ඒක දෙවවාදය (Mono Theism) මිනිස් සංහතිය සොයාගත් අතිශය නිර්මාණශීලී දෙයක්.මේක වෙනත් විදියකට කිව්වොත් මිනිසාගේ පැවැත්ම සර්වබලධාරී දෙවිකෙනෙක් මත පදනම් වීම කියන්නෙ, මිනිස් පැවැත්මේ අර්තය මිනිසාට පරිබාහිරින් ඇති ඒකත්වයක් සමග පදනම් වීමට.මේ ලිපියේ දිශානතිය වෙන්නෙ “දෙවියන්” සැරිසරන ප්‍රදේශ කිහිපයක් හදුනාගැනීමයි.
ආක්බිෂොප් ඔස්කාර් රොමෙරෝ (Oscar Arnulfo Romero)( ක්‍රි.ව.1917 -1980) එල් සැල්වදෝර්වල සිටි සුවිශේෂ දේවගැතිවරයෙක්. ඔහු 1979 පෙබරවාරියේදි එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝර්වල ආර්ක් බිෂොප්වරයා විදියට පත්වුනා.ඒ වන විට රාජ්‍ය මිලිටරි රෙජීමය සහ ෆැරමුන්ඩෝ මාට් (FLMN) වාමාංශික ගරිල්ලන් අතර සිවිල් යුද්ධයක් ඇවිලෙමින් තිබුන කාලයක්.අතිශය මර්ධනකාරී එල්සැල්වදෝර් රජයට විරුද්ධව මේ වෙන විට කතෝලික පූජකතුමන්ලාද රහසේ ගරිල්ලා සංවිදානයට සහය වෙමින් සිටියා.රොමෙරෝ මැදි වුනේ සිය සාන්තුවර ජීවිතය සහ අතිශය මර්ධනකාරී රජයට එරෙහිව අවි අතට ගැනීමක් දක්වා වර්ධනය වෙමින් තිබූ මිනිස් අයිතිවාසිකම් හා නිදහස පිලිඹද ජනතාවගේ බලාපොරොත්තු අතරටයි.ඔහුගේ ජීවිතය සුවිශේෂ වෙන්නෙ මේ සිවිල් යුද්ධය හමුවේ මනුෂ්‍යත්වය නිදහස මිනිස් අයිතිවාසිකම් ජීවිතය පිළිඹඳ බලාපොරොත්තු හොඳටම අභියෝගයට ලක්වුන මොහොතක ආගමික ආචාරධාර්මික ජීවන භාවිතය යනු කුමක්දැයි යන්න පිළිඹඳව ඉතාමත් හොඳ උදාහරණයක් නිසයි. ආක්බිෂොප් ඔස්කාර් රොමෙරෝ 1980 මාර්තු 24 වෙනිදා සිය දේව මෙහෙය පවත්වමින් සිටියදී රාජ්‍ය ත්ර ස්තවාදයේ වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වුනා.ඒ වන තුරුම එවැනි අමාණුෂික මිනීමැරීම් සිදුවෙන සිවිල් යුද්ධයක් පවතින අවස්තාවේ සිය ආගමික සාන්තුවර ජීවිතය එලෙසම පවත්වා ගනු ලැබුවා.
ඔහුගේ මේ සුවිශේෂ ආගමික ජීවිතය සම්බන්ධව “රොමෙරෝ” නමින් චිත්‍රපටියක් නිර්මාණය උනා.මේ චිත්‍රපටිය අපට “දෙවියන් ” හදුනාගන්න හොද ආරම්භයක් ලබාගන්න පුලුවං. තෝමස් ඇක්වයිනාස්(ක්‍රි.ව.1226-1274) දෙවියන් ගැන පවසන්නේ දෙවියන්ට ඇත්තේ සාරයක් (essence) නොමැති පැවැමක් (existence ) බවයි.එනම් ශුද්ධ වූ පැවැත්මක් බවයි.දෙවියන් පවතීයයි අපි දන්නෙ දෙවියන් අදහන්නන් ගෙන් එය පිළිඹිඹුවන විලාසය තුලිනි.
