මැදිරිගිරිය ආශාවරී සංගීත කණ්ඩායම පාසල් යන දැරියන්ගේ සංගීත කණ්ඩායමකි. ඒ පිළබඳව පාර්ලිමේන්තුවේ ඇමතිවරු මන්ත්‍රීවරු පවා මැදිහත්ව කාතා කරන්නට
වාද කරන්නට සදුවූ වට පිටාවක් ගොඩ නැගුනේ එම සංගීත කන්ඩායමේ කටයුුතු නවත්වන ලෙසට දැනුම් දීමක් කර තිබූ නිසාය.
පාසල් කාලයේ විවිධ පාසල් වල විවිධ කණ්ඩායම් ගොඩ නගාගනිති. පරිසර සංවිධාන, සත්ත්ව වේදීන්ගේ සංගම්, මාධ්‍ය වේදීන්ගේ සංගම්, කලා සංගම්, සංගීත සංගම්, බෑන්ඩ් ආදී වශයෙන් කණ්ඩායම් ගොඩ නගා ගිනිති. ඒවාට පාසල් තුළ ඉඩ ලබාදෙන්නේ තරුණ දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් ප්වරර්ධණය කිරීමටය. ළමයින්ගේ දක්ෂතා ඔප නංවා ගැනීමට පමණක් නොව ළමයින්ගේ මානසික ආතතිය ලිහිල් කිරීමක් කලාව සෞන්දර්යය සහ ක්‍රීඩාව තුළින් සිදුවෙන නිසාය.
ආශාවරී බෑන්ඩ් එක ට තහනම් නියෝග දී ඇත්තේ අදාළ ප්‍රාදේශීය සභාවේ ළමා කාර්්‍යාංශයෙන් බව ගීතා කුමාරසිංහ අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. මේ පිළිබඳව දයාසිරි ජයසේකර සහ විමල් වීරවංශද කරුණු අසා සිටියා පමණක් නොව ඉල්ලීම්ද කළහ. ගීතා කුමාරසිංහ දේශපාලනයට ප්රවිශ්ට වන්නට පෙර රංගන ශිල්පිණියකි. ඇය සිනමා රංගනයට ප්රවිශ්ට ව ඇත්තේ වයස අවුරුදු 16දීය.
ලංකාවේ දරුවන් වෙළඳ දැන්වීම් සඳහා බාවිතා කරන්නේ ඉපැදුන දා සිටය. එමෙන්ම දරුවන් සෞන්දර්යය අධයාපනය ට යොමු කරන්නේද බොහෝ කුඩා කළ සිටය. අම්මා නැලවිලි ගී ගයන්නේ දරුවා මව්කුස සිටින විටය.
තම කුශලතාවක් වර්ධනය කොට ඒවා තුළින් මුදල් ඉපැයීම ට දරුවන්ට අවස්ථාව ලබාදිය යුතුය. දරුවන් සිය අධ්‍යාපන කටයුතුද නිසියාකාරව කළ යුතුය. ලංකාවේ 80 -90 දශකයන් ගත්විට 'පුංචි වෙළෙන්දා', 'බේබි ශානිකා' පමණක් නොව චම්පා කල්හාරි, සමිතා මුදුන්කොටුව පවා පාසල් යන කාලයේම ගීත ගායනා කරමින් මුදල් ඉපැයූවාවය.
වර්තමානය ගත්විට පසුගිය වසර 10 කට පමණ පෙර සිට පෞද්ගලික රූපවාහිනී සහ එෆ්එම් ගුවන් විදුලි නාලිකා බොහොමයක් දරුවන් වෙනුවෙන් විවිධ වැඩ සටහන් ආරම්භ කළාය. ගුවන් විදුලි මෙන්ම රූපවාහිනී නාලිකා විසින් වැඩ සටහන් මෙහෙයවීම උදෙසා බාවිතා කළේ කුඩා දරු දැරියන්ය.පාන්දර දරුවන් අවදිවේන්නේ මෙම වැඩ සටහන් ඇසීමට සහ නැරඹීමටය.
ගුවන් විදුලි ඉතිහාසයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් ළමා ලපටින් වෙනුවෙන් හඳමාමා ළමා පිටුව මෙන්ම ගායන කුශලතා වර්ධනය කරගැනීමට ගායනා වැඩ සටහන් ද ඉදිරිපත් කරනු ලැබීය.
ළමයින්ගේ නිර්මාණ දක්ෂතා වෙනුවෙන් වැටවල් බැඳීම නීති පොලු කෙළින් කොට දරුවන් මර්ධනය කිරීම මෙවැනි රටවල් පුදුම විය යුතු නැත.
පාසල් යන තරුණ දරුවන්ගේ හිස් ගෙඩිවලට පිස්තෝල දිගුකර ඔවුන්ට වෙඩි තැබීම මෙන්ම ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරකම්කළායැයි අවුරුදු 10යේ දරුවන්ට ඉතා දරුණු ලෙස පහරදීම හිරිහැර කිරීම ඔවුන්ගේ ආත්මාභිමානය බිංදුවට හෙළිම ආදී වශයෙන් දවසින් දවස වාර්තා වෙන්නේ ඇසිය නොයුතු සිදුවිය නොයුතුම දේවල්ය.
