චිත්‍ර කලාවටත්,පුවත්පත් කලාවටත් අනුපමේය මෙහෙවරක් ඉටුකළ මොටාගෙදර වනිගරත්න සූරින් විසින් ඇත්ත පුවත්පත වෙනුවෙන් නිර්මාණ කළ මොටා ටයිප් ටයිටල් අකුරු මෝස්තරය ෆොනුරුවක් විදියට ළගදීම ඔබ අතට පත් වෙන්න නියමිතය.
දමිත් වැලිකල නම් වූ අපූර්ව නිර්මාණ ශිල්පියා විසින් මේ ෆොනුරුව නිර්මාණය කරනු ලබයි.අකුරු ෆෞන්ඩ්‍රිය ලංකාවේ සිංහල ෆොනුරූ (ෆොන්ට්)හිඟයට පිළියමක් ලෙස දමිත් වරින් වර සිංහල ෆොන්ට්ස් නොමිලේ ලියන්නන්ගේ අභිරුචිය උදෙසා නිර්මාණය කරන ලදී. සීමිත සිංහල ෆොන්ට්ස් අතරට දමිත් ගේ ෆොන්ට් අකුරුවළින් නිර්මාණශීලි කර්තව්‍යන් හි යෙදෙන්නන්ට සිදවන සේවය ඉමහත්ය.
2020 ජූනි මාසයේ සිට මසකම සිංහල ෆොනුරුව බැගින් එළිදක්වන්නට දමිත් සූදානම් වේ. මේ අනුව මුලින්ම මොටාගෙදර වනිගරත්න ඇත්ත පුවත්පත වෙනුවෙන් 1960 දශකයේදී නිර්මාණ කළ මොටා ටයිප් ටයිටල් අකුරු මෝස්තරය ඇසුරෙන් නිමවන අලුත්ම ෆොනුරුවමොටා ටයිප් වන් (MottaTypeOne) නමින් ජූනි 20 වන දින අන්තර්ජාල එළිදැක්වීමට සූදානම්ය.
මිරර් ආර්ට්ස් දමිත්ගේ නවතම කර්තව්‍ය මෙන්ම සේවය අගය කරන්නෙමු. ඔහුට සුබ පතන්නෙමු.
පහත පළවන්නේ දමිත් ඇත්ත වෙබ් අඩවිය සමග කළ සංවාදයකි. ඔබ දමිත් ගැන කියවා ගන්න.
දමිත් වැලිකල කියන්නෙ නාට්‍යවේදියෙක් විදිහට තමා අපි හඳුනගෙන තිබුණෙ.. මුලින්ම නාට්‍ය එක්ක බැඳුණ ජීවිතය ගැන කතා කරමු.
නාට්‍ය කලාව ගැන ඇල්මක් ඇතිවුණේ මගේ තාත්තා නිසා. පුංචි කාලෙ ඉදන්ම තාත්තගෙ නාට්‍ය කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව මට ලැබුණා. පාසැල් කාලෙත්, විශ්වවිද්‍යාල කාලෙත් නාට්‍ය කටයුතුවලටම තමයි වැඩි උනන්දුවක් තිබුණේ. මුල් වරට මගේම කෙටි නාට්‍යයක් නිෂ්පාදනය කළේ 2008. එතැන් සිට යෞවන සහ රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා වරින් වර කෙටි නාට්‍ය කිහිපයක්ම ඉදිරිපත් කළා. 2012 සහ 2017 වසර දෙකේදීම හොඳම පිටපතට හිමි රාජ්‍ය සම්මාන හිමිවුනා. ඊට අමතරව වේදිකා පරිපාලකයෙකු වශයෙනුත් රාජ්‍ය සහ යෞවන සම්මාන කිහිපයක් දිනාගෙන තියෙනවා.
පරිගණකයේ භාවිතය වෙනුවෙන් සිංහල අක්ෂර නිර්මාණයේ ඉතිහාසය ගැන යමක් කියන්න.