දෙවියන් පවතිනවායැයි යන ආගමික සත්‍ය දැනගතහැකි එකම විදිය පෙන්විය හැකි එකම විදිය විශ්වාසයයි.එනම් දෙවියන් දැනගත හැක්කේ විශ්වාසය තුලිනි. රොමෙරෝ ගේ ආගමික පැවැත්මේ සාරය දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය විසින් අපට දෙවියන්ගේ පැවැත්ම පිළිඹඳව කැඩපතක් ලැබෙයි. තෝමස් ඇක්වයිනාස් දෙවියන්ට සාරයක් නෑ කියන්නෙ ලොවෙහි පවතින සියලුම සාරයන්වල එකතුව දෙවියන් බැවිනි.ඒ නිසා දෙවියන්ට සාරයක් නැති .නමුත් දෙවියන් පවතින බව අපට දැනෙන්නේ මොන්සියනෝර් රොමෙරෝ වැනි ආගමික ජීවිත වල හරය තුලින්ය.
දැං අප චිත්‍රපටියේ ජවනිකා තුනක් හරහා දෙවියන් ගැන හදුනා ගැනීමකට යමු.
පළවෙනි ජවනිකාව
චිත්‍රපටියේ එකතැනක රාජ්‍ය මර්ධක හමුදාව විසින් මොන්සියනෝර් (චිත්‍රපටියේ ඔහුව ආමත්රණය කරන්නෙ එහෙම) රොමෙරෝ දේව මෙහෙයන් පවත්වන පල්ලිය තමංගෙ බාරයට ගන්නවා.හමුදාව විසින් ජේසුස්ගේ ප්‍රතිමාව දේව මෙහෙය පවත්වන ස්තානය වෙඩිතබා විනාස කරනව. මොන්සියනෝර් රොමෙරෝ මේ රාජ්‍ය හමුදාවේ තර්ජනය නොතකා රැස්වසිටි පිරිස සමග පල්ලියට ඇතුලුවී දේව මෙහෙය පවත්වනව.මෙතනදි ඔහු කියනදේ අපේ සාකච්ඡාවට හරි වැදගත්.
“පල්ලිය ඔබලායි ”
“දෙවියන්ගේ මිනිසුන් ඔබලායි”
“මෙහි සිටින ජේසුස් ඔබලායි.මන්ද මීට අවුරුදු දෙදහසකට කලිං ජෙරුසලමේදී නුඹලාසේම ඔහු කුරුසියේදී වේදනාවට පත්වූවා.”
මේ ප්‍රකාශය ඇතුලෙ ස්තාපිත, රාජ්‍ය අනුග්‍රහය ලැබූ,දේශපාලනීකරනය වූ ආගම් /දෙවියන් ට වඩා වෙනස්ව දෙවියන් පිළිඹදව අපට වෙනස් විදියෙ හදුනාගැනීමකට යන්න පුලුවන්. පල්ලිය කියන්නෙ ගොඩනැගිල්ල හෝ එහිසිටින පූජකයන්ට හෝ නෙවෙයි.පල්ලිය කියන්නෙ දෙවියන් විශ්වාස කරන මේ හැමෝටම.එනම් දෙවියන් කියන්නෙ පූජකයන්ට හෝ පූජකයන්ගෙ අනුග්‍රහය ලබන කිසියම් විශේෂිත ජනකොටසකට (බොහෝ වෙලාවට ස්තාපිත ආගම් ඒ රටේ පාලක පන්තියට අනුග්‍රහය දක්වනව) හෝ අයිති දෙයක් නෙවෙයි.දෙවියන්ට අනුව ජීවිත ගත කරන මිනිස්සුන්ට.මේ දෙවියන්ට අනුව ජීවත්වීම කියන එක මොන්සියනෝර් රොමෙරෝ මුලු චිත්‍රපටිය පුරාම අපට පෙන්වා දෙනවා.
