lan englan tam

විශේෂාංග

හොලිවුඩයේ අංක එකේ කළු නළුවා Denzel Washington

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
හොලිවුඩයේ වඩාත්ම සාර්ථක හා සම්මානිත හොලිවුඩ් නළුවා කවුදැයි ඇසූවෝතින් විවාදයක් නොමැතිවම ඒ Denzel Washington නම් රංගවේදියා හැඳින්විය හැක.
Denzel Hayes Washington Jr. ලෙස 1954 වසරේ දෙසැම්බර් 28 දින උපත ලැබූ. ඔහු වර්ෂ 1981දී Carbon Copy නම් චිත්රපටය හරහා සිනමාවට සම්බන්ධ විය.නමුත් එයට පෙර වර්ෂ 1977 සිට රූපවාහිනිය හා වේදිකා නාට්ය වලට දායක වී ඇත.මෙහිදී ඇති විශේෂත්වයක් වන්නේ වේදිකා නාට්ය වලට පිවිස සිනමාවට පිවිසි හොලිවුඩ් නළුවන් අවම වීමය.දශක හතරකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතය තුළ, ඔහු ටෝනි සම්මානයක්, ඇකඩමි සම්මාන දෙකක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකක් ලබා ඇත. එමෙන්ම ඔහු ලොව ප්රධාන පෙලේ සම්මාන 33ක් සදහා නිර්දේශ වී ඉන් සම්මාන 6ක් දිනාගෙන ඇත. හොඳම නළුවා හා හොඳම සහාය නළුවාට හිමි ඇකඩමි සම්මාන දෙකක් දිනාගත් එකම කලු ජාතික නලුවා ඔහුය.2016 දී, ඔහු Cecil B. DeMille Lifetime Achievement Award ලබා ගත් අතර, 2020 දී, The New York Times සඟරාව විසින් ඔහුව 21 වැනි සියවසේ විශිෂ්ටතම නළුවා ලෙස නම් කළේය. 2022 දී, වොෂින්ටනය ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකානුවෙකුට එරදී ලබා දෙන ඉහලම සම්මානය වන Presidential Medal of Freedom (නිදහසේ ජනාධිපති පදක්කම) ලබා දෙන ලද්දේ ඔහු සිනමාවට කරන ලද සේවය අගයමින් ය.
Glory (1989)
Philadelphia (1993)
The Hurricane (1999)
Malcolm X (1992)
Training Day(2002)
American Gangster (2007)
The Great Debaters (2007)
Flight (2013)
The Equalizer (2014)
Fences (2017)
The Tragedy of Macbeth (2021)
ඔහු රඟපෑ ජනප්රියම චිත්රපට කිහිපයකි.
මේ වා අතරින් Glory චිත්රපටය සඳහා හොඳම සහය නලුවා සදහාත් Training Day චිත්රපටය සදහා හොඳම නළුවා සදහාත් වන ඇකඩමි සම්මාන ලබා ගත්තේය.
Denzel Washington යනු 1980 දශකයේ සිට 2020 දශකය දක්වා දශක 4 තුලම හොඳම නළුවාට හෝ නිළියට හිම ඔස්කර් සමානය සදහා නිර්දේශ වූ රංගන ශිල්පීන් 8 දෙනාගෙන් එක් අයෙකි.
මේ වන විට 68 වන වියේ පසු වන මේ රංගවේදියා දරුවන් 4 දෙනෙකුගේ පියෙකු.
ඔහුගේ එක් පුත්රයෙක් වන Jhon David ද ජනප්රිය හොලිවුඩ් චිත්රපට නළුවෙක් මෙන්ම හිටපු ඇමරිකානු පා පන්දු ක්රීඩකයෙක් වේ. ජනප්රිය Tenet චිත්රපටයේ ප්රාධාන නළුවා ලෙස රංගනයෙන් දයක වන්නේ ඔහුයි.
 
කේශාන් නදීර - සිනමාවේදීන්
Back to top
Go to bottom

Popular News