2023 වසරේ ප්රකාශයට පත්වුණු සිංහල කෙටිකතා සංග්රහ අතර ‘මගහැරුණු දූපත්’ මගහැර යා නොහැකි කෙටිකතා සංග්රහයකි. එහි කතුවරයා ප්රභාත් ජයසිංහ යි. එම කෙටිකතා සංග්රහය පසුගියදා පැවැති විද්යෝදය සාහිත්ය සම්මාන උලෙළේ හොඳ ම කෙටිකතාවට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය. කවියෙන් තම සාහිත්ය චාරිකාව ඇරැඹූ ප්රභාත් ලාංකේය සාහිත්ය වංශ කතාවේ තම අනන්යතාව සලකුණු කරන්නේ කෙටිකතාවෙනි. වත්මන් සිංහල කෙටිකතාව ගැන කතාකරද්දි මගහැර යා නොහැකි ඔහු සමග මේ සංවාදය ‘මගහැරුණු දූපත්’ සහ ඔහුගේ කෙටිකතා කලාව ගැනය. ප්රභාත් ජයසිංහ කොළඹ විශ්වවිද්යාලයේ ව්යාපාර ආර්ථික දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකි.

නිර්මාණකාරයෙක්ගෙන් අහන සමහර ප්රශ්නවලට නිශ්චිත හෝ කෙටි හෝ උත්තර නැහැ. මේකත් ඒ වගේ ප්රශ්නයක්. මොකද ඒ උනන්දුව එන්නෙ කොහොම ද කියල මටත් නිශ්චිත හැඟීමක් නැහැ. මම මුලින් කවි පොත් දෙකක් පළ කළාට පස්සෙ, දෙදහස් දහයෙදි තමයි මගේ පළමු කෙටිකතා පොත ‘වයඹ දිග වැසියෙකුගේ දින සටහන්’ එන්නෙ. පළමුවැනි කෙටිකතා පොත ලියන කාලයේ හිතේ ලොකුවට රළ නගිමින් තිබුණා එළියට දාන්න ඕන කියන කතා ගණනාවක්. ඒ පොත ලියැවුණාට පස්සෙ මට දැනුණ, “නෑ මගේ මාධ්ය කවිය නෙමෙයි, කෙටිකතාව” කියල. ඒක මගේ ඇතුළෙ ම තහවුරු වුණ දෙයක්. පස්සෙ දිගින් දිගටම කැපවුණෙ කෙටිකතා ලියන්න. මට අදටත් කෙටිකතාව කියන්නෙ නවකතාවට යන්න පෙර පුහුණුවෙන තැනක් නෙමෙයි. මට හිතෙන්නෙ කෙටිකතාව කියන්නෙ ස්වාධීන පැවැත්මක්, ස්වීය අනන්යතාවක් තියෙන සාහිත්යාංගයක්. ඉතින් අදටත් මම ඒකෙ එල්ලිලා ඉන්නවා.

අතිශය තෘප්තියක්. මොකද කෙටිකතාකරුවෙක්ට, නවකතාකරුවෙක් වගේ භෞතික ප්රතිලාභ ලැබෙන්නෙ නැහැ සමාජය ඇතුළෙ.

මම කැමැතියි ඔබේ ප්රශ්නයේ දෙවැනි කොටසින් පටන්ගන්න. කතාවකට, විශේෂ චරිතයකට අදහසක් ලබාගන්නෙ කොහෙන් ද කිව්වොත්, මම හිතන්නෙ ඒකට එක මූලාශ්රයක් නැහැ. සමහර වෙලාවට මම අත්විඳින දෙයක්, දන්න කියන කෙනෙක් අත්විඳින දෙයක් වෙන්න පුළුවන්. මාධ්යයකින් අහන දකින ප්රවෘත්තියක්, නැත්නම් සමාජයක් විදිහට අපි සාමූහිකව අත්විඳින දෙයක් වෙන්න පුළුවන්; යුද්ධය, සමාජ අර්බුදයක් වගේ. ඒ මොකක් හරි එකකින් ඒ ආරම්භක පුළිඟුව පත්තුවෙන්න පුළුවන්. එහෙම පත්තුවෙන හැම පුළිඟුවක් ම කතාවක් විදිහට වර්ධනය වෙන්නෙ නැහැ. මොකද සමහර ඒවා කතාවක් විදිහට වර්ධනය වෙන්න තරම් වටින්නෙ නැහැ. හැබැයි පත්තු වුණු සමහර පුළිඟු නිරීක්ෂණ විදිහට සිතේ තැන්පත් වෙනව. පස්සෙ ඒවා ඒවායේ ම ආත්මයක් විදිහට වැඩෙන්න ගන්නව.
මොනව ගැනද ලියන්නෙ කියල කිව්වොත් ඒකට පූර්ව නිගමනයක් නැහැ. දකින ආරම්භක පුළිඟුව තේමාත්මක බරක් ඇති කතාවක් හැටියට වර්ධනය කරගන්න පුළුවන් කියල මට දැනුණොත් මම ඒක තෝරගන්නවා. ඊට පස්සෙ ඉතින් ඒකෙන් කතාවක් ලියැවෙන එක තමයි වෙන්නෙ.