ඊලගට ආගම පැන නගින එක් මූලික හරයාත්මක තැනක් තමයි “වේදනාව”.ක්‍රිස්තියානි භක්තිකයන් තුල මෙය ක්‍රිස්තුස් වහන්සේ සියලුම මනුෂ්‍යන්ගේ වේදනාවන් (Passion) කුරිසිය මතදී විදදරාගත්තායැයි විශ්වාස කරනව..ශිෂ්ටාචාරය මුහුණදුන් ප්‍රාතමිකම වේදනාව තමයි ව්යා භිචාරී තහනම.ඒ කියන්නෙ පළමුව දෙමව්පියන් ඊලගට සහෝදර සහෝදරියන් ඊලගට ලේ ඥාතීන් ලෙස ඇතිවූ සංසර්ග තහනම.අනෙක් අතට එය කැප කිරීමක්. මේක වෙනත් විදියට කිව්වොත් ව්‍යාභිචාරී තහනමේ වේදනාව මනුස්සය විසදගත්තෙ ආගමේ නාමයෙන්.අපි මිනිසා ශිෂ්ටාචාර ගතවෙනව කියන්නෙ මේකටමයි. තමන්ට ආශක්ත වූ දෙය කැපකිරීමේ (වෙන්වීමේ) වේදනාව විදදරාගැනීමේ සිට සියලු වේදනාවන් පොදු වේදනාවන් බවට පත්කරගන්නට මනුස්ස ශිෂ්ටාචාරය පුරුදු පුහුනු වූයේ දෙවියන්ගේ නාමයෙන්. මේ නිසා වේදනාව කියන්නෙ මනුස්සයගේ මූලිකම සංජානනයක්.ඒක හුදු දැනීමක් නොවී සංජානනයක් වෙන්නෙ (වේදනාවට අර්තයක් ලැබෙන්නෙ) මේ දෙවියන්ගේ මැදිහත් වීම නිසයි.එනම් මේ වේදනාව නැමැති අතිශය පෞද්ගලික අත්දැකීම පොදු අත්දැකීමක් පත්වෙන්නෙ දෙවියන්ගෙ මැදිහත්වීම නිසයි.
දෙවෙනි ජවනිකාව
චිත්‍රපටියේ තව තියෙනව මොන්සියනෝර් රොමෙරෝව රාජ්‍ය මර්ධක හමුදාව විසින් සිරගතකරන අවස්තාවක්.එවිට එහා සිරකුටියට ඔහුගෙ සහයක පූජකයෙක් වුන ෆාදර් ඔසූනා(osuna) ඔහු සමගම සිරගතකරනව. ෆාදර් ඔසූනාට හමුදාව විසින් දෙන වද හිංසා නිසා වේදනාවෙන් මර හඩ දෙන කෑ ගැසීම් රොමෙරෝට ඇහෙනව.මේක අසාඉන්න බැරිව රොමෙරෝ මෙහා සිර කුටියෙ ඉදන් වේදනාවෙන් කෑ ගසනව.
Stop..stop in the name of God..stop
නොනැවතී දිගින් දිගටම ඇසෙන ඔසූනාගෙ මොරදීම ඉවසාගන්න බැරුව රොමෙරෝ නැවතත් කෑ සා කියනව
We are human beings ….
We are human beings…
We are human beings…
දැං අපිට දෙවියන් ගැන ඊලග කාරණයට යන්න පුලුවං.ඒ තමයි මොන්සියනෝර් රොමෙරෝට මිනිස් ඉදීම (human beings) සලකුණු කරන්නට දෙවියන්ගේ නාමය උවමනා වෙන්නෙ ඇයි.අපි මෙතනදි සැලකිල්ලට ගතයුතු ප්‍රදාන කාරණයක් තමයි රාජ්‍ය හමුදාව කෙරෙහි වූ සියලු බලාපොරොත්තු බිදවැටීමටත් පසුවත් ඔවුන්ට අමතන්න භාෂාවක් (We are human beings) ඉතිරි වෙන එක.ඒ කියන්නෙ දෙවියන් නිසා මිනිස් ඉදීම යනුවෙන් පොදු ධර්මතාවයකට සියලුම මිනිසුන් පදනම් වීම සැලකිල්ලට ගන්න පුලුවං කම.මේ මිනිස් ඉදීම දෙවියන් නැමැති මහ ඉදීමෙන් ස්තාපිත වූවක්. ඉතිං මිනිසා කියන්නෙ දෙවියන් විසින් නාමකරණය කරන ලද පැවැත්මක්.ඒකයි මොන්සියනෝර් රොමෙරෝ in the name of God දෙවියන්ගේ නාමන් ලෙස We are human beings කියන්නෙ.
සාන්ත ඇන්ස්ලම් (ක්‍රිh.ව.1033-1109) පවසන්නේ හොඳ යනුවෙන් දෙයක් පවතීනම් ඒ හොඳහි පරිපූර්ණත්වයද පවතන බවයි.ඒ පරිපූර්ණත්වය වන්නේ දෙවියන්ය.(God-Good) මේ දෙවියන් ඉඳීමකි.(Being)
Then what good can be lacking to the highest good, through whom all other good exists?
