ඔබ 80 දශකයේ රූපවාහිනී නාට්‍ය පේ්රක්ෂකයෙක් නම් ජැක්සන් ඇන්තනී නම් වූ රංගධරයාගේ රූපවාහිනී නාට්‍ය ඔබට දැක ගත හැකිවන්නේ මෙරට ටෙලි නාට්‍ය වංශ කතාවේ නොමැකෙන, කලාත්මක ගනයේ ටෙලි නාට්‍ය තුළ ඔහු කළ රංගන ප්‍රතිභාව නිසාත්ය.
තිලක් ජයරත්න ලියා, ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ කඩුල්ල කිසිදු ටෙලිවිෂන් පේ්රක්ෂකයෙකුට අමතක කළ නෙහෙැකි ඉහළ ගනයේ රසවින්දනයක් තිබූ ටෙලි නාට්‍යයකි. එහි ජැක්සන් තම රංග ප්‍රතිභාව විදහා දැක්වූ ටෙලි නාට්‍යක් විය. එසේම ලාදුරු රෝගය පිළිබඳ තේමාකොටගත් ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කළ ඇල්ල ලග වලව්ව තුළ ජැක්සන්ගේ සැගවුනු චරිතය කිසිවකුට අමතක කළ නොහැක.
වේදිකාවේ මධුර ජවනිකා හි විරුදු පෙළ ඔබට මේ දැන් ඇසෙනාවක් මෙන් විය යුතුය. මරාසාද් හි මරා... සාදාකාලික සිහිවටනයන්ය. එමෙන්ම ජැක්සන්ගේ සිනාමවතරණය තුළ ඔහු කළ විවිධ ශෛලියේ චරිත තුළින් ඔහු මෙරට සිනමා රසිකයාගේද හදවත දිනාගනු ලැබීය.
ජැක්සන් දැණුම සොයා යන්නෙකි. දැණුම සොයා ගත්තෙකි. ඔහුගේ දැණුම විවිධ ගුවන් අවකාශ තුළින් පොදු ජනතාව සමග බෙදාහදාගත්තේ නිර්ලෝභීවය.
ජැක්සන් ඇන්තනී ගායකයෙකි, රචකයෙකි, විද්වතෙකි,ලේඛකයෙකි, සාහිත්‍යධරයෙකි, රංගන ශිල්පියෙකි, සම්ප්රවේශකවරයෙකි, නිර්මාණශීලි අධ්යක්ෂවරයෙකි.
වර්තමානයේ ජැක්සන් ගැන විවිධ මාධ්‍යන් තුළින් ලියන බොහෝ දෙනා ඔහුගේ ජීවිතය පිළිබඳ ඇති අවිනිශ්චිත වාතාවරණය පිලිබඳ අතිශය කම්පනයට පත්ව සිටින්නෝය. මුහුනුපොත තුළ ඉහළට පහළට යන සෑම විටකම ජැකා නැගිටින්න යනුවෙන් ලියා තිබේ. ඔහුට අවදිවන්නැයි කියයි. ජැක්සන් සිටින්නේ අවදිවය. ඔහු මේ සමාජය තුළ අවදිව සිටී.
ජැක්සන් පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති පොදු විවේචනය වන්නේ ඔහු දැරූ දේශපාලන මතවාදයන්ය. ඔහුට කැමති සහ ඔහුට ඒ මොහොතේ පෙනී සිටීමට සිදුවූ දේශපාලනය වෙනුවෙන් නොව පුද්ගලයන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේය ඔහුට නිවැරදි දේශපාලන මතවාදයක් තිබෙන්නට ඇත . නමුත් ඔහු රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් ම පෙනී සිටියේ දැනුවත්වමය. ඔහු වාමාංශිකයෙකු නොවේ. ඔහු දක්ෂිනාංශිකයෙකු ද නොවේ ඔහු මැදමාවතේද නොවේ... බැලූ බැල්මට එසේය. ඔහු මොහොත පිළිබඳ සවික්ඥ්ඥානිකව සිය පෙනීසිටීම කරන බවක් පෙනේ. ඒ ඉතින් ඔහුට ඇති ප්රජාතන්ත්රවාදී අයිතියය.
