මෙවර CSR සිනමා දැක්මට සුනිල් ආරියරත්නගේ “විජයබා කොල්ලය”
සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) මාධ්‍ය අංශය විසින් සංවිධාන කරනු ලබන සිනමා දැක්ම හා කතිකාව මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව මෙවර වැඩසටහන සඳහා මුල් වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිනමා සිත්තමක් වන “විජයබා කොල්ලය” යි.
ඔක්තෝබර් 26 වැනිදා සවස 1 ට මරදාන CSR ශ්‍රවණාගාරයේ දී සිනමා දැක්ම සහ සංවාදය පැවැත්වෙන අතර වැඩි විස්තර මිරර් ආර්ට්ස් වෙබ් අඩවිය තුලින් ඉදිරියේ දී බලපොරොත්තු වන්න.