-සාන්ත ඇන්ස්ලම්
සාන්ත ඇන්ස්ලම් අසන්නේ හරි සරල දෙයක්.ඔබ හොඳ යනුවෙන් දෙයක් පවතීයයි විශ්වාස කරනවානම් හොඳ පවතින පරිපූර්ණ ඉඳීමක් විශ්වාස නොකල හැකිද යන්නයි.
දර්ශනවාදය තුල මාර්ටින් හෛයිඩෙගර් (ක්‍රි ව.1889-1946) පැහැදිලි කලා මිනිස් ඉදීම (being) වනාහි ශිෂ්ටාචාරය තමන් විසින්ම පිටතට
ප්රක්ෂේපනය කල මහා ඒකීය පැවැත්මක(Being) සමග කරන අනවරත අරගලයක්ය අනවරත සංවාදයක්ය කියල.හෛයිඩෙගර්ගෙ මුලු දාර්ශනික සොයාගැනීම් සියල්ලක්ම කලහැකි වෙන්නෙ ඊට පෙර මිනිස් ශිෂ්ටාචාරය දෙවියන් නැමති මහා ඉදීමක් සමග නිරන්තරව සිය පැවැත්ම සලකුණු කල නිසා.කොටින්ම දර්ශනය පැන නැගීම යනුම මේ මිනිස් ඉදීම (being) ශිෂ්ටාචාරය විසින් පිටතට ප්රක්ෂේපනය කරක ලද මහ ඉදීමත් (හෛයිඩෙගර් මේකට කැපිටල් B අකුර පාවිච්චි කරල Being කියල ලිව්වා) සමග ඇති සංවාදයක් බව හෛයිඩෙගර් මතක් කරනවා.
විශ්වීය ඉඳීමක් (Being) තුල තමන්ගේ ඉඳීම (being) සලකුණු කරන්න හැකිවීම තමයි අපි මනුෂ්‍යත්වය (human being)කියන්නෙ.මේ නිසා මොන්සියනෝර් රොමෙරෝට දෙවියන්ගේ නාමය (විශ්වීය ඉඳීම) සලකුණු කරන්නේ නැතිව මනුෂ්‍යත්වය ගැන කියන්න බැහැ.
චිත්රපටියෙ මේ සිදුවීමෙම සිය සහායක පූජකවරයා ෆාදර් ඔසූනෝ රාජ්‍ය හමුදාවෙ වද හිංසා හමුවෙ මරණයට පත්වෙනවා.මොනෙසියනෝර් රොමෙරෝ හිරෙන් නිදහස් වෙන්නෙ විශාල බලාපොරොත්තු කඩවීමත් එක්ක.ඔහු විශාල පාලු මූසල තැනිතලාවක පාරවල් යා කෙරෙන මං සංදියක දනින් වැටිල. දෙවියන්ට කතා කරනවා.
I can’t…You must….I’m Yours….Shaw me the way..
මේ තමයි හෛයිඩෙගර් දාර්ශනිකව කියන Being to being සංවාදය.මේක මනුස්ස සංහතිය තුල අනිවාර්ය ලක්ෂනයක්.එක්තරා අතාර්කික අකාලික මොහොතක පැවැත්ම පිලිඹද විවේචක මොහොතක අපි එලියට ප්රක්ෂේපනය කරපු පැවැත්මකට පැවැත්මේ ප්‍රශ්ණ වර නගනවා.මෙතනදි අපි එවැනි මහා විශ්වීය පැවැත්මක් පවතීයැයි පෙරගම්ය ක් විදියට ගන්නවා.විශ්වාස කරනවා.ඉතිං ඒ තමයි දෙවියන් ඉන්නා තැන.
මෙතන වැදගත්ම කාරණය මොන්සියනෝර් රොමෙරෝට එහා කුටිය සිටින ෆාදර් ඔසූනාගෙ වේදනාව සිය ඇදුනුම් කමෙන් එහාට මනුස්ස ඉඳීමක් (being) ලෙස ඇසීම.මේ ඇසීම අනෙක් ඉඳීමක් ඇසීමක්.ඉතිං අපට අනෙක් කෙනෙකුගේ ඉඳීම ඇසෙන්නම් ඒ මැද දෙවියන් ( Being) සිටිය යුතු වෙනව.
