"මම ජාතික ජන බලවේගයේ නෙමෙයි, මම ජනතා විමුක්ති පෙරමුණේ" මෙසේ පවසන්නේ 'ජනා' වශයෙන් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන ජානක ක්රිෂාන්ත ය.
රසිකයින් දිනා ගනිමින් ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ නිර්මාණ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ආදරයෙන් වැළ්ඳ ගැනිණි.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන පසුගිය සතියේ 'මතක පද' සංවාදයට එක් වූයේ ජානකය.
"ආදරය කියන්නේ වචනයක් නෙවෙයි ක්රියාවක්" ජානක ක්රිෂාන්ත 'මතක පද' සංවාදයට එක් වෙමින් පවසන අතර එහිදී සිය දේශපාලන භාවිතාව සහ කලාව තුළ සිය සක්රීයතාව පිළිබඳවද පවසයි.
'මතක පද' සෑම සතියකම සිකුරාදා සවස 07ට 'මතක පද' යූටියුබ් නාලිකාවේ විකාශය වේ.