lan englan tam

විශේෂාංග

නුදුරු දිනකදීම සිනමා හලේදී ඔබට හමුවන ‘බහුචිතවාදියා’ (The Undecided)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ 'බහුචිතවාදියා' චිත්‍රපටය මැයි 30 වනදා සිට තිර ගත වීමට නියමිතයි. මෙහි තිර රචකයා මෙන්ම නිෂ්පාදකයා වන්නේ ද ඔහුයි.

'බහුචිතවාදියා' චිත්‍රපටය කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක් ලෙසයි තිර ගත වන්නේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව යොමු වන්නේ 'සමකාලීන ශ්‍රී ලංකාවේ තරුණ ජීවිත' පිළිබඳවයි.

No photo description available.

'බහුචිතවාදියා' චිත්‍රපටය පිළිබදව අදහස් දක්වමින් මාලක දේවප්‍රිය සදහන් කරන්නේ "සමකාලීන ලංකාවේ තරුණ ජීවිතවල තියෙන ඛේදවාචකය. එක පැත්තකින් සමාජ මාධ්‍ය, අනෙක් පැත්තෙන් මේ රටෙන් පැන යාමට ඇති සිහිනය, සහ අපි අනෙකාව අපේ ඉල්ලක්ක සඳහා පාවිච්චි කරන එක. වැනි තේමාවන් හරහා චිත්‍රපටයේ කතාව දිවෙන බවයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රංගන ශිල්පී කළණ ගුණසේකර විසින් වන අතර ඔහු නිරූපණය කරන්නේ ‘සසිත වන්නිගම’ නම් තරුණයාගේ චරිතයයි.ඔහු 'ගිෆ්ට්නෙට්' නමැති තෑගි බෙදා හැරීමේ ආයතනයක තෑගි බෙදා හරින්නෙකි.

kalana

මීට අමතරව, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, ඩී.බී. ගංගොඩතැන්න, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්‍රීගේ, සුලෝචනා විතානාරච්චි, ප්‍රසාදිනී අතපත්තු, නිල්මිණි බුවනෙක, ඔමාලි රාධිකා මෙම චිත්‍රපටයේදී හමුවන සෙසු නළු නිළියන් වෙනවා.

තිරගත වීමට පෙර සිටම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන ගණනාවකින් 'බහුචිතවාදියා' පිදුම් ලබා තිබෙනවා.

1. දෙරණ සිනමා සම්මාන උළෙලේ හෙට දවසේ හොඳම චිත්රපටයට හිමි සම්මානය
 
2. ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උළෙල හොඳම ස්වාධීන චිත්රපටියට හිමි සම්මානය
 
3. සරසවිය සම්මාන උළෙලේ හොඳම කුළුඳුල් චිත්රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය
 
4. සාර්ක් චිත්රපට උළෙල හොඳම අධ්යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය
 
5. සාර්ක් චිත්රපට උළෙල හොඳම ශබ්ද නිර්මාණ සඳහා වූ සම්මානය
 
6. මොස්කව් ජාත්යන්තර චිත්රපට උළෙල NETPAC තරඟාවලිය සඳහා තේරීපත් වීම#"හෙට දවසේ හොඳම සිනමා කෘතිය, "මතු බලාපොරොත්තු තැබියහැකි කෘතිය'', "ජාත්යන්තර ස්වාධීන සිනමා කෘතිය

 

එමෙන්ම මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙම චිත්‍රපටය තිර ගත වීමට පෙර සිටම බොහෝ විචාරක මෙන්ම විද්වතුන්ගේ සැලකිල්ලට භාජනය වූ චිත්‍රපටයක් වීමයි.

එම අදහස් පිළිබඳව සලකා බැලීම 'බහුචිතවාදියා' චිත්‍රපටය ගැන දැනුවත් වීමේදී ඉතාමත් වැදගත් වනු ඇති.

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් 'බහුචිතවාදියා' පිළිබඳව වරෙක අදහස් දක්වා තිබුණා.

