lan englan tam

විශේෂාංග

කළ නොහැකි මෙහෙයුමක අවසානය? - Mission: Impossible – Final Reckoning

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය මැයි 22 වැනිදා කොළඹ 'හැව්ලොක් සිටි' පරිශ්‍රයේ පිහිටි IMAX සිනමාශාලාවේදි පැවැත්වුණු මාධ්‍ය දර්ශනය නිසාම 'Mission: Impossible – Final Reckoning' චිත්‍රපටය අයිමැක්ස් පුළුල් තිරයකින්ම නරඹන්නට අවස්ථාව ලැබුණා.

ජේම්ස් බොන්ඩ් සහ ජේසන් බෝන් චිත්‍රපට මාලාවට පසුව සුපිරි ඔත්තු සේවා කතන්දර සම්බන්ධයෙන් පෞද්ගලිකවම මා වඩාත් ප්‍රිය කරන චිත්‍රපට මාලාව වෙන්නේ මිෂන් ඉම්පොසිබල්.

මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ මෙතෙක් නිර්මාණය වූ සමස්ත චිත්‍රපට අට දිහා ආපසු හැරිලා බැලුවොත් 'Mission: Impossible – Final Reckoning' කියන්නෙ රිද්මය සහ හැඩය අතින් ටිකක් වෙනස් වුණු චිත්‍රපටයක්.

mission impossible final reckoning header 1748026815131 

මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ අපි දකින වීරයා වන 'ඊතන් හන්ට්' කියන්නේ බුද්ධියෙන් හෙබ් ඕනෑම අභියෝගයකට, අසීරු තත්ත්වයකට ක්ෂණිකවම හැඩ ගැහෙන්න ශක්‍යතාවක් ඇති සුපිරි චරිතයක්.

1536x864 cmsv2 e681b721 e675 5af7 b004 adbb21422b01 9299595

ටොම් කෲස් කොච්චර දුරට ඊතන් හන්ට් කියන චරිතයට සාධාරණය කරනවද? කියුවොත් ඔහු කිසිදු ස්ටන්ට් නළුවෙකු භාවිතා නොකර සියළු ක්‍රියාදාම දර්ශන සඳහා ඔහු විසින්ම පෙනී සිටිනවා. එයින්ම පෙනෙනවා ටොම් කෘෘස් කොතරම් දුරට ඊතන් හන්ට් චරිතයට වෙනුවෙන් දරණ කැපවීමේ පරිමාව.

Mission: Impossible – Final Reckoning ඇතුළෙත් ඊතන් හන්ට්ගේ මේ ස්වභාවයම දකින්න පුලුවන්. ටොම් කෲස් 1996 රඟපෑ පළමු මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයේ සිට මේ දක්වා අවුරුදු 29ක් මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව වෙනුවෙන් කරපු කැපකිරීම විස්තර කරන්නත් බැහැ.

අනෙක් පැත්තෙන් චිත්‍රපටයේ කතන්දරය සම්බන්ධයෙන් වුනත් ලෝක සාමය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුද කරන්න ඔහු දෙපාරක් හිතන්නේ නෑ කියන එක Mission: Impossible – Final Reckoning චිත්‍රපටය හරහා නැවත වරක් හොඳින් ඔප්පු කරනවා.

2023 වසරේ තිරගත වුණු Mission: Impossible – Dead Reckoning චිත්‍රපටයේ කතාවෙම දිගුවක් විදියට තමයි Mission: Impossible – Final Reckoning නිර්මාණය වෙන්නේ. Dead Reckoning චිත්‍රපටයේ දෙවැනි කොටස කියුවොත් වඩාත් නිවැරදි.

සමස්ත චිත්‍රපටය පුරා දකින්න පුලුවන් නිරික්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි පැය දෙකයි විනාඩි 50ක් ඇතුළේ කතාවේ ගලායාම මන්දගාමි ස්වරූපයක් ගැනීම.

දෙවැන්න ඊතන් හන්ට් අවසානයේ දිනන බව අප කවුරුත් හොඳාකාරවම දන්නවා. හැබැයි ඔහු මෙවර දිනන්නේ කොහොමද? කියන එක ගැන සහ ඔහුට තමන්ගෙ ලෝකය බෙිරගන්න දරන වෙහෙස සම්බන්ධයෙන් විශාල කැපකිරීමක් කරන්න වෙන බව චිත්‍රපටය ඇතුළේ පෙන්නනවා.

නමුත් මිෂන් ඉම්පොසිබල් සිනමාපටයක ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන කුල්මත් කරන ක්‍රියාදාම දර්ශන පෙළහර සම්බන්ධයෙන් ලොකු අඩුවක් තිබුණා.

p0lb3yfm.jpg

 

හැබැයි Mission: Impossible – Dead Reckoning සහ Mission: Impossible – Final Reckoning සංසන්දය කළොත් හොඳම චිත්‍රපටය වෙන්නේ Mission: Impossible – Dead Reckoning.

'Dead Reckoning' චිත්‍රපටයේ මීට වඩා හොඳ මට්ටමක ක්‍රියාදාම දර්ශන තිබුණා සහ කතාවේ අපුරුබවක් අන්තර්ගත වෙලා තිබුණා.

කවුරුහරි කියනවා Mission: Impossible – Final Reckoning ගැන තියෙන්නෙ බලාපොරොත්තු සුන්වීමක් කියලා ඊටත් එකඟවෙන්න සිද්ධ වෙනවා. Climax එක වුනත් මීට වඩා ටිකක් සීරියස් විදියට ඉදිරිපත් කරන්න තිබුනා කියන එකයි මගේ අදහස නම්.

කෙසේවෙතත් Mission: Impossible – Final Reckoning 100%ක් නරකම චිත්‍රපටයක් නෙමෙයි.

Mission: Impossible – Dead Reckoning චිත්‍රපටය නැරඹුවා නම් අනිවාර්යයෙන් Mission: Impossible – Final Reckoning චිත්‍රපටයත් සිනමාශාලාවක නරඹන්න කියලා නිර්දේශ කරනවා. මොකද කාලාන්තරයකට නැවත මිෂන් ඉම්පොසිබල් චිත්‍රපටයක් දැකගන්න නොලැබෙිවි.

476237625 2101514566935849 5297727973837240105 n

 

 

 

 

 

සටහන -මලින්ත විතානගේ-

( Malintha Vithanage ගේ මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)

Back to top
Go to bottom