ඇත්තටම හුඟක් ලේඛකයන්ට වගේ මටත් තක්කෙට ම පිළියෙළ කරගත්ත පූර්ව සැලැස්මක් නැහැ. තියෙන්නෙ දළ සටහනක්, සමහර විට දළ අවසානයක්. හැබැයි මුකුත්ම නැතිව ලියන්න පටන්ගන්නෙ නැහැ. එහෙම ලියන ලේඛකයෝ ගැන මම අහල තියෙනව. කතාව ලියාගෙන යද්දි දළ සටහන එහා මෙහා වෙන්න පුළුවන්. අවසානයත් සමහර විට කතාව විසින් ම ඉල්ලා සිටින අවසානයක් වෙන්නත් පුළුවන්. ඒක බොහෝ ලේඛකයන්ට පොදු දෙයක් මට හිතෙන හැටියට.
කතාව දිගුවීම, කෙටිවීම තීරණය වෙන්නෙ මුඛ්ය තේමාව උඩ. මම විශ්වාස කරන්නෙ කතාවේ මුළු ව්යුහමය සැකැස්ම ම තීරණය වෙන්නෙ තේමාත්මක හෝ ප්රධාන අදහස උඩ. ව්යුහමය සැකැස්මෙ එක කොටසක්නෙ කතාව දිග්වෙනව ද කෙටිවෙනව ද කියන එකත්.

ඒකට නම් මට කියන්න දෙයක් නැහැ. මොකද මම කැමැති නැහැ ඕකට බොරු තියරි හදන්න. ඒක නිකං හරියට උසස් පෙළ ප්රතිඵල ආපු වෙලාවට ශිෂ්යයන්ගෙන් ඇහුවාම කියන්නෙ මම මේ විදිහට, මෙහෙම පාඩම් කළා කියල. ශිෂ්යයෝ කියන්‌ෙන ඇත්ත හෝ බොරු වුණත්, මම කැමැති නැහැ ඒ වගේ උත්තර දෙන්න. මට අවංකව දෙන්න තියෙන උත්තරය තමයි කතා අවංකව ලියන්න මම උත්සාහ ගන්නවා. බොරු ආටෝප දාල කියනවට වැඩිය මම කැමැතියි ඒක ගැන මෙහෙම කියන්න; ඒ මම ලියන හැටි.