සිංහල පරිගණක අක්ෂර (ෆොන්ට්)නිර්මාණය වීම ඇරඹෙන්නෙ 90 දශකයේ සිටයි. නමුත් ඒ කාලේ අවශ්‍ය මෘදුකාංග ලංකාවෙ තිබුණෙ නැහැ. මුල් වරට පුවත්පතක් සඳහා පරිගණක අක්ෂර මෝස්තරයක් නිර්මාණය වෙන්නේ දිවයින පුවත්පත වෙනුවෙන්. ගුණසිරි කොළඹගේ මහත්මයා ඇඳපු අකුරු මොස්තරයක් එංගලන්තයට යවලා එහෙදි තමයි ෆොන්ට් එක හැදුවෙ. 1998දි පමණ පුෂ්පානන්ද මහත්මයා විසින් නිර්මාණ කරපු අකුරු මෝස්තර එකතුව හරහා සිංහල පරිගණක අක්ෂර ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇතිවුණා. සිංහල පරිගණක අක්ෂර නිර්මාණකරණයේ පුරෝගාමී චරිතය විදියට අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකි පුද්ගලයා තමයි පුෂ්පානන්ද මහත්මයා. වර්තමානයේ අපි නිතර දකින අභය, මලිති, ගැමුණු වගේ සිංහල අකුරු මෝස්තර විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙන්නෙ එතුමා අතින්. ඉතාමත් අවම පහසුකම් සහ තාක්ෂණයක් ඇතිව මීට අවුරුදු විසි ගණනකට උඩදි කරපු ඒ විප්ලවය මහා දැවැන්ත එකක්. ඒ විප්ලවය හරහා සිංහල අක්ෂර නිර්මාණ ක්ෂේත්රයට නව මාවතක් නිර්මාණය වුණා. නමුත් එහි අතුරුඵලයක් විදියට එතෙක් කලක් අතින් ඇ`දපු පැරණි අකුරු මෝස්තර ගණනාවක් ඉබේම අභාවයට යෑමත් නොවැළැක්විය හැකි දෙයක් බවට පත් වුණා.
ඔබ අක්ෂර නිර්මාණයට පෙළඹුණේ ඇයි?
මගේ කුලූඳුල් නවකතාව ලියමින් ඉන්න අතරෙදි තමයි අලූත් අකුරු මොස්තරයක අවශ්‍යතාව මට ඇතිවෙන්නෙ. ඒ වෙනුවෙන් මගේ අත් අකුරු ඇසුරින් කරපු ෆොනුරුවක් මට අවශ්‍ය වුනා. එහි ප්රතිපලයක්විදියට තමයි ‘වැලිකල’ නමින් මගේ පළවෙනි ෆොනුරුව නිර්මාණය වෙන්නෙ. අත්හදා බැලීමක් විදියට කරපු එකක් වුනත් ඒ සඳහා ගොඩක් හොඳප්රතිචාරලැබුණා. එය මේ වන විට අන්තර්ජාලය ඔස්සේ බාගත කිරීම් දසදහසකට වැඩි ගණනක්ප්රමාණයක්සම්පූර්ණ කරල තියනවා. ඒ තුළින් ලැබුණු පෙළඹවීම සහ උත්තේජනය කොයිතරම්ද කියනව නම් මම නවකතාව ලිවීමත් නවත්වල පූර්ණ කාලීනව ෆොනුරූ නිර්මාණකරණයට යොමු වුණා.
එහි තාක්ෂණික පැත්ත ගැනත් යමක් කියන්න.
සිංහල ෆොනුරුවක් සැකසීමේදී අකුරු 180ක් විතර අඳින්න ඕනෙ. යුනිකෝඞ් නම් ඊටත් වැඩියි. උදාහරණයක් විදියට ‘ද’ අකුරේ පමණක් ස්වරූප 10කට වැඩිය තියනවා. ද දි දී ඳි ඳී දු ඳු ද්‍ර ආදී වශයෙන්. ඛ, ච, ට, ඩ, ධ, ම, ඹ, ව වගේ අකුරුවලට ඉස්පිල්ල සහ හල් කිරීම යෙදීම සාමාන්‍ය විදියට කරන්න බැහැ. ඒ නිසා ව්, වි, වී ආදී වශයෙන් මේ හැම අකුරකටම අමතර ස්වරූප 3ක් බැගින් නිර්මාණය කරන්න ඕනෙ. ර අක්ෂරය සඳහාත් ර් රි රී රැ ආදී වශයෙන් අමතර අකුරු 5ක් අවශ්‍ය වෙනවා. ජ සහ ඡු අක්ෂර සාමාන්යක්රමයටහල් කිරීම හෝ ඉස්පිල්ල යෙදීම කළ නොහැකි නිසා ඒ වෙනුවෙන් වෙන වෙනම අකුරු නිර්මාණ කළ යුතුයි.