කලා කරුවෙකු යනු පෙර ගමන් කරුවෙකි. ජැක්සන් වැනි අති දැවැන්ත චරිත ගොඩ නැගෙන්නේ හුදකලාව නෙවේ. මේ අපේ මහපොළවේ හුදී ජනතාවගේ ආදරය ඇල්ම බැල්ම සහ පැරන්න්ගේ ඥාන සම්භාරයේ දැණුම තුළිනි. ඔ්නෑම අයෙක් පෝෂණය වන්නේ දේශපාලනික අප්රමාණිකයන්, සාහිත්‍ය අප්රමාණිකයින්, විශේෂයෙන් ඔහු ඇසුරු කළ සුගතපාල ද සිල්වා ,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ,ධර්මසේන පතිරාජ, මහාචාර්ය සුනිල් ආරියරත්න, සුචරිත ගම්ලතුන් ,තිලක් ජයරත්න, ආචාර්ය තිස්ස අබේසේකර ඇතුලු සුවහසක් විද්වතුන් ආදී වශයෙන් ද මහා ප්‍රවීණ ස්වාමීන්වහන්සේලා වැනි විද්වතුන් උගතුන් අප්රමාණිකයන් ඇසුරේ ගැවසුන ඇසුරු කළ ජැක්සන් යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇතිකරගත් අයෙකි. එවැන්නන් ඇසුරේ ඔහු ගොඩ නගාගත් පෞරෂය තුළ ඔහුගේ ගමන් මග තුළ යන්නට මේ සාජයේ කීදෙනකේ ඔහුව රෝල් මොඩ්ල් කෙනෙක් කරගන්නට ඇතිද ජැක්සන් වගේ රගපානවා, ජැක්සන් වගේ කතා කරනවා, ජැක්සන් වගේ ලියනවා ආදී වශයෙන්...ඉතින් ඒ නිසා ඔහු පෙර ගමන් කරුවෙකු නොවන්නේ කෙසේද ?
ජැක්සන්ගේ දේශපාලන මතවාද සමග එකග නොවන බොහෝ දෙනා ජැක්සන් වෙනුවෙන් ඒවා පසෙකලා ඔහුගේ වටිනාකම් පිරුණු ජීවිතය වෙනුවෙන් යාඥා කරති!සුවපත් බව ප්‍රාර්ථනා කරති! ඇත්තෙන්ම ජැක්සන් සුවපත්ව යළි දෙපයින් නැගී සිට සිය මධුර ජවනිකා ඉදිරිපත් කළ යුතුමය. සුවහසක් මිතුරු මිතුරියන් ජැක්සන්ගේ ඇසුර නැවත නැවත ප්‍රාර්ථනා කරයි. ඔහුගේ දරුවන් සිය පියාගේ නැවත පැමිණීම ඔහුගේ ආදරය රැකවරණය අපේක්ෂා කරයි. කුමාරි සිය ස්වාමියාගේ උනුසුම අපේක්ෂා කරයි.
මාධවී දියණියක ලෙස සිය මුහුනු පොතේ තබා තිබූ සටහන හෘද සංවේදීය. ඔනෑම සිතක් කම්පා කරන සුලුය. ලියුම්කරු එම සටහන මෙහි තබන්නේ ඇයගේ හදවතේ ඇතිව ඇති ඒ ගැස්ම කම්පනය ඇයට ඒ ආකාරයෙන් මේ මොහොතේ නිර්වචනය කර ගැනීමට හැකිවීම යම්කිසි සහනයක් ඇය ලබන්නට ඇති නිසාය.
උපුටාගැනීම
"හිනාවෙන්නෙ කොහොමද අප්පච්චි එනකන් මං එහෙම.
මල්ලිලාටත් එහෙමයි......
මගෙ ලෝකෙම කඩන් වැටෙද්දිත් මං ගණන් ගත්තෙ නෑ.
මං ආඩම්බරයිලු චූටි කාලෙත් අම්මගෙ යාලුවො මට විහිලු කරද්දි මම කිව්වලු.
'දන්නවද මගෙ අප්පච්චි කව්ද කියලා? මම ජැක්සන් ඇන්තනීගෙ දුව'
ඒ මගෙ ආරක්ෂාව. මගෙ සුරේ. මගෙ ශාන්තිකර්මය. මගෙ හයිය.
'මං පුතාට ඉන්නවා', කියන්න කෙනෙක් හිටපු නිසා.
හිත රිදුනම හදන්නත්. මේ වයසෙදිත් ලෙඩ වුනාම මං එක්ක ඉස්පිරිතාල යන්නත්. රට ගියාම අප්පච්චි ට කිසිවක් නොගෙන සූට්කේස් පිරෙන්න අපිට තෑගි ගේන්නත්. බඩගිනි නැතුවත් ආසාවට කචඩ ගෙනත් දෙන්නත්....
ඉස්සර ඉඳලා අප්පච්චි ගෙදර එද්දි අපි දුවනවා ඉස්සරහට
මොනා ගෙනා.... මොනා ගෙනා..... කියාගෙන
යෝගට්, ලොකු කිසස්, උඳු වඩේ, තල ගුලි, බූන්දි, පුහුල් දෝසි.....
මං කෑමදාස, අප්පච්චිගෙ...
'මේකි පොල් ලෙල්ලක් ඉව්වත් රහයි', මට කියලා කෑම හදාගන්න ආසයි නේද?
