lan englan tam

විශේෂාංග

'සංස්කෘතික කොදෙව්වේ නොපිපි ආකාස කුසුම්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය 30,(බදාදා) නිළි මාලිනි ෆොන්සේකාගේ 78වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඇය රඟපෑ 'ආකාස කුසුම්' චිත්‍රපටය වන් ගොල් ෆේස් සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි PVR සිනමා ශාලාවේදී නැවත තිරගත කෙරිණ.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ආකාස කුසුම්' වැනි විශිෂ්ට චිත්‍රපටයක් සිනමා තිරයකදි නැවත නරඹන්නට ලැබීම ප්‍රහර්ෂයක් ඇති කළ මොහොතකි.

ප්‍රසන්න විතානගේ විසින් 2008 වසරේ අධ්‍යක්ෂණය කළ 'ආකාස කුසුමි' හරහා සන්නිවේදනය කරන කතාන්තරය එතරමි අහිංසක එකක් නොවෙි. එය ජීවිතය පිළිබඳ එක්ස් - රේ කිරීමකි. සියල්ලටම වඩා සංස්කෘතිය පෙරටුකරගත්තාවූ ද අවිචාරවත්බවින් වෙළාගත් පාදඩ ක්‍රමයක් යටතේ වැඩුණු ලංකාව නමැති කොදෙව්ව තුළ යථාර්ථය තුළ අප අත් දකින සහ දෛනිකව සිදුවන ඛෙිදවාචකයක් පිළිබඳ 'ආකාස කුසුමි' චිත්‍රපටය සාකච්ඡාවට ලක් කරති.

60, 70 දශකයේ ශ්‍රි ලංකාවේ සිටි ජනප්‍රිය ගණය් සිනමා තාරකාවියක් වන 'සන්ධ්‍යා රාණි' නමැති නිළියකගේ ජිවන පුවත ඇසුරින් 'ආකාස කුසුමි' ආඛ්‍යානය ගොඩ නැඟි ඇත.

සන්ධ්‍යා අවිවාහක ය. නිවසේ තනිව වාසය කරයි. ලාංකේය සිනමාවෙි ස්වර්ණමය යුගයේ සිටි සන්ධ්‍යා රාණි වර්තමානයේ පැටිස් නමැති කෙටි කෑම සාදා කඩවලට දමමින් ජීවිකාව ගෙනයන, ආර්ථික දරිද්‍රතායෙන් හෙම්බත්ව සිටින චරිතයකි. පැටිස් සාදා විකුණනවාට අමතරව ඇගේ නිවස ටෙලි නළු නිළියන්ට ලිංගික සේවා සඳහා සපයන රෙස්ට් හවුසයක් පරිද්දෙන් පවත්වාගෙන යයි. මෙයාකාරයෙන් ජීවිකාව ගෙන යන සන්ධ්‍යා රාණියේ වර්තමාන දිවියට සමාන්තරව තවත් කතාවක් මීට පසුබිමින් ජේදනය වෙයි.

Flowers of the Sky (2008) - IMDb

එනම් සන්ධ්‍යා රාණිගේ දියණිය වන ප්‍රියාගේ කතාවයි. ප්‍රියා රාත්‍රී සමාජ ශාලාවක (Night Club) සේවය කරන අභිසාරිකාවකි. මැදි වියේ ධනවතුන්, සල්ලාලයන්ගේ අතින් අත හුවමාරු වන ප්‍රියා විසින් තම මවට වෛර කරති. ප්‍රියා ගර්භණිබවකින් සහ එඩිස් රෝගයෙන් පෙළෙයි.

Akasa Kusum (Flowers of the Sky) - Sinema.SG

 

රාණි තම දියණිය පිළිබඳ තියා මෙි කිසිවක් දන්නේ ද නැත. ඇයට තම දියණිය පිළිබඳ මතකයක් ද නැත. මතකය ඇවිස්සෙන්නේ හිටිහැටියේම ප්‍රියා විසින් තම මව ටෙලිවිෂනයේ පෙනී සිටින වැඩසටහනක් තුළදී ය. ප්‍රියා සහ රාණිගේ ජීවිතය අවසානයේ ගලා යන්නේ කුමන දිශාවකටද? යන්න පිළිබඳ ප්‍රේක්ෂකයා 'ආකාස කුසුමි' ඔස්සේ සිතන්නට පොළඹවයි.

