ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරන ඔහුගේ අලුත්ම චිත්‍රපටය තමයි 'සිතාරේ සමීන් පර්' (Sitaare Zameen Par) කියන්නේ.
ඉතින්, මේ චිත්‍රපටය ජූනි 20 වෙනිදා ඉදන් ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවකම තිරගත වෙන්න නියමිතයි.
මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයත් පසුගියදා නිකුත් උනා.
කොහොම උනත් මේ චිත්‍රපටයේ 'සිතාරේ සමීන් පර්'(Sitaare Zameen Par) කියන නම සහ මීට පෙර අමීර් ඛාන් රංගනයෙන් එක් උන 'තාරේ සමීන් පර්' (Taare Zameen Par) චිත්‍රපටයේ නමත් අතර තිබෙන සමානකම නිසා බොහෝ දෙනෙක් අහලා තිබුණේ මේ චිත්‍රපටියත් 'තාරේ සමීන් පර්' (Taare Zameen Par) වගේ ප්‍රේක්ෂකයාව සංවේදී කරන චිත්‍රපටයක් වේවිද? කියන එකයි.
අධ්‍යාපනයට දුර්වලතා දක්වන ඉෂාන් අවස්ති කියන කුඩා දරුවෙකු සහ ඔහුට උදවු කරන ගුරුවරයෙකු වටා ගෙතෙන ‘Taare Zameen Par’ චිත්‍රපටය ප්‍රේක්ෂකයා බොහෝ සංවේදී කරන චිත්‍රපටයක් උනා ඔබට මතක ඇති.
හැබැයි, මේ අලුත්ම චිත්‍රපටය ගැන පසුගිය දවසක අදහස් දක්වමින් අමීර් ඛාන් කියලා තිබුණේ ‘Taare Zameen Par’ චිත්‍රපටය ඔබව හඬවන චිත්‍රපටක් උනත් ලගදීම එන 'Sitaare Zameen Par' චිත්‍රපටය ඔබව සිනහව ගෙනෙන හාස්‍ය රසය පිරි චිත්‍රපටයක් කියලයි.
කොහොම උනත් 'Sitaare Zameen Par' චිත්‍රපටයේ අන්තර්ගත ගීත දෙකක් මේ වෙන කොට යූ ටියුබ් හරහා නිකුත් කරලා තියෙනවා. ඒ ගීත දිහා බැලුවහම නම් පේන දෙයක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයාගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කරන පැත්තකුත් තියනවා කියන එක.
ඉතින් ජූනි 20 වෙනිදා ඉදන් තිර ගත වෙන මේ 'සිතාරේ සමීන් පර්' (Sitaare Zameen Par) චිත්‍රපටය ගැන තවත් විස්තර කියනවානම්, මේ චිත්‍රපටය 2018 වර්ෂයේ තිර ගත උන ස්පාඤ්ඤ (spanish) චිත්‍රපටයක් වන ‘Campeones’ හි ප්‍රතිනිර්මාණයක් ලෙසයි නිර්මාණය වෙලා තියෙන්නේ.
'Sitaare Zameen Par' චිත්‍රපටය හරහා අමීර් ඛාන් පැසිපන්දු පුහුණු කරුවෙකුගේ චරිතයක් තමයි නිරූපණය කරන්නේ.
චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ පැසිපන්දු පුහුණු කරුවෙක් වන මෙහි ප්‍රධන චරිතය (අමීර් ඛාන් නිරූපණය කරන) නීති කඩකිරීමක් සහ ඔහුගේ නොමනා හැසිරීම නිසා දඩුවමක් විදිහට ප්‍රජා සේවා කටයුතු සදහා යොමු කරනු ලැබීමත් එක්ක.
එහිදී විශේෂ අවශ්‍යතා ඇති පැසිපන්දු කණ්ඩායමක පුහුණු කරු විදිහට කටයුතු කරන්න ඔහුට සිදු වෙනවා.
ඉන් පස්සේ චිත්‍රපටය ඉදිරියට ගලාගෙන යන්නේ මේ පැසිපන්දු කණ්ඩායමත් එක්ක ඔහුට මුහුණ දෙන්න සිදු වන සිදුවීම් එක්ක.
මෙතනදී ඔහුට ජීවිතයේ වෙනස්ම පැතිකඩක් අත්දකින්නට ලැබෙනවා.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ R. S. Prasanna විසින්.
චිත්‍රපටය නිෂ්පාදනය කර්න්නේ අමීර් ඛාන් සහ Aparna Purohit විසින්.
ඉතින් අපි බලමු අමීර් ඛාන්ගේ චිත්‍රපටය ඉදිරියට ප්‍රේක්ෂකයන්ට මොන විදිහේ අත්දැකීමක් ලබා දේවිද කියලා.
පහතින් දක්වලා තියෙන්නේ චිත්‍රපටයේ අලුතෙන්ම නිකුත් වූ තවත් ගීතයක්.