ඔව්, හැබැයි මම කැමැතියි ඒකට තව කොටසක් එකතු කරන්න. මම හුදෙක් කතන්දර කියන්නෙක් නෙමෙයි. මම කැමැති තේමාත්මක බරක් තියෙන කතා කියන්න. මගේ හැම කෙටිකතාවකම කතාවක් තියෙනවා. තේමාත්මක බරක් කියන්නෙ සමාජයට පණිවුඩයක් දෙනව කියනවා වගේ එකක් නෙමෙයි. මම ඔබට කලින් කිව්වෙ මොකක් හරි නිරීක්ෂණයකින් ආරම්භක පුළිඟුව පත්තුවෙනව කියල. සමහර විට ඒ නිරීක්ෂණය අයිස්බර්ග් එකක තුඩ වගේ දෙයක් වෙන්න පුළුවන්. ලොකු කොටසක් තියෙන්නෙ මුහුද යට. පේන්නේ නැහැ. ඒ වගේ වෙලාවට මම කැමැතියි අයිස්බර්ග් එකේ නොපෙනෙන කොටස හොයාගෙන මුහුදට පනින්න. සෞන්දර්ය මානයකින් ඒ නොපෙනෙන කොටස කලාත්මකව ගවේෂණය කරන්න. ඒක තමයි තේමාත්මක බරක් එකතු කරනවා කියන එකෙන් අදහස් කරන්නෙ. කතාවේ ශිල්පීය පක්ෂය, සෞන්දර්ය මානය තියෙන්න ඕන වගේ ම කතාවට තේමාත්මක බරකුත් ඕන.
ඒක ගැන තවදුරටත් කියනව නම්, මෑත ඉතිහාසයේ අපේ රටේ මිනිස් බෝම්බ කියල දෙයක් බිහිවුණානෙ. අපට අහන්න පුළුවන් තමන්ගෙ බඩේ බෝම්බයක් බැඳගෙන කොහොමද ඒක පුපුරවන තත්ත්වයට පත්වෙන්නෙ කියල. ඒකට දෙන බොහොම ජනප්රිය උත්තරය ‘ඒ අයගෙ බ්රේන් වොෂ් කරලනෙ’. ඇත්තටම තත්ත්වය ඒ තරම් සරල ද? නෑ, සරල නෑ. ඕක තමයි අයිස්බර්ග් තුඩ, උඩට පේන්න තියෙන. අයිස්බර්ග් යට වගේ අපට නොපෙනෙන කොටසක් තියෙනවා. ඇත්තටම ඒ තත්ත්වයට පත්වෙන්නෙ කොහොම ද කියල තියෙන්නෙ එතන. ඒක හොයන්න නම් අපිට මුහුදට පනින්න ම වෙනව.

නැහැ, මට එහෙම කිසි ම න්යායාත්මක හැදෑරීමක් නැහැ. මොකද මගේ විෂයයත් සාහිත්යය නෙමෙයි. ඉතින් එහෙම හැදෑරීමක් නැහැ. හැබැයි මම ගොඩක් කතා කියවනව. ඒ කතා කියවන එකෙන් ලැබුණු දේවල් මගේ ඇති.

ඔව්, ඒක එක විදිහක තේමාවක්. ඒ මගහැරීම කියන තේමාව. උදාහරණයක් විදිහට එක වහළක් යට හිටියට අපිට එකිනෙකා මගහැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයට පුද්ගලයෙක්, පුද්ගලයෙක්ට සමාජයක් මගහැරෙන්න පුළුවන්. එක මනුෂ්ය කොටසකට තවත් මනුෂ්ය කොටසක් මගහැරෙන්න පුළුවන්. නැත්නම් සමස්ත සමාජයට ම තමන්ගෙ ඉතිහාසය මගහැරෙන්න පුළුවන්.

මම ඔබට කිව්වනෙ කතාවකට නිරීක්ෂණය එන්නෙ කොහෙන් හරි කියල. මේ කතාවට පදනම් වෙන්නෙ ඒ විදියේ දෙයක්. මම දකිනවා එක්තරා පුවතක්. මට දැන් මතක නැහැ දැක්කෙ මොන මාධ්යයෙන්ද කියල. ඇමරිකාවෙ තියෙනව ‘ගෝල්ඩන් ගේට්’ කියල ප්රසිද්ධ පාලමක්. ඒක ගෝල්ඩන් ගේට් සමුද්ර සන්ධිය හරහා ඉදිවුණ එල්ලෙන පාලමක්. ඒකෙ රාජකාරි කරපු කෙවින් බ්රික්ස් කියල නිලධාරියෙක් ගැන ප්රවෘත්තියක් මම දකිනව. ඒ නිලධාරියා සියදිවි නසාගන්නා අය ඉන් වළක්වපු කෙනෙක්. ඒ ගැන ඔහු පොතක් පවා ලියා තියෙනවා. මම දන්නෙ නැහැ ඔහුගෙ පෞද්ගලික ජීවිතය ගැන. මම ඒ ගැන හොයලත් නැහැ. එච්චරයි. ඒක තමයි ආරම්භක පුළිඟුව. එතනින් එහා සියල්ල මගේ පරිකල්පනය.
ඇත්තටම මේ කතාව ලියන්න විශේෂ පෙළඹවීමක් එන්නෙ අපි සමාජයෙදි දකිනවා ජීවිතයේ තරගකාරීකම අත්හැරල, මුදල් පසුපස හඹායෑම අත්හැරි චරිත. අපි පිටින් ඉදන් දකින්නෙ ඔවුන් හරි සරල, සිත සැහැල්ලුවෙන් ඉන්න අය විදිහට. හැබැයි ඒක හුඟක් සරල අර්ථකථනයක්. මොකද ඒ අය ඇත්තටම ඉන්නෙ සැහැල්ලුවෙන් ද? කියන ප්රශ්නය අහන්න පුළුවන් අපිට. ඒ වගේ ප්රශ්නයක් තමයි මේ කතාව ලියන්න මා පෙළඹෙව්වෙ. පාලම සහ ඒ මත රාජකාරී කරන පොලිස් නිලධාරියා තමයි ඒ කතාව ඉදිරියට ගේන්න මට තිබුණු වේදිකාව.