චිත්‍රපටය දැඩි ලෙස කම්පනයට ලක් කරන්නේ මෙම සිදුවීම් මාලාව නොවේ. පශ්චාත්තාපය හමුවේ දැවෙන තමන් කළ වරද පිළිබඳ සංහිඳියාවකට (To a reconciliation of guilt) පැමිණීමෙි අසමත්කම පිළිබඳ 'අකාස කුසුමි' සාකච්ඡාවට ගෙන එනවා සේම පශ්චාත්තාපී හදවත් ඇත්තන්ගේ වෘතාන්තයක් අප හමුවේ තබනවා.

සන්ධ්‍යා රාණිගේ ජනප්‍රියත්වය බිඳවැටීමත් සහ ඇගේ වියපත් ජීවිතයට සාපේක්ෂව ජනමාධ්‍ය විසින් ගොදුරුකරගත් සිනමාව නමැති උත්තුංග කලාව ආගාධය කර ගමන් කර ඇති බව චිත්‍රපටයේ යටිපෙළ ඔස්සේ විවරණය කරයි.

Akasa Kusum

ජනමාධ්‍ය විසින් ලංකාවේ සියළු මිනිස් ජීවිත දිනෙන් දින අලංකාරවාදී වෙළඳ දැන්වීමි, ප්‍රවෘත්ති, ටෙලි නාට්‍ය මඟින් මුළාවට පත් කර ඇත. සන්ධ්‍යා රාණි අහම්බයෙන් 'තරුමංසල' වැනි රූපවාහිනි ටෙලි තරු වැඩසටහනක් වෙත ගෙන්වා කරන ප්‍රශ්න කිරීමේ ස්වභාවය හමුවෙි පෙනෙන්නට තිබෙන්නේ මාධ්‍ය සංස්කෘතියක ඇති ජරපත් ස්වභාවය ප්‍රකට කිරීමකි.

''මොනව ද ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ නිවිස්?'' සන්ධ්‍යා රාණි මෙසේ අසන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක වන ශාලිකා වෙතිනි.

"නිවිස් හැදෙන්න ෆිල්ම්ස් හැදෙන්න එපැයි ආන්ට්'' උපාහසයෙක් යුතුව ඊට ප්‍රතිඋත්තර සපයන්නේ ශාලිකා ය.

ලංකාවෙි වත්මන් සිනමාව ඇතුළු සමාජය, සංස්කෘතිය පාලනය කරන්නේ ජනමාධ්‍යයයි. සමාජ මාධ්‍යයි. එය ශාලිකා⁣ සහ රාණිගේ කුඩා සංවාදයෙන් පෙනෙන්නට තිබෙන නිරික්ෂණයයි.

චිත්‍රපටයේ ප්‍රබල සංකේතයක් ලෙස රූපවාහිනිය හැසිරෙයි. සිනමා ශාලා දැවැන්ත තිරය මත දිස් වූ සන්ධ්‍යා රාණි අවසානයේ අඟල් 14×18 කුඩා ප්‍රමාණයේ ටෙලිවිෂන් තිරයක පෙනී සිටිම තුළ ලංකාවෙි තාක්ෂණික, සාමාජීය වෙනස්වීම, සුසමාදර්ශීය මාරුව (Paradigm Shift) විෂද කරන්නකි. ප්‍රියා තම මව වන රාණි අහමිබයෙන් දකින්නේ ද රූපවාහිනි තිරයකිනිනි. චිත්‍රපටයේ දර්ශනයක නිවා දැමු රූපවාහිනියේ හිස් තිරය මත සන්ධ්‍යා රාණිගේ ප්‍රතිබිම්බය වැටී ඇත. සිනමාවෙි පුළුල් තිරය මත වැටුණු ඇගේ රූපය පුංචි තිරය මත වැටී ඇත.