දරුන්ට නොසළකන, දරුවන් ගේ ආත්ම අභිමානය පිළිබඳව, ඔවුන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳව වගවීමක් වගකීමක් නැති වැඩිහිටි පරපුරක් තීන්දු තීරණ ගන්නා තැන සිට නීතිය ක්‍රියාත්මක කරන තැන්වලද පොදු සමාජය තුළද සිටින පිරිස් වැඩිය.
පාසල් දරුවන් ගේ මානසිකත්වය බිංදවට බස්සා දරුවන්ගේ සිත්තුළ වෛරය වපුරවන්නේ වැඩි හිටියන්ය. දරුවන්ගේ මානසික සෞඛ්‍ය විනාශ කරන්නේ වැඩි හිටියන්ය. දරුවන් මහ මග දමා යන්නේ වැඩි හිටියන්ය. ළමයින් අපයෝජනය කරන්නේ වැඩි හිටියන්ය. දරුවන්ව ආගමික ස්ථානවල ට දන්දෙන්නේ වැඩිහිටියන්ය.දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ වැඩිහිටියන්ය.
දැන් දරුවන්ගේ දක්ෂතාවන්ට වැට බඳින්නේ ද වැඩිහිටියන්ය.
දරුවන් මෙහෙකාර සේවයට, යුද්ධ සොල්දාදුවන් ලෙස මෙන්ම වෘත්තිකයින් ලෙස යොදා ගන්නේත් යොමු කරන්නේත් වැඩිහිටියන් බව අප අමතක කළයුතු නැත.
එහෙයින් ආශාවරී සංගීත කණ්ඩායම තුළින් පැන නගින්නේ සමාජ සංශෝධනයක කතාවකි.
අපි ආශාවරී දරුවන්ගේ සංගීත කණ්ඩායමේ ආරක්ෂාවට වග විය යුතුය. ඒ දරුවන්ගේ දෙමව්පියන් ඒ තුළින් ජීවන යැපීමක් කරනවානම් ඒ තුළින් සරල භාෂාවෙන් කියනවානම් හම්බකරගෙන කනවානම් ඒවා පිළිබඳව විමසා බැලිය යුතුය. දරුවන්ගේ අධයාපන කටයුතු නිසි ලෙස කළමනාකරණය කර දෙමින් දරුවන්ගේ හැකියාවන්ට ඉඩ හසර ලබාදීම ගැටලුවක් විය යුතුද?
දරුවන්ව රියලිටි වැඩ සටහන් වලට එවමින් මෙන්ම විවිධ නාලිකා මගින් පොඩ්ඩො වැඩ්ඩො කරන වැඩ සටහන් තුළින් වැඩිහිටියන්ගේ රස වෙනුවෙන් දරුවන් හැසිරවීම දක්වා වූ සියලු රියැලිටි වැඩ සටහන් නැවැත්විය යුතු නොවේද?දරුවන්ට නුසුදුසු කොයිතරම් දේ මාධ්‍ය තුළින් දරුවන් නරඹනවාද ඉදිරිපත් කරනවාද මේවා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නෙවන්නේ ද?
ආශාවරී සංගීත කණ්ඩායමක් පමණි. ඔවුන් සංගීත ප්‍රසංග වල යන ගීත වැඩිහිටියන් රසවිඳින ගීතය. ළමා ගී ගයා වැඩිහිටියන් සතුටු කිරීමට නොහැකිය. එමෙන්ම වැඩිහිටියන් විසින් ළමයින්ව ද හුරුකර ඇත්තේ ළමයින්ට රසවිඳින්නට සුදුසු ගීත හෝ කලාවන් නොවේ. අද ජනප්‍රිය බොහොම ගීත වලට දරුවන් ටික් ටොක් කරනුයේ දරුවන් ට එහි තේරුමවත් අවබෝධ කර ගැනීමට නොහැකි වටපිටාවකය. වැඩිහිටියන් දරුවන්ට ඒවා ගයන්නට, ඒවාට රගන්නට අනුබල දෙති. ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය තුළ ඇති විවිධ ප්ලැට්ෆෝම් තුළ ලෝකයේ සියලුම දරුවන් වෙළඳභාන්ඩ වී අවසානය.
වැඩහිටියන් ,දරුවන් යනු වෙන් පේ්රක්ෂකයන් දැන් සිටිනවාද?
ජංගම දුරකථනයක් අතට දි කාර්ටූන් හෝ වෙනත් වීඩියෝ බලන්නට යොමුකර තමන්ගේ එදිනෙදා කටයුතු කරගැනීමට වැඩිහිටියෝ වඩාත් පහසු ක්‍රම සහ විධි සොයා ගෙන තිබේ.කුරුල්ලන් හෝ ගස් කොළන්, සමනළයන් පෙන්වා දරුවන්ට රසවින්දනය හුරු කරන්නට දැන් වැඩිහිටියන්ට කාලයක් නැත. රූපවාහිනිය හෝ ජංගම දුරකථනයක් ලබාදී දරුවන්ට කැමති දෙයක් කරගන්නට ඉඩ හැර ඇති වැඩිහිටියන් කොයි තරම්ද?