අනික් අය යාලුවො එක්ක 'එළියේ සෙට්වෙද්දි'අප්පච්චි ආස ගෙදර අපි එක්ක සෙට් වෙන්න. කන්න බොන්න සිංදු කියන්න දරු හුරතල් බලන්න.
ඔව් මම අවුරුදු 20 ඉඳන් මෝඩ වැඩ කරද්දිත් හීනෙන්වත් නොකරපු වැරදි කළා කියල යාලුවො එක්ක ජෝඩු කරලා ඉරිසියාකාර අවලම් මිනිස්සු එයාටත් එක්ක පද හදද්දිත් මම කටුසු කරේ රත්තරං බඳිද්දිත්
මාව බදාගෙන වාතෙ කිව්වෙ ආදරේ නිසා බව දන්නවා.
අපිව ගෙන්නගෙන සිංදු කියවගත්තෙ මුළු අයිසීයූ එකටම ඇහෙන්න ආඩම්බරෙන් නයි අරින්නත් එක්ක බව අපි දන්නවා.....
'හිතයට මතක පොතේ පිටු මත සිහින පිරේ' මං ආසම ඒ කෑල්ලට, විසි පාරකට වඩා කියන්න කිව්වා
අපි තමයි අපිව දන්නේ
දුවට එන්න කියන්න, අන්තිමටත් එහෙම කිව්වෙ ඇයි කියලා මම දන්නවා....
අද මං ඉන්නෙ අඳුරේ ලොකු බයක.
නැගිටින්නකො අප්පච්චි මට පාලුයි....
මාධවී වත්සලා ඇන්තනී
උපුටාගැනීම අවසන්
අද මම ඉන්නේ අඳුරේ ලොකු බයක. දුවෙකුට එහෙම හැගීමක් දැනෙන්නේ අහිමිවේදෝයි යන්න පිළිබඳ ඇති සැකය සිතට වද දෙන බැවින් විය යුතුය. නමුත් අපි හෘදයාංගවම ප්‍රාර්ථනා කරමු වත්සලාට ආයෙත් තාත්තව ගෙනත් දෙන්න තරම් ස්වභාවධර්මයේ සියලු ශක්තීන් කාරුණික වෙත්වා කියා.
අපි එහෙම ප්‍රාර්ථනා කරනකොට ප්‍රගීත් එක්නැලිගොඩගේ දරුවන් වෙනුවෙන් අපිට ප්‍රාර්ථනා කරන්න හිතෙනවා යළි යළිත් අනේ ඒ දරුවන්ටත් මාධවී ට දැනුණ දේම දැනෙන්න ඇති සන්ධ්‍යාටත් බයක් දැනෙන්න ඇති . පේ‍්‍රමකීර්තිගේ බිරිඳ නිර්මලාටත් එහෙම දැනෙන් ඇති. ඒ වගේ සුවහසක් දූවරු බිරින්දෑවරු අම්මාවරු උතුරෙත් දකුණෙත් ඉන්නවා බයේ ගැහෙමින් තම පියා නැති නිසා අම්මා තනිවෙලා නිසා තමන් ට පාලු නිසා...ඉතින් මේ මොහොත වනවිටත් රටේ අරගලයේ යෙදී සිටි සමහරුන් ට එහෙම වෙමින් තිබෙනවා.... අපි ඔවුන් වෙනුවෙනුත් මොහොතක් නැවතී සිතමු ස්වභාව ධර්මයේ අනුකම්පාව ඔවුන්ටද ලැබේවා කියා .ජැක්සන් රටට වටිනවා ඒ පවුලට වටිනවා යාලු මිත්‍රාදීන්ට වටිනවා ඒ වගේ හැමෝටම හැමෝව වටිනවා.
ජැ්සන් ප්‍රඥාව පිරුණු මිනිසෙක්. ඔහු ට වේදිකාවේ දොරවල් ඇරී තිබෙනවා. සිනමාවේ කැමරා සැදී පැහැදී සිටිනවා... ඉතින් තුන්වරක් සීනුව නාදවෙනකොට ජැක්සන් වේදිකාවේ තිරය පිටුපස සිට බලා සිටිනවා මොහොත එනතුරු නැවත වේදිකාවේ පේ්රක්ෂකාගාරය පිනවන්න... පේ්රක්ෂකයන් ද බලාසිටිනවා ජැක්සන්ව දැක ගන්න..
1958 ජූලි 08 වෙනිදා රාගම පොඩිවීකුඹර ග්‍රාමයේ උපන් කංකානිගේ ජෝෂප් මල්සි ජැක්සන් ඇන්තනී,ජැක්සන් ඇන්තනී ලෙසින් සමාජය තුළ බෞතීෂ්ම ලැබීය.
