නළු නිළියන් යනු මෙරට සම්සථ ජනතාවගෙන් රංගන වෘත්තීය තම ජීවන වෘත්තීය ලෙස තෝරාගෙන කටයුතු කරන ස්වාධීන ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිසිම රජයකට බරක් නොවූ පිරිසකි. එමෙන්ම ලංකාවේ කලාකරුවෝද ලොව අන් රටවල කලාකරුවන් මෙන්ම තම මාතෘ භූමියට සිදුවන පොදු ආපදාවලදී තමන්ට හැකි පමණින් ඊට මැදිහත්ව තම ශ්‍රමය ධනය මෙන්ම කැපකිරීම් ද කරන සුවිශේෂී පිරිසකි.
මේ ආකරයෙන්ම විවිධ වෘත්තීන්හි නියුතු අයද තම තම හැකි පමණින් තම රට වැසියා වෙනුවෙන් පොදු ආපදාවලදී මැදිහත්ව කටයුතු කරනු අපි දැක ඇත්තෙමු. සාමාන්‍ය එදිනෙදා රැුකියාවන් කරන පුද්ගලයින් පවා පොදු ආපදාවලදී රැුස්ව තම ශ්‍රමයෙන් හෝ දායක විම ලාංකික ජනතාවගේ සුවිශේෂී මානුෂික කැපවීමක ස්වභාවය පෙන්නුම් කරයි. ඊට ජාතිභේ්ධ ආගම් වර්ග සහ කුල වාද අයිති හෝ අදාල නොවේ.
ඉතින් මේ ප්‍රවෘත්තියට අදාලව යමක් සටහන් තැබීම අවශ්‍ය වන්නේ නළු නිළියන් ගාය ගායිකාවන් 225 කගෙන් සීඅයිඩීය පරීක්ෂණ පවත්වන බවට වූ ලිපිය සම්බන්ධයෙනි.
අරගලය සඳහා ජනාතාව එක්රොක් වූයේ රටේ පවතින පොදු ආපදා තත්ත්වය සමගිනි. කලාකරුවෝ කවදත් කුමන ආකාරයක ආපදාවක දී වුවු වහාම මැදිහත්වන පිරිසයි. ඔවුන් පෙරමුණ ගත්විට ජනතාව නිතැතින්ම ඔවුන් හා එක්වෙන්නේ රටේ බහුතරයක් දෙනා වෙනුවෙනි.
ගෝටාභය නම් වූ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව වයා ඉල්ලා අස්වී රාජපක්ෂ රෙජීමය ප්රමුඛ ගජමිතුරන් එක්ව රට බකොලාත් රාජ්‍යක් බවට පත්කීරීම හේතුවෙන් ඔවුන් විසින් මංකොල්ලකන මුදල් නැවත ලංකාවේ රාජ්‍ය වෙත ලබාගැනීමට අවශ්‍ය විධි විධාන මෙන්ම 20වන සංශෝධනය අහෝසි කොට 21 වන සංශෝධන බලාත්මක කර රාේ විධායක බලතල අහෝසිකොට පාර්ලිමෙන්තුවට වගකියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මෙන්ම රටේ යල් පැන ගිය නීති ප්රථිසංස්කරන්ය කොට වඩා දියණු සමාජයක් වෙතට ගමන් කළ හැකි සැමට එක හා සමාන නීතිය ස්ථාපිත කිරීම වැනි වඩා වැදගත් ඉල්ලීම් රැුසක් සමග මෙම අරගලයට මැදිහත්වූයේ කිසිදු පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් නොවන අතර අරගලයට සම්බන්ධ වූ බොහෝ කලාකරුවන් මේ රටේ දේශපාලනික කුමන්ත්‍රණ සිදුවූ බෙහෝ අවස්ථාවල තම ස්වාධීන විරෝධය පෑ පිරිස් වීම විශේෂත්වයක් විය
එම පිරිස් වලට අමතරව බොහෝ ප්‍රවීණ කිසිදු විිටක මින් පෙර අරගලයකට සෘජුව මැදිහත් නොවූ කලාකරුවන් ගායක ගායිකාවන් පිරිස් ද සමාජ ක්‍රියාකාරීන්ද ලේඛක ලේඛිකාවන් ද ඇතුලු සමස්ථ කලාකරුවන් රැුසක් මෙවර අරගල බිම ට පැමිණියහ. විශේෂයෙන් නන්දා මාලිනී ස්වර්ණා මල්ලවාආරච්චි මහාචාරය සුනිල් ආරියරත්න පීටර් ඩි අල්මේදා සුනේත්‍රා රාජකරුණානයක වැනි අය ඇතුලු සුවහසක් පිරිසකි.