ලංකාවෙ තුළ දරුවන් යනු වැඩිහිටියන් විසින් වැඩිහිටියන් බවට පත්කරන ලද පිරිසකි. ඒ නිසාම කුඩා දරුවෝ තුළින් වැඩිහිටියන් ලෙස හැසිරෙන අය ඔ්නෑ තරම් අපට දැක ගත හැක.
බොහෝ අය විසින් කතාකරන වසර 2500ක ලබ්බෙ තොයිලේ සංස්කෘතිය සාාචාරය ට කෙළවී ඇති බව රට පාලනය කරන වුන් සහ නීති හදා ඇති වුන් නොදන්නවා ද නොවේ. ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය තුළ ඔවුන්ව වහලුන් කොට අවසානය. ඔවුන්ව යාන්ත්‍රික කොට අවසානය. දරුවන් නිදහසේ තම නිසර්ග කුශලතා මත තමන්ගේ අනාගත අවශ්‍යතාවන් වෙනුවෙන් අධයාපනය ලබමින් දරුවෙකු සේ වැඩෙන්නට අවශ්‍ය පසුබිමක් මේ සමාජය තුළ මේ වනවිට අහිමිව ගොස් තිබේ.
වර්තමානය වනවිට පාසල් ළමුන් ලිංගික ශ්‍රමිකයින් ඇසුරු කරන බවත්, පාසල්යන දරු දැරියන් ලිංගික ශ්රිමක වෘත්තියේ නියැළෙන බවත්, පාසල් දරුවන් ඒඩ්ස් වැනි ලිංගික රෝග වලට ගොඳුරුවී ඇති බවත් අප දනිමු. වග කිවයුත්තන් ද දනී. එමෙන්ම පාසල් තුළ සීඝ්රයෙන් මත්පැන්, මත්පෙති, සිගරට්, ගංජා වැනි මත්ද්‍රව්‍ය බාවිතාවද ඉහළ යමින් තිබේ. මෙම ඉහළයාම් දකින්නට ලැබෙන්නේ නාගරික පාසල් තුළ පමණක් නොවේ. ග්‍රාමීය මට්ටමේ පාසල් දරුවන් තුළද මෙවැනි හානිකර ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම සීඝ්රයෙන් ඉහළ යමින් පවතී.
එමෙන්ම පාසල් තුළ දරුවන්ව ලිංගික අපයෝජනයන්ට නිරුරුවම ලක්වේ. ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද මෙම අපයෝජනයන්ට ගොඳුරුව තිබේ.
අනෙක් ප්‍රධාන කාරනය වන්නේ බොහෝ පාසල් දරුවන් නොදැනුවත්වම කාගේ හෝ ලිංගික මෙවලමක් බවට පත්වන්නේ පෝන් වීඩියෝස් වල නොදැනුවත්වම දායක වීම නිසා බව සමීක්ෂණ තුළින් හෙලිව තිබේ.
ගැහැනු ළඹයින්ට විශේෂයෙන් මෙවන් අවස්ථාවන්ට මුහුන දීමට සිදුව ඇති අතර ඒවා සංවිධාත්මකව සිදුවන බවද නෙරහසකි.
මෙවන් වාතාවරණයක දී පාසල් පද්ධතිය තුළ ශිශ්ය ශිෂ්‍යාවන්ට මුහුන පෑමට සිදුවන කරුණු පිළිබඳව පොදු සමාජය තුළ මෙන්ම නීති සම්පාදනය කරණ මහජන නියෝජිත ආයතන තුළ, පාර්ලිමේන්තුව තුළ පමණක් නොවේ සෑම මාධ්‍ය ආයතනයකම විශාල සාකච්ජාවන් ,සංවාද ,විවාද ,විමර්ෂණ ඇරඹිය යුතුය.
ඒවාට අවශ්‍ය නව නීති හඳුනාගෙන සම්පාදනය කළ යුතුව ඇත.
ආශාවරී තුළින් අපි ගොඩනගාගත යුත්තේ එවැනි සංවාදය. ආශාවරී ට බෑන්ඩ් ගසන්නට ඉඩ අවුරවාලන්නට කළින් කළයුතුුු බොහෝ දේ ඇත. එහෙයින් ආශාවරී ට ඉඩ දෙන්න. ක්‍රමවත් නියාමනයක් තුළ ඔවුන්ට නිදහසේ අධ්‍යාපනය හා සමගාමීව සෞන්දර්යය හාදරන්නට ඉඩ දෙන්න. අධිපාරිභෝගික සමාජ සංස්කෘතියක ආශාවරී ලා මුදල් උපයනවානම් එම මුදල් නිසි කළමනාකරණයකින් ඔවුන්ගේ අනාගත පැවැත්ම උදෙසා යොදවන්නට මග පෙන්වන්න.
සාරා සමරසේකර
https://casite-737679.cloudaccess.net/featured/6609-a-ban-on-the-ashavari-musical-band#sigProIdbe31d75c61