අපේ යොවුන් වියේ එනම් 70, 80 දසකයේ ඉතාම විශිෂ්ඨ නාට්‍ය කලාවක් තිබිණි.
එම නාට්‍ය කෙරෙහි ජනතා පෙළඹවීමක් ඇති කිරීමට ඒවායේ නිෂ්පාදකවරු මෙන්ම නාට්‍ය පෝස්ටරයද වැදගත් විය. එකල කලාත්මක නාට්‍ය පෝස්ටර් නිර්මාණය කළේ හේවාකපුගේ සොහොයුරන්ගේ අයිපීබී ආයතනය සහ ටීටූ නමින් පෝස්ටර් නිර්මාණය කළ තෝමස් තිලකරත්නය.
අයි පී බී පෝස්ටර් වැඩි ප්‍රමාණයක නිර්මාණ දායකත්වය සිදුවූයේ රැලෙක්ස් රණසිංහ වෙතිනි. ඔහු ටෝනි රණසිංහගේ වැඩිමහලු සොහොයුරා විය.
ඉතා සරල එහෙත් බෙහෙවින් කලාත්මක පෝස්ටර් එකල ඔවුන් වෙතින් නිර්මාණය විය.මුලින් ලෙටර් ප්‍රෙස් ක්‍රමයටද පසුව සිල්ක් ස්ක්‍රීන් ක්‍රමයටද නිර්මාණය වූ මෙම පෝස්ටර් බොහෝ විට දෙවර්ණ පෝස්ටර් වූ අතර කඩදාසියේ සුදු වර්ණයද වර්ණයක් ලෙස භාවිත විය.
වරක් සයිමන් නවගත්න්තේගම ඔහුගේ පුස්ලෝඩං නාට්‍ය සඳහා පල්ප්වලින් විශේෂිත ගෙඩි වර්ගයක් තනවා නාට්‍ය ප්‍රදර්ශණය කෙරෙන ශාලාව අසල මාවත දෙපස ගස්වල එල්ලා ඒ මත පුස්ලෝඩං නමින් සඳහන් කොට අමුතුම වර්ගයේ ප්රචාරක ක්‍රියාවලියක නිරත වු බව මට මතකය. මේ 1976 වැනි කාලයේ විය යුතුය.
යොවුන්වියේ මෙම පෝස්ටර් එකතු කිරීම මගේද විනෝදාංශයක් වූ අතර පසු කාලයේ ඒ සියල්ල දිරා පත්වී විනාශ විය.
මේ එකල අප විසින් බෙහෙවින් අගය කළ නාට්‍යකරුවන් පිරිසකගේ නාට්‍ය සඳහා නිර්මාණ කෙරුණු පෝස්ටර වලින් කිහිපයකි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
https://casite-737679.cloudaccess.net/featured/4442-old-stage-drama-posters#sigProIdd2c2327e7e