*ඇත්තට ම පෙබරවාරි 11 හවස 7 ට නෙළුම් පොකුණෙ මොකද වෙන්නෙ ?
යුග යුග රැව්දුන් යුග ගී පොකුරක් ලංකාවෙ පළවෙනි වතාවට එක ම වේදිකාවක රැව්දෙනවා
*ඒ කිව්වෙ ?
රූකාන්ත චන්ද්‍රලේඛා - කසුන් උරේෂා - අතුල සමිතා - භාතිය උමාරා - සන්තුෂ් නිරෝෂා ගයන ලස්සන ම ලස්සන යුග ගී වගේම තනි තනිව ගයන ලස්සන ම සිංදු ඔයාට එදාට රස විඳින්න පුළුවන්.
*නෙළුම් පොකුණෙ එළියෙ ?
ඒකනේ කියන්නෙ.. මේක අමුතු ම වැඩක්, එල් ඊ ඩී වෝල් - ලයිට්ස් - සවුන්ඩ්ස් - මේ ඔක්කොම හරි මාත්‍රාවට එකතු කරපු ක්ලැසික් වැඩක් ඒක..!
*ඊඩ්න් උයනේ ලා දම් හැන්දෑව ?
අන්න හරි, කාලෙකින් උදාවෙන අමුතු ම හැන්දෑවක්. ඔයත් එනවනේ ?
*ඒත් ඕක වැලන්ටයින් කොන්සට් එකක් නේද? තනියම එන එක අවුල් වගේ..
පිස්සුද ඔයාට. මේක හැමෝට ම විවෘත කොන්සට් එකක්. ඔයා කැමති නම් ආදරේ කරන කෙනා එක්ක එන්න. එහෙමත් නැත්නම් පවුලේ අයත් එක්ක එන්න.. තනියම ආවත් නිදහසේ රස විඳින්න පුළුවන්. කවුද දන්නෙ ආදරේ කරන කෙනා එතනදි හම්බවෙයිද කියල.
* ආ මට අහන්න අමතක වුනා. කවුද මියුසික් කරන්නෙ එදාට?
සුරේෂ් මාලියද්ද ප්රමුඛ අතිදක්ෂ ශිල්පීන් කණ්ඩායමක් ඒ වැඩේ තිතට කරන්න ලෑස්තියි. වැඩේ ඉදිරිපත් කරන්නෙ කැළුම් ශ්‍රීමාල් එක්ක සඳමාලි හේවාමද්දුම. එහෙනං හරිනේ?
* තෑන්ක්ස් මේ තොරතුරු ටික කිව්වට. එදාට හම්බවෙමු එහෙනං.
ඕකේ, ඔයා එනකං මං බලන් ඉන්නවා.