ලංකාවේ දේශපාලන පක්ෂ ඉතාවේගයෙන් කෑලි කෑලි වලට කැඩී වෙන් වෙන් වශයෙන් සංවිධාන ගතව දේශපාලන වෙළඳ පොලක් නිර්මාණය කරගෙන තිබේ. ජන්දයක් ආසන්න වන විට මේ දේශපාලනඥයින් ලංසුු තබමින් අනෙක් පක්ෂ සමග එකතු වන්නට වරප්‍රසාද ඉල්ලති. ජනතාවගේ ජන්දයෙන් තේරීපත්වන ඔවුන් ජනතාවගේ ජන්දය පාවාදී මේ වරප්‍රසාද සහ වරදාන ලබාගනී.
ඒ දේශපානඥයින්ගේ අනුගාමිකයින් බවට පත්වූ කලාකරුවන්ද මේ රටේ සිටින බව වර්තමානයේ ඇතිව ඇති දේශපාලන අර්බූද හමුවේ වඩාත් පැහැදිලිවේ.
නිදහස් කලා සන්ධානය මහින්ද රාජපක්ෂවාදීන් වන අතර ඔවුන් මේ මොහොතේ පාරට බැස ඉල්ලා සිටින්නේ මැතිවරණයකි. ඔවුන් ඒ ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙනි.
තවත් කලාකරුවන් කොටසක් කිසිඳු පක්ෂයකට හෝ සංවිධානයකට අයත් නොවී විවිධ අවස්ථා වල වීදියට පැමිණ ඉල්ලා සිටින්නේ නීතියක් යුක්තියක් මේ රටේ ප්රජාතන්ත්රවාදයක් ආරක්ෂා දෙන ලෙසය.
නිදහස් සන්ධානයේ කලාකරුවන් අතර සිටිනා නළු නිළියන් රටේ ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව උද්යෝගයෙන් දැඩි අවධාරණය කිරීම් කරති.
මධුමාධව අරවින්ද නිළියන්ට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කර තිබිනි.
මේ ආකාරයෙන් අපහාස කරන්නේ තමන්ගේම ෙක්්ෂත්රයේ සහෝදර ශිල්පීන්ට බව ඔහුට කියා දෙන්නට වැඩිහිටි කලාකරුවන් ඒ සන්ධානයේ සිටින බව දුටුවෙමි.
මේ බෙදීම ඇති කරනුයේ කව්රුන් විසින්ද?
තම තමන් කැමති ඔිනෑම දේශපාලන මතයක් දැරීමේ අයිතිය මේ රටේ සෑම පුරවැසියෙක්ම සතුය.කලාකරුවන් ද මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ය.එහෙයින් ඔවුන් ටද ඒ නිදහස අයිතිය තිබිය යුතුය. කලාකරුවන් සියල්ලෝම එකම මතවාදයක සිටිය යුතුය දේශපාලන පක්ෂයක අන්තේවාසිකයින් විය යුතු නැත.
කලාකරුවන් පෙරගමන්කරුවන් බව ඔවුන්ම පවසති. පෙර ගමන්කරුවන් වනවානම් ඔවුන්ට එක් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවට පෙරගමන් කරුවන් වන්නේ කෙසේද?
කලාකරුවකුගේ සමාජ කාර්්‍යභාරය කුමක් විය යුතු යන්න පවා මේ අයට අවබෝධයක් ඇතිද යන්න නොදනී.
කෙසේවුවද මධුමාධවගේ අදහස් දැක්වීමට යළිත් එන්නේනම් ඔහු මේ රටේම ස්වාධීන මත දරන කලාකාරිනියන්ට ව හඳුන්වන්නේ මේ ආකාරයෙනි.
"මට කියන්නෙ තියෙන්නෙ විශේෂයෙන්ම මේ මුහුණු ටික බලන්න ලංකාවේ කලාව වෙනුවෙන් දුක්වින්ද ලංකාවේ කලාකරුවො දුක්විඳිනකොට පාරට බැස්ස මුහුණු මෙතැන තිබෙන්නෙ.
