මේක ලියන්න මොහොතකට කලින් මම බැලුවා මේ දෙකේම එපිසෝඩ් 1 views ගණන. දෙකම ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ නාට්යය දෙකක්. 'අමුතු දොස්තර' මාස පහකට කලින්, views 8,73,497යි, 'ඉරගිනි මද්දහන' මාස හතරකට කලින් 8,87,198. දෙකම එකට තක එකට ගිය නාටක දෙකක්, හැබැයි ඉරගිනි මද්දහන ටිකක් ඉහලින් ඉන්නවා අදට. එතකොට මම බලපු කමට වඩා මේ දෙකේ ජනප්රියතාවයත් හොඳට ගැලපෙනවා මේ සැසඳීම කරන්න
මුලින්ම කතාව. දෙකම හද්දා ගමේ තත්වය, එකක් ධීවර හලාවත අනික අපේ ගම වෙච්ච වාරියපොළ පාදෙනිය. හොඳම පණිවූඩ දෙකක් දෙන්න පුළුවන් කතා දෙකක් වගේම අර සමහරු කියනවා වගෙ ජනප්රිය කරන්න ‘කෝපි හල්’ ‘සිගරැට්ටු’ වගේ වල්බූරු modifications මේ දෙකේම නෑ. එහෙම වෙලත් ජනප්රිය වුණා දෙකම.

අනුර කටින් ඉල්ලුවෙ නෑ කලාවෙන් සහ සාහිත්‍යය කරුවන්ගෙන් මාවෝ වාගේ. හැබැයි මම නම් අදහන්නෙ පුනරුදයට අවශ්යය සංස්කෘතික මිනිසා බිහි කිරීමට කලාවට මහා විශාල කාර්යභාරයක් තියෙනවා කියන එක.
“ආකල්ප පිළිබඳ ප්රශ්නය, අප හමුවේ තිබෙන විවිධාකාර නිශ්චිතව තීරණය කරගතයුතු කරුණු අතර, නිශ්චිත ආකල්ප පිළිබඳ ප්රශ්නය තමයි කලාව සහ සාහිත්ය තදින්ම අවධාරණය කළ යුතු”
ඒක තමයි ලාංකික සමාජයේ ඔඩු දුවල තියෙන සංස්කෘතික ලැට් වල. ස්ත්‍රිය සම්බන්ධයෙන් සමාජයේ තියන ආකල්පය, ස්ත්‍රීන් විසින් ස්ත්‍රීන්ට ම වෛර කිරීම් සඳහා නිර්මාණය වී තිබෙන පුරුෂ මූලික ආධිපත්‍යය, ස්ත්‍රිය ඒ සුචරිතය නම් වූ දැලට අහුවෙලා යසෝදරාලා වමින් දුකම උහුලමින් පුරුෂයන් ගේ ඕනෑ එපාකම් ඉටුකරමින්, අන්තිමේ දළදාව වැඳපුදා ගෙන ලබන ආත්මයේ නිවන් පමණක් ප්‍රාර්ථනා කරන සංස්කෘතික ලැට් වල.
මට පේන්නේ මේ දෙකේම මේ දෙක කරනවා, දෙවිදිහකට ඒක තමයි මට වැදගත්.
අමුතු දොස්තර කියන්නේ රසිකයො සනසන ෆැන්ටසිය. ඒ කීවෙ ඒකෙ සුදු චරිත කුරා කුහුඹුවෙකුට වත් වරදක් නොකරන පවිත්‍ර වූ සුචරිත.
හැබැයි නරක චරිත අන්තගාමී නරකම නරක චරිත. බෝසත් ඇටෙන්ඩන්ට් ඇරුනම අනෙක් සේරම නරකම සෙට් එක නරක චරිත. එතකොට මෙතන සටන කරන්න දෙපාර්ශවයක් හදලා, ඒ කියන්නෙ නරක මිනිස්සු හදන්න උන්ව කර්පට් කරලා දාන්න හොඳ විතරක්ම තියෙන මිනිස්සු ටිකක් හදලා.
ඊට එහා ගිහින් සෞඛ්ය අධ්‍යක්ෂ තුමා මදලේනා නැමති වැල්ලෙ කාන්තාව විවාහ කර ගන්නවා. රසිකයින්ට හරි සතුටුයි, රසිකයො ඇත්තටම කැමතියි සියල්ල හැෆිලී එවර්ආෆ්ටර් වෙනවාට.
ඒවා එහෙම තමයි, මේවා තමයි ඒක චලන රූප මාධ්‍යයට අවශ්‍යය. මොකද මේකට මිනිස්සු කැමතියි, බැණ බැණ හරි දොස්තරලාත් මේක බැලුවා. හේතුව මේ ප්‍රස්තුත කාරනාව සහ සංසිද්ධි සහතික ඇත්ත යථාර්ථය. (මේක සත්‍යය සිද්ධි කියලත් මම අහලා තියෙනව) බාහිර මැකැනිසම් එකකින් ප්‍රශ්නෙ විසඳනකල් බලා ඉන්න අපි කැමතියි. එක වීරයෙක් එළශලා තව වීරයෙක් ගේන්න තමයි බලා ඉන්නෙ. මේ වගේ මානසිකත්වය තියෙන ප්‍රේක්ෂකයා අකර්මණ්‍යව ඉඳගෙන චියර් එක දානවා, කඳුළු වගුරනවා. ලැට් වල එහෙම්ම උතුරලා යනවාමේකට මිනිස්සු කැමති වෙන්න හේතුව තමයි අපි නොවන ‘නරක කරන ටික’ ඉන්නෙ එළියෙ කියන ආකල්පය. අන්තිම නරක බාහිර සතුරෙක් ඉන්නවා, ඒ බාහිර සතුරා දමනය කරන්න බෝසත්ලාත් පිටින්ම ගේන්න වෙනවා, ඒ වීරයො අර නරක සෙට් එක සුනු විසුනු කරලා දානවා. එතකොට අපට කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. හරිම හොඳයි, ප්‍රේක්ෂකයන් චියර් ඒක දෙනවා. සමාජයේ කවදාවත්ම නොවන දේවල් චිත්‍රපටි වල බොහොමයකට ප්‍රේක්ෂකයන් කැමතියි.

මේ තමයි අපි ඇතුළෙ ක්රියාත්මක වෙන අභ්යන්තර සතුරා. මේ අභ්යන්තර සතුරා මේ විදිහට විග්රහ නොකර පුළුවන් ද අපට හැමදාම අභ්යන්තර මිනිස් ක්රියාකාරකම් ඇතුළෙ ඉන්න ඇත්ත සතුරා ජය ගන්න?
අපේ සැබෑ ප්රශ්නය තියෙන්නෙ අපි ඇතුළෙම නිසා මේ මනෝවිද්යාත්මක යථාර්ථය කලාව සහ සාහිත්යය තුළ ප්රේක්ෂක සහ පාඨකයාට ඉදිරිපත් නොකර පුනරුදයට අවශ්යය සංස්කෘතික මිනිසා හදන්න කොහෙත්ම බැහැ.