එමෙන්ම අරගලය නිර්පාක්ෂිකව නිර්මාණාත්මකව ඉදිරියට ගෙන ආවේ කලාකරුවන් ගේ මැදිහත්වීමෙනි. අරගල භූමිය තුුළ කලාව සෞන්දර්්‍යය ස්ථාපිත කරමින් පුස්තකාල සිනමාශාලා සංගීත සංධවනි විරෝදාකල්ප ගී චිත්රයෙන් කළ හැකි අරගල ආදී වශයෙන් විිධ සෞන්දර්යාත්මක හැඩ තල එක්කරමින් සටන් භූමියේ ආවේගය විචිත්‍රවක් ළේ සංයමය ගොඩ නැගුවේ අරගල කරුවන්ට එය තෝතැන්නක් කරනු ලැබුවේ කලාකරුවන් බව නෙරහසකි.
රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කළ බහුතරයක් නළු නිළියන් සිටියද මෙවර රාජපක්ෂ රෙජීමය ට සහාය දක්වන්නට කලාකරුවන් යැයි කියනා පිරිස් නොවීම ද විශේෂතවයක් විය. නමුත් රාජපක්ෂ රෙජීමයේ ප්‍රභල සාමාජික කලාකරුවන් වූ මාලිනී රවීන්ද්‍ර‍්‍ර වසන්ති චතුරානි ජැක්සන් ඇන්තනී චන්න විජේවර්ධන උපුලී භාතිය සන්තුෂ් ඇතුළු නළු නිළියන් ඇතුලු ගායක ගායිකවන් කිසිවකු මෙම අරගලයට දායක නොවීය
කිසිදා අරගල භූමියක නොදැකපු ශෂිකා නිසංසලා උරේෂා රවිහාරී වැනි ජනප්‍රිය ශිල්පීන් ද අරගලබිමට පිවිසියේ වර්තමානයේ රටක් ලෙස මුහුන පා ඇති අතිශය බැරැුරුම් අවස්ථාවේ අතපය බැඳ නිකන් සිටීම රටක පුරවසියන් ලෙස ජනතාවගේ ආදරය දිනාගත් අය ලෙස ජනතාව මුහුන පා සිටින අතිශය දුෂකර අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් තම හෘද සාක්ෂියට එකගව හඩ අවදිකිරීමටය.
සමාජ මාධ්‍ය තුළින් ලෝකයේ බොහෝ රටවල් වල කලාකරුවන් දේශපාලකයන් ක්‍රීඩා වෘත්තකියින් ඇතුළු බොහේ පිරිස් තම ස්වාධීන අදහස් ජනතාව වෙත සන්නිවේදනය කරයි. ඩොනල්ට් ට්‍රම්ප් නැවත ජනාධිපතිවරණය ට ඉදිරිපත් වන විට එරට ප්රමුඛ පෙලේ කලා කරුවෝ ඩොනල්ට් ට්‍රම්ප්ට විරුද්ධව බොහේ දේ සමාජ ගත කලෝය.නමුත් ඔවුන්ව කිසිවකු විසින් ප්‍රශ්න කළේ නැත.
විවිධ රටවල විවිධ අරගල දියත්්වූහ කලාකරුවන් සමාජ ක්‍රියාධරයින් ඇතුළු බොහෝ රට වැසියන් ඊට දායකවූහ. නමුත් කලාකරුවන් ඇතුලු පිරිස් රාජ්‍ය මර්ධනයට ගොඳුරු නොවූහ. ප්රචන්ඩ ලෙස හැසිරෙන් සාමයට බාධා කරන පොදු දේපල හානි කරන ලද වුන් ට නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණය.
ජනතාව තම රාජ්‍ය පාලකයන් නිසි ලෙස රාජ්‍ය පාලනය නොකරන්නේනම් ආර්ථික කළමනාකරනය සිදු නෙකරන්නේම් ඥාතී සංග්‍රහයන් කරමින් රටේ ජනතාව ආර්ථික පීඩාවට පත් කරන්නේනම් ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබානොදෙන්නේනම් රට පාලනය කරන්නට බැරිනම් උද්දච්චනම් ඇහුම් කන්නොදේනම් වංචා සහගත නම් මෝඩනම් ෆේල්නම් ජනතාව එකහඩින් ඉල්ලා අස්වෙන්නැයි බල කරන්නේනම් ඔහු හෝ ඇය වහා ඉල්ලා අස්වී රට කළහැකි අයෙකුට හෝ කණ්ඩායමකට පවරා නැවත ආණ්ඩුක්‍රම ව්යවස්ථානූ කූලව ජනතාවට කැමති අයෙකු පත්කර ගෙන රට නැවත හරි දිශානතියක වෙත ගෙනයාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය.