නමුත් රැුඩිකල් වෙන්න ගිහින් හැඩිකරගත් වට්ටි අම්මලා පිරිසක් නිරුවස්තං පරමං සුඛං කියලා රෙද්ද උස්සලා කලාව කරලා රෙදි උනා දමමින් තමන්ගෙ කලාව මහා නිර්මාණ කරුවන් කියලා පෙන්නපු අභූත අමුතු සත්තු වගේ හැසිරෙනවා මනුත් පරපුරේ පිරිස අපි දකිනවා.
හොරෙන් දෙතුන් දෙනෙක් එකතුවෙලා පොඩි පොඩි ප්‍රකාශ කරනවා. අපේ මතයට විරුද්ධ අය මේ වට්ටිඅම්මලා තියාගෙන දේශපලනය කරන්න.අපි ලැහැස්තියි.
කලාකරුවන් හැටියට මේ මුහුණු ඇතුලෙ ලංකාවේ කලා නිර්මාණ වගේම ලංකාවේ කලාකරුවන්ට අපහසුතා ඇතිවන විට සෙවනැල්ලක් බඳුවූ ගෞරවණීය පිරිසක් ලැහැස්තියි අපි කියපු මතයක් එක්ක මහින්ද රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී ඉන්න.
අපි බලන් ඉන්නවා. ජනතාවිමුක්ති පෙරමුණ ඒ වට්ටි අම්මලා එක්ක තමන්ගෙ විමුක්තිකාමී ගමන යන්න. ඒ වගේම එජාතික පක්ෂයේ ඉන්න අයටත් අපි කියනවා ඒ නිරුවස්ත්රම් පරමං සුඛංලත් එක්ක බුදුන්ව රස්තියාදු කරන්නට ආව පිරිස අද රස්තියාදු කරන බවට අපි පොරොන්දු වෙනවා ඊලග ජන්ද යාන්ත්‍රණයේදී ".
මධුමාධව කරන මේ ප්‍රකාශය අතිශය බරපතලය. මහින්දගේ තක්කඩි දේශපාලන ක්රමවේධයේම කොටසකි. පැවැත්ම සාධාගන්නේ තම සහෝදර කලාකරුවන්ට වට්ටි අම්මලා, රෙද්ද උස්්සලා කලාව කරන අය වශයෙන් පරිභව කරමිණි.
මේ ආකාරයෙන් මොවුන් කරන කලාව කා උදෙසාද? මිනිසෙකුට තමන්ගේ එකෙකුට ගරු නොකරන අයෙක් මේ රටේ දේශපාලනය කරනුයේ කෙසේද?
මධු මාධව ජනතාවිමුක්ති පෙරමුනේ කලාකරුවන් ටත් එජාපක්ෂයේ කලාකරුවන්ටත් යැයි කියා පවසන්නේ කුමක්ද?
ඊගාව ජන්ද යාන්ත්‍රණයේදී මධුමාධව පමණක් නොව මහින්දගේ දේශපාලන කණ්ඩායමම මේ රටේ භීෂණය මුදාහැරීමට සූදානම්ව සිටින බව ඔවුන්ගේ මේ ප්‍රකාශ තුළින් ම පෙනේ.
මේ වක්රාකාර තර්ජනයකි.මහින්දගේ දේශපාලනයට ගැතිකම් නොතරන සියල්ල රසිතියාදු කරන්නට මේ කලාසන්ධානය සූදානම් වෙයි.
අතීතයේ ලංකවේ කලාකරුවන් සිය දේශපාලන මතය මුදාහැරියේ ඉතාමත් වැදගත් ලෙසය. ඔවුන්ගේ නිර්මාන තුළිනි. ලේඛකයන්, සිනමා කරුවන් ,රංගන ශිල්පීන්, සංගීත වේදීන්, වේදිකා නාට්‍ය නිර්මාණ කරුවන්, ගුවන් විදුලි ශිල්පීන් ,චිත්‍ර ශිල්පීන් ආදී සියලු කලාවන් තුළ වූ සැබැ කලාකරුවන් ඔවුනගේ විරෝධය එකගත්වය හෝ කලානුරූපී දේශපාලන හැගීම තමන්ගේ ජනතාව වෙනුවෙන් පාලකයන් වෙත මුදා හැරියේ නිර්මාන තුළිනි.