පිරිමියාගේ ආශාව (desire) සහ බැල්ම (gaze) බවට පත්වී ඇති ස්ත්‍රීය පිළිබඳ හඟවන ප්‍රියා විසින් ලාංකේය ස්ත්‍රිය නිරූපණය කරයි. ස්ත්‍රීය ලිංගික භාණ්ඩයක් ලෙස පත් වූයේ අද ඊයෙක සිට නොවේ. ලාංකේය ස්ත්‍රිය මෙි මොහොත තුළ පවා සළකුණු කරන දැවැන්ත ප්‍රශ්නයක් වී ඇති 'ගබ්සාව' පිළිබඳ චිත්‍රපටය තුළ පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් කරයි. ලංකාවේ වර්තමානයේ නළු නිළියන් විවාහව නොසිටීම, දික්කසාද වීම, නැවත විවාහ වීම, ⁣අනියම් සබඳතා පැවතීම ආදී වශයෙන් රුදුරු ධනවාදය තුළින් පැන නැඟී මානව සබඳතා විකෘති කිරීමක ප්‍රතිඵලයකි.

මෙම යුගයේ මානව සබඳතා යනු මුදලට, පාරිභෝජන භාණ්ඩ වෙනුවෙන් විකිණෙන භාණ්ඩයකි. චිත්‍රපටය තුළින් ප්‍රත්‍යක්ෂ කරන්නේ ධනේශ්වර පන්තියේ ලිංගික සුරාකෑමේ සමා විරහිත නරුමබවයි. එහි දරුණු ප්‍රතිඵලය වන්නේ ප්‍රියා වැනි කාන්තාවන්ය.

AKASA KUSUM - FLOWERS OF THE SKY

සන්ධ්‍යා රාණිගේ චරිතය නිරූපණය කරන සම්මානනීය නිළි 'මාලිනි ෆොන්සේකා' සහ ප්‍රියා චරිතය නිරූපණය කරන 'නිමිමි හරස්ගම' විසින් චිත්‍රපටය ප්‍රශස්ථ ගණයේ සිනමාපටයක් දක්වා ගෙනයන්නට සමත් වෙති.

සුපුරුදු පරිදි ප්‍රසන්නගේ චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කරන ඉන්දියානු සම්මානනීය සංස්කරණ ශිල්පී 'ශ්‍රීකර් ප්‍රසාද්ගේ' සංස්කරණයත් සමඟ පෑහෙන එමි.ඩී මහින්දපාලගේ සිනමා රූප නිමැවුම චිත්‍රපටයට අවශ්‍ය සිනමාත්මක බව පෝෂණය කර ඇත.

 

රුදුරු ධනවාදය විසින් ප්‍රියාලා, බන්ටිලා, රාණිලාගේ ජීවිතය ගිනිබත් කර ඇත. ස්ත්‍රීන් තොල්වල ආලේපන කරන ලිප්සිටික් එකේ සිට මිලියන ගණනින් විකිණෙන රේන්ජ් රෝවර්, බෙන්ස් වැනි අති සුඛෝපභෝගී මෝටර් රථ ෆැන්ටසිවලින් ගිනිබත් කර ඇත.

ප්‍රසන්න විසින් චිත්‍රපටය තුළ මනුෂ්‍යත්වය (Humanity) පිළිබඳ ප්‍රමුඛ සාධකයේ වටිනාකම ස්ථානගත කරයි. අවසානයේ ගිලිහි ගිය මාතෘත්වය පිළිබඳ වියපත් වූ රාණිට උගන්වන්නේ ජීවිතය අහිමි වූ තම දියණිය ප්‍රියා විසිනි.

එක් පසෙකින් දෙමාපියන් අහිමි සමාජයක් පිළිබඳ විශාල චිත්‍රයක් 'ආකාස කුසුමි' ගෙනහැර දක්වයි. 'ආකාස කුසුම්' නරඹන වාරයක් පාසා ප්‍රේක්ෂකයා වෙත ඇති කරන්නේ සමාජය සහ මනුෂ්‍යයා දෙස සහකමිපන දහරාවකි.

 

malintha.jpeg

 

 

 

 

 

 කර්තෘ - මලින්ත විතානගේ

(මලින්ත විතානගේගේ මුහුණු පොත ඇසුරිනි)

 

Back to top
Go to bottom