රටේ තරුණයන් විද්වතුන් වෘත්තීකයින් කලාකරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාව ම ගෝටාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ නාමල් බැසිල් ඇතුළු සම්ස්ත රාජපක්ෂ වරුන් ප්රමුඛ ඔවුන්ගෙන් රැුකෙන ඔවුන්ව රකින් දේශපාලකයින්ට ද ගෙදර යන්නට බලකර රටක් ලොකයක් පවසන විටක ලෝකයටම නරක පූරව්දර්ශ සපයමින් අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටී.ඔවුන් අපේ රට මෙන්ම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය විනාශ කොට තිබේ. රට ආර්ථික ආඝාධයකට තල්ලු කර දමා තිබේ. ශවුන්ට රට ගැන හෝ රටේ ජනතාව ගැන වේදනවාක් ආදරයක් හැගීමක් නැත. ඔවුන්ට සැමදා අවශ්‍ය වූයේ බලය සහ බලය තුළින් පවුල ගොඩ නැගීම පමණි. දැන් ඔවුන් රට විනාශ කොට ඇත.
මෙවන් පසුබිමක කලාකරුවන් සමාජයක පෙර ගමන් කරුවන් ලෙස ලෝකයක් පිළිගන්නා පසු බිමක මෙම අරගලය තුළ මැදිහත්ව ක්‍රියා කළ වැඩ කටයුතු කළ කුමන ක්ෂෙත්රයක හෝ නියුතු කලාකරුවන් රාජ්‍ය මර්ධනය යොදවමින් අත්අඩංගුවට ගැනීම ඔවුන් ට වක්‍රාකාරව මර්ධනය දියත් කිරීම තැතිගැන්වීම ආදී රාජ්‍ය මර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීම පිළිකුලෙන් යුතුව හෙලාදැකිය යුතුව ඇත.
පාර්ලිමේන්තු නියෝජනය කරන රාජපක්ෂ හිතවාදී න් විසින් නිරායුධ සාමාකාමී අරගලයට හිතා මතා සැළසුම් සහගත්ව පහරදීම සඳහා අරලිය ගහ මන්දිරයට එක් රැුස්ව අගමැකිවරයා ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නට නොදෙන බලකිරීම කරමින් මේ වනිවට හඳුනාගෙන ඇත් ප්රචන්ඩ මිනිස් සමූහයක් විවිධ ප්‍රදේශ වළින් රැුගෙන විත් මත්පැන් පොවා කන්ට දී මුදල්ද ලබාදී මයිනා ගෝ ගමට සහ ගෝටා ගේා් ගමට ම්ලේච්ජ ලෙස පහර දෙන්නට පොළඹවාලූ පුද්ගයින් ඉතා පැහැදිලාව සාක්ෂි සහිතව පෙනෙන්නට තිබියදී ඔවුන් ගෙන් සමහරක් පමණක් අත් අඩංගුවට ගෙන අනිත් අය මේ වනවිට රජයේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ව රැුකවල් ලා ආරක්ෂා කරගනිමින් සිටිති.
පාස්කු ප්‍රහාරය සිදුවී වසර 03ක් ගතව ගියක් බලයට පැමිණි ආණ්ඩුවට එම ඝාතකයන් සහ එහි මහපොළකරුවන් කව්ද යන්න විමර්ෂණය කොට අල්ලා ගැනීමට ඔවුන්ට දඩුවම් පැමිණවීමට කිසිවකු සමත්ව නැත.
ඒ වගේම මෙම සාමාකාමී උද්ඝෝෂණයට මැර පහර දෙන්නට පෙළඹවූ මහ මොලකරුවන් තවමත් අත් අඩංගුවට ගෙන නැත.
මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ජොන්ස්ට්න් ඇතුළු පිරිස පාර්ලිමේන්තුවට පැමිණ මෙම අරගලයට දායක වූ තරුණ තරුණියන් පුනරුත්තාපනය කොට සමාජ ගත කළයුතු බව පවසන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය.
රටේ සම්පත් අවබාවිතා කරන මංකොල්ලකන එවුන්ට සහාය පළකරන එවුන් පමණක් සමාජයේ යෙහෙන් වැජඹෙන්නට හැර අනික් අයගේ මොළ ඔවුන්ට අවශ්‍ය පරිදි හරවා සමාජ ගත කරන්නට කියන්නේ නාමල්ගේ ජනාධිපති වීමේ සිහිනයට යන්නට ඇති සියලු බාධා ඉවත් කර ඔවුන්ට ඔ්නෑ ආකාරයට රටේ ජනතාව ගොන් මීමන් සේ සිටීමට මර්ධනය කොට බය ගන්නවා තබා ගැනීමේ් උවමනාව මතය.
