lan englan tam

විඩියෝ ගැලරිය

Previous Next

තාත්තලාගේ සින්දු කියන්න; කන්න එපා ප්ලීස්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පසුගිය වැඩසටහනට ශ්‍රී ලංකාවේ සදා අනුස්මරණීය කලාකරුවන් ගණනාවකගේ දූවරුන් කිහිප දෙනෙකු එකවර සහභාගි වීම සිදු විය.

ඉතා දුර්ලභ ලෙස කලාකරුවන්ගේ දියනිවරුන් ගණනාවක් එකවර සහභාගි වූ වැඩසටහනක් ලෙස මෙවර වැඩසටහන හැඳින්විය හැකිය.
එහිදී සිය පියවරුන් ගායනා කළ ගීත, ඔවුන්ගේ ජීවිතයේ රසවත් තැන් යනාදිය බොහෝ උද්යෝගයෙන් කතාබහ කෙරුණ අතර බොහෝ අවස්ථාවල සිදු නොවන පරිදි තම පියවරුන්ගේ ගීත ගායනා කිරීමද මෙම දියනිවරුන් විසින් එහිදී සිදු කෙරිණි.
පුතුන් පියවරුන්ගේ ගීත ගායනා කිරීම නිතර දක්නට ලැබුණද දියවරුන් විසින් ගීත ගායනා කරනු ලැබීම ගීතවලට තවත් රසයක් එක් කර තිබිණි.
වැඩසටහනේදී තම පියවරුන්ගේ ගීත වෙනත් ගායකයින් විසින් ගායනා කරනු ලැබීම උසස් ලෙස ඇගයීමට ලක් වන අවස්ථා මෙන්ම ඒවා විනාශ කරන අවස්ථාද දක්නට ලැබෙන බව එහිදී කතාබහට ලක් කෙරිණි. එම ගීත ගායනා කළද ඒවායේ රස විනාශ නොකරන ලෙස මෙම දියනිවරු වත්මන් ගායන පරපුරෙන් දැඩිව ඉල්ලා සිටියහ.

Back to top
Go to bottom

Popular News