“නාඳුනන තුවක්කුකරුවාගේ කතාව” අප්‍රේල් 23 එළිදකියි
හෙන්රි වර්ණකුලසුරිය සම්පාදනය කළ “නාඳුනන තුවක්කුකරුවාගේ කතාව” කෘතිය අප්‍රේල් 23 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
ඒ එදින සවස 3.30ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ය.
එදින මුඛ්‍ය අදහස් දැක්වීම ආචාර්ය ලයනල් බෝපගේ විසින් සිදු කරන අතර කතිකාව මෙහෙයවීම ධර්ම ශ්‍රී කාරියවසම් විසිනි. ජනගත කිරීම සම්බන්ධයෙන් ලේඛක හෙන්රි වර්ණකුලසුරිය සිය අදහස් මෙසේ සටහන් කර තිබුණි.
“ඔවුනොවුන්ගේ මතවාද හා භාවිතයට අප කොයි තරම් දුරට එකඟ වෙනවාද නැද්ද කියන ප්රශ්නය පැත්තකින් තිබ්බොත් නාඳුනන තුවක්කුකරුවන්ගේ යුගයේ ජනතා විමුක්ති පෙරමුණ එක්ක අනුගතව සිටි පිරිසක් තමයි දැන් ජාතික නිදහස් පෙරමුණත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක ඉන්නේ.
"නාඳුනන තුවක්කුකරුවාගේ කතාව" එළි දැක්වෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වූ ලයනල් බෝපගේ "බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද ?" යනුවෙන් පවත්වන දේශනයෙන් මතු වන කරුණු පිළිබඳ ඔවුනොවුන්ගේ අදහස් දක්වන්නට ජවිපෙ, ජානිපෙ, පෙසප නියෝජිතයන්ට සහභාගි වන ලෙස අප ආරාධනා කොට තිබෙනවා.
මෙතැනදි කිසිවෙකුත් අපහසුතාවට පත් කිරීමේ වුවමනාවක් අපට නැහැ. වඩාත් සාධාරණ ලෙස අවස්ථාව දෙන්නයි මේ පාර්ශවයන් තුනටම ආරාධනා කළේ. බෝපගේ ගේ මෙන්ම මේ පාර්ශව තුනේ නියෝජිතයන්ගේත් ගෞරවය රැක දීමේ වගකීම අපි භාර ගන්නවා. ඒ වගේම හැමෝගෙම ආරක්ෂාවත් තහවුරු කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරලයි තියෙන්නේ.
අපි හිතන්නේ මේ සුවිශේෂී අවස්ථාවක් කියලයි. ඒ නිසා අප්‍රේල් 23 වෙනිදා මහවැලි කේන්ද්‍රයේ දී සම්මුඛ වෙමු.”