රාජපක්ෂය රෙජීමය ගෙදර යවන සටන නව වටයකින් ඇරඹෙනු ඇත. අරගලය වෙනස් අයුරකින් නැවත ඇරඹෙනු ඇත.
කලාකරුවන් ප්රචන්ඩත්වය වපුරන්නේ නැත. ඔවුන් අරගලය තුළ සක්‍රීයව තම තමන්ගේ කාර්්‍යභාරයන් යුක්තිය උදෙසා කටයුතු කරනවා පමණි.
ලංකාවේ පොලීසිය ති්රිවිධ හමුදාව ආරක්ෂා කරන්නේ බල ලෝභී දේශපාලන ජුන්ටාවන් මින රටේ පොදු ජනතාව නොවන බව ඉතා පැහැදිලිව මෙවර අපිට දැකගන්නට සැලැස්වූයේ පොලිස්ති සහ අනෙකුත් වග කිවයුතු අය විසින්ය.
ජනතාවට විශ්වාස තැබිය හැකි පොලිසියක් ගොඩ නැගිය යුතුව ඇත. පොලිසියේ ඉහළ පුටුවල සිටින්නේ දේශපාලකයින් රකින වුන්ගේ වහලුන් ලෙස හැසිරෙන්නවුන්ය. ඔවුන්ට මිනිස් ආත්මයක් නැත. ඔවුන්ගේ ආත්මය මරාදමා බල ලෝභී දේශපාලකයන්ගේ අතකොලු බවට පත් කරඇත. ඒ නිසාම ජනතාව විසින් අරගලයට ප්රචන්ඩලෙස පහර දෙන්නට පැමිණි මැරයන්ට අනුබල දුන් පොලිස් නිළධාරියෙකුට පහරදෙනු ලැබීය. එය ඔවුනගේ කුමන්ත්රනයේ කොටසක් ද විය හැකිය. නැතිනම් ජනතාව එවන් මුග්ධ පොලිස් නිළධාරීන් සමග ඇත්තේ තදබල කොප්යක් සහ තරහකි.
ලංකා ඉතිහාසයේ වරින් වර කලාකරුවන් ඝාතනය කිරීම් මාධ්‍යවේදීන් මරා දැමීම් පැහැරගෙන ගොස් වද දීම් අතුරුදහන් කිරීම් මෙන්ම බිය වැද්දීම්ඇතුලු අනේක විධ කෘරත්වයට පත් කර තිබේ.
මෙවර මෙමම දේශපාලකයන්ට එවැනි කෘර ලෙස ඝාතනය කරන්නට පැහැරගෙන යන්නට බිය වද්දන්ට තලා පෙළන්නට කිසිවෙකු ඉඩ තැබිය යුතු නොවේ.
කලාකරුවන් සියල්ලෝම එකම පවුරක් සේ නැගී මෙම රාජ්‍ය ත්රස්තවාදයට එරෙහි විය යුතුය. කලාකරුවන්ට මෙන්ම අනෙකුත් සහෘදයන්ට කරන තලා පෙලා දැමීම හිරිහැර කිරීම් නිදහසේ ජීවත්වන්නට ඇති අයතීන් මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ආදී සකලවිධ කාරනා වලට එරෙහිව රොද බැධිය යුතුය.
කලාකරුවන් දෙපිල නොබෙදිය යුතුය. ප්‍රභලව තමන්ගේ ආස්තානය ආරක්ෂා කරගනිමින් නැගී සිටිය යුතුය.
මර්ධණය හෙළාදැකිය යුතුයි. රාජපක්ෂ රෙජීමය ඇතුලු රාට් ජනතාවට අපරාධ ළ දේශපාලකයින් සිරගත කරන තුරු පළවා හරින තුරු මෙම අරගලය කලාකරුවන් විසින් අඛන්ඩව ගෙන යා යුතුය.
රටේ ව්‍යවස්ථාව වෙනස්කොට රට යළිත් ගොඩ නැගීම උදෙසා කලාකරුවන් සියල්ලෝම එකාවන්ව අලුත් ක්‍රමයක් නොමැතිනම් අලුත් සිසි්ටම් එකක් ගොඩ නැගීම් උදෙසා තම කැපනිරීම් කළයුතුය.
මේ ඒ සඳහා න්‍ූ ස්වර්ණමය අවස්ථාවය.අරගලයට හදවත දිය හැක්කේ කලාකරුවන්ටය. සිරස දිය හැක්කේ විද්වතුන්ටය.
කලාකරුවන්ට කරනු ලබන මර්ධනයට එරෙහිවෙමු.
ජායාරූප කල්ප රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙන් සහ නිරෝෂා ජයවර්ධනගේය