මම හිතන්නෙ ඔබ ඔය කියන කාරණය ෂේන් අතීතයෙ දෙන හග් එකට කිසියම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඒත් ඒ කතාවේ මුඛ්ය තේමාව වෙන්නෙ ඒක නෙමෙයි. කතාවේ මුඛ්ය තේමාව වුණේ සාම්ප්රදායයික විදිහට ආදරේ බව නොකියන ගැහැනු සහ පිරිමි යහළුවන් දෙදෙනෙක් නැත්නම් තමන් තමන්ට ආදරය කියා නොගන්නා දෙන්නෙක් තුළ තියෙන හෘදයාංගම බව හා සංකීර්ණතාව. හැබැයි ඔබ අවසානයට අහන දේට එකඟ වෙන්න පුළුවන්. අපිට අන්තවාදී ප්රචණ්ඩත්වයක් හෝ අන්තවාදී සදාචාරාත්මක මිනිස්සු ඕන නැහැ තමයි.

මම දන්නෙ නැහැ ඒකට මට නිශ්චිතව උත්තරයක් දෙන්න පුළුවන් ද කියන එක. එහෙම මගහැරීම් අපි කා අතිනුත් වෙනව. වෙන්න පුළුවන්. ඒ වගේ මගහැරීම් නවත්වගන්න නම් කළ හැකි දේ තමයි අපි අපි දිහා ම බැලීම. අන්තරාවලෝකනය කිරීම.
මම ඔබේ ප්රශ්නයට පොඩි දෙයක් එකතු කරන්නම්. බොහෝ දෙනෙක්ට පේන්නෙ රෝහණට බිරිඳ මගහැරීම. මොකද වින්දිතය විදිහට පේන කෙනාගෙ පැත්ත අපි ගන්නව. ඒක අපි කාගෙ අතිනුත් වෙන දෙයක්. හැබැයි ඒ කතාවේ රෝහණත් මගහැරෙන චරිතයක්. බිරිඳට රෝහණ මගහැරෙනවා. රෝහණ කියන්නෙ නරක කෙනෙක් නෙමෙයි. එකම දේ ඔහු හිතන-පතන තරංග සංඛ්යාතය, බිරිඳගෙ තරංග සංඛ්යාතයට වඩා වෙනස්.

ඕකෙ මාන දෙකක් තියෙනවා. කෙටිකතාව ජනප්රිය, නවකතාව වගේ ප්රබලව පාඨකයා අතරට ගිය සාහිත්යාංගයක් නෙමෙයි. හැබැයි සිංහල කෙටිකතාවේ ප්රමිතිය ගත්තොත් ඒකෙ අඩුවක් නැහැ. එහෙම ගත්තාම මේ මොහොතේ සිංහල කෙටිකතාව අඩුතරමේ නවකතාවට සමව හෝ ඊට ඉදිරියෙන් තියෙන බව තමයි මගේ අදහස.
සංවාදය - ලක්මාල් බෝගහවත්ත
සති අග අරුණ - 2024-09-15