ග්රාම්ස්චියානු නිමේෂයක එක් සැන්දෑවක්
සුමිත් චාමින්ද සංස්කරණය කළ “අන්තෝනියෝ ග්රාම්ස්චි- ජීවිතය, චින්තනය හා දේශපාලනය” කෘතිය පිළිබඳව පවත්වනු ලබන සංවාද වැඩසටහන අද (11) පස්වරු 3ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවනාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.
ඔහුගේ පරිවර්තනයක් වන වැලි මිනිසා සහ තවත් කතා නම් වූ කෙටිකතා පොත ද එහිදී ජනගත කෙරෙනු ලැබේ.
විදර්ශන කන්නන්ගර, මහේෂ් හපුගොඩ, වගීෂා ගුණසේකර, රමිඳු පෙරේරා වැඩසටහනේ දෙසුම් පැවැත්වීමට නියමිත ය. එය මෙහෙයවීම විදුර මුණසිංහ විසිනි.