අත් ,මෝරා, මධුර ජවනිකා, ඔත්තුකාරයා ,ලෝමහංස ,මරාසාද්, තාරාවෝ ඉගිලෙති මෙතැනින් මාරුවෙනු ,ධවල භීෂණ ඇතුලු වේදිකා නාට්‍ය රැසකද පළිගු මැණිකේ, තාරාදේවි, කඩුල්ල, ඇල්ල ලග වලව්ව, පිටගම්කාරයෝ, වෙද හාමිනේ, අකාල සන්ධ්,යා කන්දෙ ගෙදර, සුසීමා, අප්පච්චි, බණ්ඩාර දෙවියෝ ඇතුලු රූපවාහිනී නාට්‍ය රැසකද ගුරුගෙදර, අයෝමා, චිට්ටී, ලොකුදුව,තරණය, බවදුක, බවකර්ම ,පුනරුප්පත්තිය, ගිණි අවි සහ ගිණිකෙළි, විසිදැළ, මාරියාව, අස්වැසුම, මිල්ලෙ සොයා, අග්නිදාහය, සූරිය අරණ, රන්දිය දහර, ගරිල්ලා මාර්කර්ටින්, ඝර සර්ප, කුස පබා, මහරජ ගැමුණු, ප්‍රවේගය, අඩ්රස් නැහැ, ධර්මයුද්ධය,උදුම්බරා ඇතුලු සිනමා නිර්මාණ රැුසක ඔහු සිය රංගන කෞෂල්‍ය අප්‍රමාණව විදහා දැක්වීය.
ජැක්සන් පිළිබඳ සෝමරත්න දිසානායක චිත්‍රපට අධ්යක්ෂවරයා කළ ප්‍රකාශය සමග ජැක්සන් ගේ ජීවිතය පිළිබඳ අවදානම බොහෝ අයට දැනෙන්ට පටන් ගත්තේය. ඒ නිසා බොහෝ අය තමන් විශ්වාස කරන ආගම ධර්මයන්ට අනුව ජැක්සන් වෙනුවෙන් විවිධ පිංකම් පූජාවන් පවත්වා දෙවියන්ට බුදුන්ට ඇතුලු සියලු බලවේගයන්ට කන්නලව් කරමින් කියා සිටියේ ජැක්සන් ට ඉක්මන් සුවය ලබාදෙන ලෙසටය .
ජැක්සන් සුවපත්වේවා! සුවපත්වේවා! සුවපත්වේවා !පූර්ණ සුවය ලැබේවා! පූර්ණ සුවය ලැබේවා! පූර්ණ සුවය ලැබේවා!
මිනිස් ජීවිතයක වටිනාකම ජීවිතයක වටිනාකම කොතෙක්දැයි අපිට දැනෙන්නේ අපේ අය අපි ආදරය කරන අය අපිට සමීප අය අපට අවශ්‍ය අය අසනීප වූ විටය.කරදරයකට පත්වූ විටකය. ජැක්සන් අපි සියලු දෙනාට එවැන්නෙකි.වටින්නෙකි.
ජැක්සන් ජීවිත අවදානමකට ලක්ව සිටින්නේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුන නවතම සිනමා නිර්මාණයේ රූගත කිරීමක් අවසන් කොට නැවත නවාතැනට පැමිනෙමින් සිටින විටය. ඔහුගේ ජිප්රථයේ වන අලියෙකු ගැටීමෙන් ඔහු ඇතුලු තිදෙනෙකු මෙම රිය අනතුරින් තුවාල ලැබූහ. මෙය සුලු අනතුරක් නොවේ. රථවාහන පැදවීම සම්බන්ධව අපට මේ මොහොතේ දේශනා ලියන්නට නොහැක. රිය අනතුරු නිසා අපිට අහිමිවූ ජීවිත සුලුපටු නොවේ. අහිමු වූ කලාකරුවන්ද බොහෝය. රුක්මණී දේවී ඇතුලු වටිනා ජීවිත රැුසක් රිය අනතුරුවළින් අහිමිවී තිබේ.
ජැක්සන් ඇන්තනී නම් වූ අසහාය කලාකරුවා, ඇන්තනී පරපුරේ පතාකයා, මිතුරන්ගේ රසවතා, පනා පුතු කුහුඹු පැණියා... ආදරණීය පියා, සහෝදරයා, පෙම්වතා, මිතුරා ,ආදරණීයයා .. ඉතා වේගයෙන් සුවපත්ව සියලු දෙනාගේ සිත් අඳුර ආලෝකවත් කරමින් එන්න ... ආදරෙන් උණුසුමින් දැඩිව වැළඳ ගන්න.!!!!!!!
අරුන්දතී සමරසේකර
ඔබට ඉක්මන් සුවය ලැබේවා!!!! මිරර් ආර්ට්ස් ද ප්‍රාර්ථනා කරන්නෙමු!!!