාගැනිණි. එහෙයින්ම 'මනල්'ට ලැබුණු මෙම සම්මානය සුවිශේෂී එකකි. මන්ද දෙමළ භාෂිත චිත්‍රපටකරණය වාණිජමය වශයෙන් ප්‍රවර්ධනය කිරීමටද මෙම ජයග්‍රහණය වැදගත් පියවරක් වනු ඇති නිසාය.
'විසා' මීට අමතරව 'සයපෙති කුසුම' චිත්‍රපටය 2016දී නිර්මාණය කළේය. මනල් ඇතුළු මෙම චිත්‍රපට තුනම දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකර ගත් චිත්‍රපට වේ.

'මනල්' කතා තේමාව
ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම් අගභාගයේ රජයේ හමුදා බාරයට පත්වන තරුණයෙකු ඉන් වසර පහකට පසුව රැඳවුම් භාරයෙන් නිදහස්ව සිය අතුරුදහන් වූ පෙම්වතිය සොයා ගැනීමට වෙහෙසෙන ආකාරය චිත්‍රපටයේ පෙන්වයි. එම අරමුණ වෙනුවෙන් මිථ්‍යාවට මෙන්ම අනපේක්ෂිතව තමන් කිසිසේත්ම අපේක්ෂා නොකරන මානුෂීය මෙන්ම මානසික අත්දැකීමකට මුහුණ දීමට ඔහුට සිදු වෙයි.

මනල් වෙනුවෙන් සම්මාන උළෙලේදී තවත් සම්මාන ගණනාවක් හිමි විය.

Back to top
Go to bottom