යුරේනි නොෂිකා තරුණ ජනප්රිය රංගන ශිල්පිනිය පසුගිය Mirror Arts යූටියුබ් සංවාදය සමග එක් වූවාය.
මනෝහාරි හේවාවසම් සමග සංවාදයට එක් වන යුරේනි එහිදී සංක්ෂිප්තව අවධාරණය කළේ 'පිට කවරෙ බලා කිසිවෙකු මනින්න එපා' යන්නයි.
කලාකරුවන් කී පමණින් ඔවුන්ගේ රඟපෑම්, ඉදිරිපත් කිරීම් හේතුවෙන් ඔවුන් පිළිබඳව නිර්වචන දෙන සමාජයට යුරේනි වටිනා පණිවිඩයක් සහ කලාකරුවන් සිය කලා ජීවිතය ගොඩ නගා ගැනීමට කරන අරගලය පිළිබඳවද බොහෝ කාරණා විවරණය කළාය.
යුරේනි වසරක් බොලිවුඩයට අවතීර්ණ වීම උදෙසා ඉන්දියාවට ගොස් ජීවත් වූ රංගන ශිල්පිනියකි. නමුත්, එම තරඟයට ඇය මුහුණ දුන් ආකාරය සහ එහි ඇති අභියෝගාත්මක බව යුරේනි ප්රකාශ කළේ ඒ සඳහා වෙහෙසෙන තරුණ තරුණියන් වෙතද අවධාරණය කරමිනි.
සිය ජීවිතයේ කටුකත්වය මෙන්ම මේ වන විට අත් විඳින සාර්ථකත්වය පිළිබඳවද සතුටින් සාකච්ඡා කළ යුරේනිගේ සංවාදය Mirror Arts යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.