පතිරාජයන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගැන සඳහන් කර තිබුණේ ප්‍රථම චිත්‍රපටකරුවෙකු ලෙස මාලක ස්ව ලක්ෂණ සහිත අනන්‍යතාවයක් මේ චිත්‍රපටය හරහා ප්‍රකට කරන බවයි.

එමෙන්ම මෙම චිත්‍රපටය ද අසංවිධිත බවකින් යුක්ත වන බවත් එම අසංවිධිත බවම එහි නූතනවාදීත්වය වන බව පතිරාජයන් සඳහන් කර තිබුණා.

මෙම චිත්‍රපටයට නැරඹීමට ලැබුන වීට ඊට නමක් අවශ්‍ය නොවන බව තමන්ට සිතුන බවත් එය නිර්නාමික හැඟවුම යටතේ අප  දැක ඇති චිත්‍ර, මූර්ති, කාව්‍ය වැනි කලා නිර්මාණ සමග තැබිය හැකි බවයි.

චිත්‍රපටයේ කතා තේමාව සම්බන්ධයෙන් පතිරාජයන් දක්වා තිබුණේ මෙවැනි අදහසක්.

ගමෙන් නගරයට සංක්‍රමණය වී තමන් අපේක්ෂා කරන අරමුණු කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමේ නිමග්නව සිටින ප්‍රධාන චරිතයක් හා තවත් චරිත කීපයක මානුෂික සබඳතා මෙහි දැක්වේ.

ඊනියා නාගරික මෙන්ම සයිබර් ජීවිතයේ දෙපා තබා සෘජුව නැගී සිටීමට තැත් කරන අක්‍රීය, අකර්මණ්‍ය හා අපේක්ෂාභංග මානව ස්වභාව චලනීය ප්‍රතිරූප රිද්මය උපයෝගී කරගනිමින් ජීවමාන කම්පනයක් ඇති කිරීමට සමත් වේ.

එය තර්කානුකූල අන්තය කරා මෙහෙය නොවන්නාවූ පවතින සමාජය තුළ ඛේදවාචකමය ස්වරූපයන්හි සංග්‍රහයකි(Pastiche). අතිනාටකීය හා හාවාතිෂය රීතිය බැහැරකර යථාර්ථවාදී ප්‍රවේශයක වර්තමානය දැකීමට දරණ ප්‍රයත්නයකි.

අජිත් තිලකසේන රචනා කළ පාර දිගේ චිත්‍රපටයේ චන්දරේට පරස්පර වූ සූක්ෂම න්‍යාය පත්‍රයක් මෙම තරුණයාට ඇත. ඔහු කාන්තාවන් හයක් එකම කාලයක ඇසුරු කරමින්, යහන් ගතවෙමින් තම අරමුණ හඹායයි.

බහුචිතවාදියා පිළිබඳව ධර්මසේන පතිරාජ දක්වා තිබූ අදහස් මෙතනින්.

 

'බහුචිතවාදියා' චිත්‍රපටය පිළිබඳව තවත් අදහස් දැක්වීමක් චිත්‍රපට අධ්‍යක්ෂක බූඩි කීර්තිසේන විසින් සිදු කොට තිබුණා.ඒ ඩබ්ලිව් ජයසිරි  සමග පැවති එක් සාකච්ඡාවකදී ය.

(උපුටා ගැනීම)

ඩබ්ලිව් ජයසිරි :

බූඩි මෑත ලංකාවේ දැකපු චිත්‍රපට අතර වඩාත් කැමති වඩාත්ම සිත් ගත්තේ මොකක්ද?

බූඩි කීර්තිසේන :

මෑතකදී බලපු වගේ මම කැමති බහුචිතවාදියා. ඒක වෙනම ටයිප් එකේ ඒත් මම කැමතියි. ඒකෙ සබ්ජෙක්ට් එක ගැන හිතනකොට ෆනි ගතියක් එනවා. මේක නේද අපි දන්න ගොඩක් එවුන්ට වෙන්නේ. ඔක්කොම සිද්ධ වෙන්නේ හියුමන් බීන්ස්ලට. මං බලන්නේ හියුමනිස්ටික් ඈන්ගල් එකකින්. මම ඒක දැක දෙයක් තමයි හරිම හියුමනිටි. ඒක දැනෙනවා අපිට චිත්‍රපටය කතා කරන දේ...