මේ කටයුත්ත සංකීර්ණ වෙන මූලිකම හේතුව තමයි සිංහල අක්ෂරවල පිලි සමරූපීකරණයක් නොමැති වීම. නිදසුනක් විදියට ත සහ න එකම හැඩයේ වුණත් යොදන්නේ පාපිලි වර්ග දෙකක්. මුර්ධජ ළ යන්නට පාපිල්ල යෙදුවම ළු විදියට අලූත් අකුරක් හැදෙනවා. ඉයන්නේ දීර්ඝය විදියට ඊ අකුරක් වෙනම තියනවා. සම්ප්රදායකමිසක් මෙහි තාර්කික බවක් පේන්න නැහැ. නමුත් අක්ෂර නිර්මාණකරණයේදී මේ සියල්ලම සකස් කරන්න සිදුවෙනවා.
විරාම ලක්ෂණ සහ ඉලක්කම් 10 ද ඇතුළත්ව සලකුණු 180ක පමණ පුවරුවක් අදාළ මෘදුකාංගය තුළ සකස් කරගත්තට පස්සෙ තමයි ෆොනුරුවක් නිර්මාණය වෙන්නෙ.
අක්ෂර එහෙම නැත්නම් මෑතකාලීනව ෆොනුරූ ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වුණ නිෂ්පාදන. ඔබේ අක්ෂර සපුරා නොමිලේ දෙන ඒවා
අක්ෂර නිර්මාණය කලාවක් වගේම එය වෙළඳපොළ තුළ කිසියම් වටිනාකමක් ඇති වෙළඳ භාණ්ඩයක්. නමුත් සමස්තයක් විදියට ලංකාවේ මෘදුකාංග සම්බන්ධයෙන් පවතින ආකල්පය ඉතාමත් කොල්ලකාරී එකක් නිසා ෆොනුරූ වගේ දෙයක් මේ වෙළඳපොළ තුළ විධිමත්ව අලෙවි කිරීම ඉතාම අසීරුයි. මෘදුකාංග මිලදී ගෙන භාවිත කළ යුතු බව බොහෝ දෙනා දන්නෙත් නැහැ. සියල්ල නොමිලේ ලබා ගන්නයි බලන්නේ. කිසියම් මිලක් යටතේ අලෙවි වුණු ෆොනුරූ ටික දවසකින් හැමෝම අතට නොමිලේම එනවා. මේ සඳහා විධිමත් ක්‍රමවේදයක් දැන් දැන් සැකසෙමින් තිබෙනවා. ඉන් පසු ෆොනුරූ වෙළඳපොළට හොඳ මිලක් වගේම කලකුත් ලැබේවි.
මම මේ දක්වා නිර්මාණය කළ සියලූම ෆොනුරූ නොමිලේ තමයි ලබා දුන්නෙ. දැනට පවතින තත්ත්වය යටතේ විකිණීමෙන් ලැබිය හැකි සුළු ලාභයට වඩා එයින් ලැබෙන ආත්ම තෘප්තිය සෑහෙන වටිනවා. නමුත් ඉදිරියේදී අලෙවි කළ හැකි ෆොනුරූ කිහිපයක් නිර්මාණ කරන්නත් අදහසක් තියනවා.
ඔබේ නිර්මාණ කාර්යයන් විදිහට එළිදුටු ෆොනුරූ අතීතකාමී හැඟීම් දල්වාලන පැරණි අකුරු මෝස්තර කිහිපයක්. මොකක්ද මේ පැරණි අකුරු කෙරේ වනප්රේමය?
