ඔහු විටෙක රංගන කුසලතාව හේතුවෙන් කතා බහට ලක්වන චරිතයක්. තවත් විටෙක දේශපාලනය ඔහු කරළියට රැගෙන එනවා. ජගත් මනුවර්ණ කොඩිතුවක්කු. මේ දවස්වල මොනවද කරන්නේ. රඟපෑමෙන් ඉවත් වෙලාද? පූර්ණකාලීන දේශපාලන කටයුතුවල නිරත වෙලාද? එහෙමත් නැත්නම් මේ වෙද්දී Shooting ද? මීවිත අද කතා බහ ඔහු සමඟ......
මේ දවස්වල Shooting නැද්ද? Tele dramas?
ඇත්තටම මේ දවස්වල Tele dramas වල වැඩ නැහැ.... වේදිකා නාට්‍ය ගත්තොත් එකක් කරනවා. තරමක කාලයක ඉඳන් කරන වේදිකා නාට්‍යක් තිලක් නන්දන හෙට්ටිආරච්චිගේ ගබ්සාව වේදිකා නාට්‍යය. ඊට අමතරව ඔස්ටේ්රලියාවේ ඉන්නවා කර්ෂ්ක රාජපක්ෂ කියල නාට්‍ය කරන තරුණයෙක්. ඉතිං ඒ නාට්‍යයේ ප්‍රදර්ශන කටයුතු කෙරෙනවා ඉදිරියේ දී. ඒ හැරුණුකොට ටෙලිනාට්‍ය නං නෑ.
ටෙලි නාට්‍ය භාරගත්තේ නැද්ද? ආරාධනා ලැබුණේ නැද්ද?
කොටස් දහය පහළොව කරලා වැඩ ඉතිරි වූ ටෙලි නාට්‍ය ගණනාවක්ම එන්න තියෙනවා.
එන්න තියෙනවා කිව්වේ?
පහුගිය කාලේ ටෙලිනාට්‍ය ගණනාවක් කළා. නාලිකා වලට කොටස් කිහිපයක් කරලා දුන්නම තමයි ඔවුන් කියන්නේ ඒ නාට්‍ය කරන්නද එපාද මොකද කියලා. ඉතිං එහෙම කරපු නාට්‍ය ගණනාවක් තියෙනවා. මොනවද ඒවාට හේතු කියලා නං මට ඉතිං තේරෙන්නේ නෑ. ඇත්තටම කිව්වොත් මං හිතන්නේ බෙල්ට් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. වෙන රටවල නාට්‍ය ගෙනල්ලා පුරවලා ඉවරයිනේ. ලංකාවේ නාට්‍ය දාන්න තැනක් ඉතුරුවෙලා නෑ. ඉතිං නාට්‍ය යන්නේ නෑ. අනික ඉතිං ඔය ටෙලිවිෂන් බිස්නස් එක ගැන මට තේරෙන්නේ නෑ. මොකද මම එකේ නෑනේ. ගිහිල්ලා රඟපාලා එනවා මිසක් මං ඒකත් එක්ක ඔට්ටු වෙච්ච කෙනෙක් නෙමෙයි. එතනින් එහාට හොයන්න බලන්න ගියේ නැති නිසා මට තේරෙන්නේ නෑ මොකක්ද ඒ වෙලා තියෙන්නේ කියලා.
එතකොට ඒ දේවල් ගැන තේරුමක් නැතුවද පහුගිය කාලේ ඒ දේවල් ගැන කතා බහ කළේ?
අපි ඉතිං ඒ දේවල් තේරුම් ගත්ත විදිහක් තිබුණා. ඒවාට උත්තරත් හැදුවා. ඒවාට ඉතිං ප්‍රතිචාරත් නෑ.
චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැද්ද?
අවුරුදු ගාණකින් film එකක් කළේ නෑ. මේ අවුරුද්දේ නං film දෙකක් විතර ඇවිත් තියෙනවා act කරන්න. හැම අවුරුද්දේම කියනවා වගේ මේ අවුරුද්දෙත් බලාපොරොත්තුවක් තියෙනවා ෆිල්ම් එකක් කරන්නත්.