ධර්මසේන පතිරාජා, සුගතපාලද සිල්වා, තිලක් ජයරත්න, ධර්මසිරි බන්්ඩාරණායකල ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස ඇතුලු එකී මෙකී නොකී සියල්ලෝම තම තමන්ගේ අදහස් කලාව තුළින් ප්‍රකාශ කරන්නට තරම් බුද්ධිමත් කලාකරුවන් වූහ.
එහෙත් වර්තමානයේ මේ වීදි බැස කෑ ගසමින් කතාකරන්නා වූ මොවුන් කුමන කලාකරුවන්ද?
ස්වාධීනව සිටිනා කලාකරුවන් බොහොමයක් තැන් තැන්වල මේ රටේ මේ තක්කඩි දේශපාලන මංකොල්ලකෑම්, මංකොල්ලකරුවන්ට මෙන්ම ක්‍රමයට ද එරෙහිව පෙනී සිටින්නේ මධූ කියනා ලෙස හොරෙන් නොවේ.
මධූ කරුණාකර ඔවුන්ට ද ඔවුන්ගේ දේශපාලන මතය හෝ අදහස දැරීමට ඇති අයිතිය පිළිගන්න. මේරටේ අයෙකුට මහින්ද වාදියෙකු වීමටත්ල රනිල් වාදියෙකු වීමටතල් ජේවීපී වාදියෙකු වීමටත්ල කුමන හෝ දේශපාලන මතයක් දරන්නෙකු වීමටත් අයිතියක් තිබේ. එහෙයින් සියල්ලට පෙර තමන්ගේ අනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න.
මඩ ගොහොරු දේශපාලන පල් වලේ එරී දගලන මේ මිනිසුන් කලාකරුවන් විය හැකිද?. දේශපාලන කණ්නාඩිවලින් ඇස් අන්ධ වී මනස් දූෂනය වී තිබේ.
ඒ මජිරි දේශපාලනයේ ස්වභාවයයි.
තනතුරු, තාන්න මාන්න, වරප්‍රසාද ,වරදාන වෙනුවෙන් පෙළගැසී සිටින මේ අය කලාකරුවන් ද යන්න විමසා බලා තීන්දු තීරණ ගෙන මැතිවරණයකදී ඔබ හමුවට එද්දී මේ අයට ජන්දය දෙනවාද නැද්ද යන්න ඔබම තීරණය කරන්න.
දේශපාලනය විසින් කලාකරුවන් ද අසමගි කොට සී සී කඩ විසුරවන්නට මේ ජරා දේශපාලනයට හැකිවී තිබේ.
කෙසේවුවත් මෙවන් ප්‍රකාශ, අවලාද මඩ ගැසිම් මෙන්ම සුපුරුදු ජීවිත තර්ජන, සුදුවෑන,් අතුරුදහන් කිරීම්, මරා දැමීම් ආදී විවිධ නපුර ඉදිරියේදී මාධ්‍යකරුවන්ට, කලාකරුවන් ඇතුළු යුක්තිය, සාධාරණත්වය, ප්රජාතන්ත්රවාද, නීතියේ ස්වාධීනත්වය ආදී යහපත අපේක්ෂා කරන්නවුන්ට බලපවත්වන්නට පුළුවන .ඔවුන්ට එරෙහිව භීෂණය වපුරවන්නට පුළුවන.
එහෙයින්ම මේ භීෂනයට, තර්ජනයට, බලහත්කාරකමට, තක්කඩිකමට එරෙහිව ඉවසීමෙන් ,සාමකාමීව, බුද්ධිමත්ව ක්රියාකළයුතුව ඇත.ක්‍රියාත්මක විය යුතුව ඇත.
නිදහස් සන්ධානයේ කලාකරුවනි...මේ අපහාස කිරීම්, තර්ජනය කිරීම් වහා නවතා සැබෑ කලාකරුවන් ලෙස මානව දයාව, ආදරය, පේ‍්‍රමය ,සෞන්දර්යය, මිත්‍රතත්වය පමණක් වපුරන්න.
එවිට ඔබට අහිමි සියල්ල නැවත පොදු ජනතාවගෙන් නිසියාකාරව ලැබෙනු ඇත.
ජනතාව වෙනුවෙන් තම කලාව හසුරවන්න .දේශපාලන ක්‍රමයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න .
මනෝහාරී හේවවසම්