සිංහල අක්ෂරවල විකාශනය ගැන අධ්‍යයනය කරමින් ඉන්න අතරවාරයේ තමයි මේ අතීත අකුරු මෝස්තර ෆොනුරූවලට නඟන්න ආසාවක් ඇති වුණේ.
එහිප්රතිපලයක් විදියට සියවස් කිහිපයක පැරණි සෙල්ලිපි සහ තඹ සන්නස්වල අකුරු ආශ්‍රේය කරගෙන ‘සෙල්ලිපි’ නමින් මගේ දෙවැනි අකුරු මෝස්තරය නිර්මාණය කළා. පැරණි මුද්‍රණාලවල භාවිත වුණු අච්චු අකුරු මෝස්තරයක් සහ ටයිප් රයිටර් අකුරු මෝස්තරයත් ඉන්පසු නිර්මාණය කළා. මේවා අපේ මතකයේ රැුඳුණු අකුරු මෝස්තර නිසා ඒ ෆොනුරූ ත්‍රිත්වය නම් කළේ ‘මතක අකුරු’ නමින්. ඒ අකුරු එකතුව පසුගිය වසරේ ජුනි මාසයේදී නොමිලේ ජනගත කළා.
‘ඇත්ත’ පුවත්පත වෙනුවෙන් මොටාගෙදර වනිගරත්න ශිල්පියා නිර්මාණය කළ අකුරු මෝස්තරය ඔබේ නවත ම පරිගණක සිංහල ෆොනුරුව. මේ ගැන සඳහනක් කරන්න.
‘ඇත්ත’ පුවත්පතේ ලෝගෝව ඇතුළු එහි භාවිත වූ අකුරු මෝස්තර කිහිපයක්ම නිර්මාණය කළේ මොටාගෙදර වනිරත්න සූරින් විසින්. ‘මොටා ටයිප්’ නමින් එකල මේ අකුරු මෝස්තර ඉතාමත් ජනප්රියවපැවතුණා. නමුත් පරිගණක අක්ෂර භාවිතයප්රචලිතවීමෙන් පස්සෙ මේ අකුරු මෝස්තර බොහෝමයක් අභාවයට ගියා. ඒවා සංරක්ෂණය කළ හැකි එකමක්රමයතමයි ඒ අකුරු ෆොනුරූ විදියට සකස් කරලා නැවත භාවිතයට එකතු කිරීම. ‘මොටා ටයිප්’ අකුරු මෝස්තරයක් ඇසුරින් තමයි මගේ අලූත්ම ෆොනුරුව නිර්මාණය වෙන්නෙ. එය මොටාගෙදර ශිල්පියාට ගෞරවයක් වශයෙන් එතුමාගේ නමින්ම නම් කළා. පුවත්පත් කලාවේ යුගයක් හැඩ කළ මේ අකුරුවලට නැවත පණ දෙන්න ලැබීම ගැන නිහතමානී සතුටක් තියනවා.
නාට්‍ය සහ ෆොනුරු ඉදිරියට එන්න නියමිතව තියනව ද?
මගේ පළවෙනි දිගු නාට්‍ය පිටපත ලියමින් ඉන්නවා මේ දිනවල. ඒ අතරේ මොටාගෙදර ශිල්පියා විසින් නිර්මාණය කළ තවත් ‘මොටා ටයිප්’ අකුරු මෝස්තර දෙකකුත් ෆොනුරූ ලෙස සකස් කරමින් ඉන්නවා.
පෞද්ගලික දිවියෙ විස්තරත් දැනගන්න කැමතියි
මා දැනට නිර්මාණ රචකයෙකු විදියට දැන්වීම්ප්රචාරණආයතනයක සේවය කරනවා. විවාහකයි. බිරිඳ හේමමාලි දිසානායක. පුතා සුඛිත සුධීශ්වර.
සංවාදය : සඳුන් ප්‍රියංකර විතානගේ
ඇත්ත වෙබ් අඩවියෙන් උපුටාගැනීමකි
https://casite-737679.cloudaccess.net/featured/6480-damith-walikala-s-new-font#sigProId930981d26b