බහුචිතවාදියා පිළිබඳව  බූඩි කීර්තිසේන දැක්වූ අදහස් මෙතනින් 

එමෙන්ම සිනමා විචාරක භූපති නලින් රූපවාහිනී වැඩසටහනකදී ‘බහුචිතවාදියා’ චිත්‍රපටය පිලිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ තමා මෙම චිත්‍රපටය තුල තමන් "නව ආකාරයක පතිරාජයානු ආභාෂයක්" දකින බව ය.

උදාහරණයක් විදිහට පතිරාජත් එක්ක ඉතාම ඉතාමත් සමීපව ආශ්‍රය කරපු සිනමාකරුවෙක් මාලක දේවප්‍රිය.

ඔහුගේ චිත්‍රපටයක් තියෙනවා බහුචිතවාදියා කියලා. ඒ චිත්‍රපටයේ මම දකිනවා නව ආකාරයක පතිරාජයානු ආභාසයක්.

මම මෑත කාලේ බලපු අලුත් පරම්පරාවේ චිත්‍රපටි අතුරෙන් මම හිතනවා, ඉතාමත්ම දේශපාලනිකව සහ සෞන්දර්යාත්මකව, තීරණාත්මකව පරිණතම ප්‍රථම නිර්මාණයක් විදිහට ගන්න පුළුවන් චිත්‍රපටය මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා කියලා.

ඒ චිත්‍රපටයේ තියෙන වැදගත්ම දේ තමා, එක පැත්තකින් ඒක සිද්ධවන්නේ නාගරික අවකාශයක් ඇතුලේ. මාලක සමත් වෙනවා මේ චරිතය කොළඹ නගරය වටේ සංක්‍රමණය කරවන අතර තුර අද ශ්‍රී ලංකාවේ තියෙන සමාජ ප්‍රතිවිරෝධතාවල දේශපාලන ආර්ථික දේහයේ විවිධ ව්‍යුහ ඉතාමත්ම සෞන්දර්යාත්මක ආකාරයකට ඉදිරිපත් කරන්න.

බහුචිතවාදියා පිළිබඳව භූපති නලින් දැක්වූ අදහස් මෙතනින්.

 

ඉතින්, බොහෝ විචාරක අවධානයට හා කතා බහට ලක්වූ  ‘බහුචිතවාදියා’ චිත්‍රපටය මැයි මස 30 වන දා පටන් ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදා වෙනවා.

චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වූ පසු තවත් අදහස් බෙදා හදා ගමු.

May be an image of 1 person and text that says "මැයි 30 සිට දිවයින පුරා සිනමා ශාලාභිදී තිරගතවේ WINNER WIER HISNER EEIH6 C နေ်င်နးည်း E き IN.THE RUPEES BOA 14a HEKE බහවිතවාදියා THE UNDECIDED FILMBY MALAKA DEWAPRIYA KALANA GUNASEKARA VEENA JAYAKODY. LAKSHMAN MENDIS SAMANALEEFONSEK DAMITHA ABERATHNE. .RAJITHA HEWATHANTHRIGE NILMINI BUWANEKA GEETHA AALAHAKOON SULOCHANA VITHANAARACHCHI PRASADINI A. GANGODATHENNA SASIKA RUWAN MARASINGHE MEGHA COLOMBAGE MUSIC CHITRAL SOMAPALA CHINTHAKA SOMAKEERTH |EDITORHARSHAD DISANAYAKA DAYANANDA BOMBUWALA DIRECTOR MALAKA DEWAPRIYA rganizat lo วิก University"

 

 

(ඡායාරූප සහ වීඩියෝ පට උපුටා ගැනීම 'Bahuchithawadiya  බහුචිතවාදියා The Undecided' facebook පිටුව ඇසුරිනි)

Back to top
Go to bottom