මේ අවුරුද්දෙත් ඒක බලාපොරොත්තුවක්ම විතරක් වෙයිද?
එහෙම වෙන එකක් නෑ. සුනිල් ටී. මහත්මයා ඒ film එකට සල්ලි දෙන්නං කියලා තියෙනවා. සුනිල් අයියා තමයි producer විදිහට ඉන්නේ. ඒක මාර්තුවල විතර shoot කරන්න plan එකක් තියෙනවා.
මොකක්ද චිත්‍රපටියේ තේමාව?
ඒක අපි film එක ආවට පස්සේ බලමුනේ...
තේමාවවත් කියන්න බැරිද...
බැරි නෙමෙයි ඉතිං... political thriller පැත්තට බර එකක්.
විඡේවීර ගැන ලියෑවුණ කතාවද?
නැහැ. ඒකේ මම රගපානවා. නමුත් මම කරන්නේ විඡේවීරගේ කතාව නෙමෙයි. මේක වෙනස්ම කතාවක්.
කාගේද script එක?
script එක මමයි නාමල් ජයසිංහයි දෙන්නම ලියන්නේ
දේශපාලනය ගෑවෙන්නම ඕනද?
දේශපාලනය ගෑවිලමයි කියන්න බෑ ඒකට ජනප්‍රිය දේශපාලනය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නිකම්ම නිකං film එකක් කරනවට වැඩිය මාව නියෝජනය කරන මගේ යම් මතවාදයක් තියෙනවනං මං කැමතියි.
දේශපාලනය හා සම්බන්ධ දැන්වීම්වල ජගත් මනුවර්ණ පෙනී ඉඳලා තියෙනවද?
දැන්වීම්වල මං ඉඳලම නෑ. යම් මැදිහත්වීම් කළා. නමුත් දේශපාලන දැන්වීමක මං කවදාවත් ඉඳලා නෑ. කිසිම පක්ෂයක් නියෝජනය කරන දැන්වීමක මං ඉඳලත් නෑ. කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන දේශපාලන රැලියක මං වාඩිවෙලත් නෑ.
එතකොට පහුගිය කාලේ?
මම වැඩ කළා. මම දේශපාලන වේදිකාවලත් හිටියා. ප්රවෘත්ති සාකච්ඡාවලත් හිටියා. ඒ හිටියේ සිවිල් සංවිධාන විදිහට සහ අපි නියෝජනය කළේ අපට අනන්‍ය වූ අපේ මතවාදයක් මිසක් දේශපාලන පක්ෂයක මතවාදයක් නෙමෙයි.
දේශපාලන පක්ෂ නියෝජනය කරන අය ඔබ සමඟ එක පෙළට ඉන්නවා, අසුන් ගෙන ඉන්නවා දකින්නට ලැබුණේ.......
ඔව්... දේශපාලන පක්ෂ නියෝජනය කරන අය ඇවිල්ලා අපිත් එක්ක වාඩිවෙලා හිටියා. ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඒ මොහොතේ අපේ මතය සමාජයට අරං යන්න අපිට සමහර උපක්‍රම භාවිත කරන්න වුණා. ඒ අවස්ථාවල අපේ මතය දරන අයට අපිත් එක්ක ඉන්න අපි ඉඩ දුන්නා මිසක් වෙන දෙයක් නෙමෙයි.
කෙනෙක් චෝදනා කළොත් ඔබ කියන ඔය අපි කියන උදවිය පෙනී හිටියෙත් පුද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් කියලා......
එහෙම කියනවා නං ඔය කියන පෞද්ගලික න්‍යාය පත්‍රය මොකක්ද කියලා මම අහන්න කැමතියි. එහෙම එකක් තිබුණා නං පැහැදිලිව පේන්න තියෙන්න එපැයි.
ගෙදර විස්තර කියන්න අකමැතිද?
මං හිතනවා මගේ පෞද්ගලික ජීවිතය පාඨකයාට
කියලා වැඩක් නෑ කියලා .
යුගන්ති යශෝදරා