තුන්වන ජවනිකාව
චිත්‍රපටිය අවසන් හරියෙදි මොන්සියනෝර් රොමෙරෝ ගරිල්ලා නායකයෙක් වෙන තම සහයක පූජක මෑනුවෙල් මොරැන්ටස් (Manuel Morantes) සමග අපූරු සංවාදයක් යනවා.
Manuel Morantes :Are you ready?Are you ready?
To escape the way really is
Romero :You’re a priest believe in God that power of love.
You used to pray.
Manuel Morantes:I still do
Romero :Why are you carrying a Gun.
Manuel Morantes :How can I not carry one?
…………………………
Romero :The Guerrilla? Is that your? Commuinist?
Manuel Morantes : No. I am a preist who sees Christian and Marxist to liberate the same people. Jesses is a part of that struggle that he would not stand by what is people been murdered.
Romero :………………….You become violent?
Manuel Morantes : How could we contain to speak against violence when they keep killing the people that we love. And even you that met we have the right to defend our
selves
Romero :Your not defending. Your attacking and you lose God just that they have.
මෙතන සංවාදයේ දෙවියන් අහිමි වීමක් ගැන මොන්සියනෝර් රොමෙරෝ කියනවා.මිනිසුන්ට දෙවියන් අහිමි වන්නේ දේව නීතියට පිටුපෑම නිසයි.දේව නීතිය ඉදිරියේ රාජ්ය්ය මර්ධන හමුදාවත් එයට එරෙහිවෙන ගරිල්ලනුත් දෙගොල්ලන්ම එකසේ වැරදිකරුවන් වන බව එකසේ දෙවියන් අහිමි වන බව (you lose God just that they have.) රොමෙරෝ පවසනවා.එනම් දේව නීතිය තියෙන්නෙ හේතුවේ දර්ශනවාදයෙන් පිටයි.හරියටම ආචාර ධර්ම පවතින කලාපය තමයි මේ.ආචාර ධර්ම එන්නෙ ආගමික සම්ප්‍රදායන් හරහායි.එහි දෝෂ කොතරම් තාර්කිකත්වය තුල සහේතුකත්වය තුල පෙන්විය හැකි වුවත් එනම් හරියට මෑනුවෙල් මොරැන්ටස් රොමෙරෝට අවි අතට ගැනීමේ සහේතුකත්වය ඔප්පු කලත් දේව නීතිය හමුවේ ඔහුගේ ක්‍රියාව වැරදි සහගත වෙන්නෙ නැත්නම් දෙවියන් අහිමි වෙන්නෙ ප්‍රතිප්‍රහාරය(Your not defending. Your attacking) දේව නීතියට /ආචාරධර්මයන්ට පටහැනි නිසයි.මොකද මොන්සියනෝර් රොමෙරෝ කියන විදියට දෙවියන් වනාහි ප්‍රේමයේ බලයයි ( God that power of love) .එය
ප්‍රතිප්‍රහාරය අනුමත කරන්නේ නැහැ.දේශපාලනය තුල ආචාර දර්ම පිළිඹදව මෑනුවෙල් මොරැන්ටස් දිගින් දිගටම කරුණු පැහැදිලි කරද්දි රොමෙරෝ දිගින් දිගටම දෙවියන්ගේෙ ප්‍රේමය පිළිඹද ආචාර ධර්මයන්ගෙන් මෙහෙය වෙමින් පූජක මොරැන්ටස්ව දේව නීතිය තුල වැරදි සහගත වීම පෙන්වා දෙනව.මොකද මොන්සියනෝර් රොමෙරෝ වෙනත් තැනක කියනව මේ සිවිල් යුද්ධයේ ප්රධාදාන හේතුව ආර්ථික නීති (යුක්තිසහගත බාවයන්) (Economical justice) බව.මේ දේව නීතිය පිළිඹදව වෙනත් උදාහරණයකින් කිව්වොත් අපට මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැලදීම ගැන විවිද විදියට අර්තකතනයන් ගේන්න පුලුවන්.නමුත් ඒක දේව නීතිය නිසා බුර්කාව ඉවත්කලාම ඔවුන්ට නැතිවෙන්නෙ දෙවියන්වමයි.
‘දෙවියනි ඔබ කොහිද?‘
alchemist
සැප්/ඔක් 2017
කපිල ක්‍රිෂාන්ත