lan englan tam

අතන මෙතන

ජැක්සන්ගේ මතක බණ රාත්‍රියේ අපූරු සිදුවීමක්!

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ප්‍රකට රංග ධරයෙකු වූ ජැක්සන් ඇන්තනීගේ අභාවය පිළිබඳව වසරක වර්ෂ පූර්ණය දින රාත්‍රියේ ඔහුගේ බෑණනුවන් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලට සිය අලුත්ම කෘතිය පිළිබඳව වටිනා ප්‍රතිචාරයක් ලැබී තිබේ.

ඒ පිළිබඳව කසුන් ඔහුගේ සමාජ ජාල ගිණුමේ තැබූ සටහන පහළින්....

අප්පච්චිගෙ වියෝවෙන් වර්ෂ පූර්ණ මතක බණ දා රාත්‍රියේ හරි අපූරු දෙයක් වුණා. කඩවත මහගෙදරදි කාලෙකට පස්සෙ ශ්‍රියන්ත මාමවයි, කුසුම් නැන්දවයි හම්බුණා. කුසුම් නැන්දා දැකපු ගමන් මං දිහා බලලා මෙහෙම කිව්වා.
'සීනි මුරුක්කු නැඟලා යනවා නෙහ් පුතේ. අපේ දුව පොත ගන්න ඇවිත් පෝළිම දැකලා ආපහු හැරිලා ඇවිල්ලා ඔයා ගාවට එන්නවත් ඉඩක් නෑ කියලා'
ශ්‍රියන්ත මාමා හිනාවෙවී ඒ කතාවට මේ විදිහට තුනපහ දැම්මා.
' මේ ළඟදි දවසක පුතේ අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක් ගෙදට්ටම ඇවිල්ලා මට පත්තර කොළයක් දීලා ගියා. මහත්තයා මෙන්න මේ ලිපිය කියවන්න නියමයි කියලා. මං ඒක කියෙව්වා. ධරණී පත්තරේ පුතා ලියපු මතක පුරාණය ආටිකල් එකේ කොටසක්. සීනි මුරුක්කු ගැන හිතාගත්තෑකි '
ඉතිං මගෙ ප්‍රහර්ෂය අසීමාන්තිකයි. ශ්‍රියන්ත මාමා මේන් රෝල් රඟපු 'දෑකැති මුවහත, බෝගල සවුන්දිරිස්' වගේ යෝධ ටෙලි නාට්‍ය බලපු ඇච්චා කාලෙ ඉඳන් මට වුවමනා වුණේ කතා ලියන්න. අද ඒ සිහිනය මං ලෝකයක් ඉස්සරහ හැබෑකරගෙන. මගේ සහෘද පාඨක ඔබ වෙනුවෙන් මං මැරෙනකල් මගේ උපරිමය ලියනවා. මං දන්නවා ඔබ කියවනවා කියලා. මගේ ආත්ම උත්තේජනය ඔබ !
'මතක පුරාණය' හෙවත් 'සීනි මුරුක්කු ලියපු මගේ ජීවිත කතාව' පොතක් හැටියට තවත් මාස කිහිපයකින් ඔබ අතට පත්වෙනවා. එතකල් සීනි මුරුක්කු Seeni Murukku කියවන්න. හරි ආදරේ පැණි රහයි ද බලන්න ❤️


| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Back to top
Go to bottom

Popular News