lan englan tam

විඩියෝ ගැලරිය

රට හැර ගියා කිව්වට මම ආපසු ඇවිත් අවශ්‍ය කෙනාට රාජ්‍ය බලයත් අරන් දුන්නා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"1964 ඉදලා මම මේ රටේ අගමැතිවරු ජනාධිපතිවරු එක්ක වැඩ කළා. සංස්කෘතික ඇමතිකමක් දෙන්නේ කිසිම වටිනාකමක් නැති කෙනෙකුට. කිසිම දෙයක් ගැන අසුභවාදී වෙන්නත් ඕනෑවට වඩා සුභවාදී වෙන්නත් ඕන නැහැ. සමාජයට දැනෙන දේ අපි කලින් දුටුවා. මේ දිනවල යන Clean Sri Lanka කියන්නේ භෞතික පිරිසිදුකම විතරක් නෙවෙයි. අභ්‍යන්තර අධ්‍යාත්මයට දේවල් ඇතුළු කරගත්තා නම් බුදු දහමම ඇති; අධිකරණ - පොලීසි ඕන නැහැ."

මෙසේ පවසන්නේ ශ්‍රී ලංකාවේ කෘතහස්ත රංගධරයකු වන බුද්ධදාස විතානච්චි වේ.
පසුගිය 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසූ අතර මේ වන විට රට තුළ ඇති දේශපාලන, සමාජීය වටපිටාව මෙන්ම අත්දැකීම් ඇසුරේ තමන් ලැබ ඇති පරිචයද බුද්ධදාස විතානච්චි සංවාදයේදී මනාව පෙන්වීය.
"මිනිස්සු මිනිස්සුන්ට ආදරය නැහැ. ලංකාවේ සමාජයේ අනිත් අයව අගය කරනවා හරි අඩුයි. ජනතාව දන්නෙත් නැහැ සංඛ්‍යාත ජනතාවට අයිතියි කියලා. මම කිසිම රූපවාහිනී නාලිකාවක් බලන්නේ නැහැ, බලන්න දෙයක් නැති නිසා. මම ලංකාවට ආවේ ජාතික ජන බලවේගයේ ආරාධනාවකට නෙවෙයි. ගොඩක් අය කිව්වා බුද්ධිත් රට හැර ගියා කියලා. ඒත් මම තීරණාත්මක මොහොතේ ආවා. මම බලාපොරොත්තු වුණ කෙනා ජනාධිපති කළා. ඔහුට රාජ්‍ය බලයත් අරන් දුන්නා." යැයි හෙතෙම නොබියව පවසයි.
රට තුළ විවේචන පසුබිමක් සහිත කාරණා ගැන පවා මෙම රංගධරයා පැවසූ කාරණා අධිමානයකින් තොර ඒවා විය. අධි තක්සේරුව හෝ අවතක්සේරුවකින් තොරව යමකට ඒකාත්මික වීම පිළිබඳව ප්‍රායෝගිකභාවයක් සහිත රංගධරයකු හැටියට බුද්ධදාස විතානාච්චි හැඳින්විය හැකි වේ.
මනෝහාරි හේවාවසම් සමග ඔහු මෙසේද පවසයි.

"කුල, ගෝත්‍ර, වංශ ඇති වුණ විදිහේ අක්මුල් දන්න කෙනෙක් කවදාවත් ජාතිවාදී වෙන්නෙත් නැහැ, කුලවාදී වෙන්නෙත් නැහැ. බස් ජනසතු කරපු කාලේ ජනතාව ගියේ 'බෙන්ස්' බස්වල. මේ ප්‍රශ්නය ඇති වුණේ පුද්ගලීකරණය වුණාට පස්සේ. මාසයක් තුළ ඇති වුණ වෙනස බලන්න. නීතිය ක්‍රියාත්මක වෙනවා, බදු නොගෙවපු මත්පැන් කොම්පැනිකරුවන් බදු ගෙවනවා. සේකරගේ උත්තරය සමාජය දවසින් දෙකෙන් බිහිවෙන්නේ නැහැ. හමුදුරුවෝ කෙනෙක්ගේ චරිතයක් ලැබුණත් මට ලැබෙන්නේ නායක හමුදුරුවෝ කෙනෙකුගේ චරිතයක්. මා මිය ගියත් මා ගැන කතා කරන්න පුළුවන් චරිත සමාජයේ ඉතිරි වෙලා තියෙනවා. ජීවිතේ කියන්නේ උපන්දා සිට අවුරුදු 100ක් ලබන අත්දැකීමක්. මම සිරගත වුණේ වැරදි කරලා නෙවෙයි ඇත්ත කතා කරලා. මම යාපනයේ රැකියාව කරනකොට ප්‍රභාකරන් පොඩි ළමයෙක්." යැයිද හෙතෙම පවසයි.

Back to top
Go to bottom