ජනප්රිය රංගන ශිල්පී පුබුදු චතුරංග යුග දිවියට පිවිසියේ මෙම වසර ආරම්භයේ දී යි.ඔහු ගේ සහකාරිය බවට පත් වුණේ සුරූපී මාෂි සිරිවර්ධන.
ඉතින් මෑතකදී යුග දිවියට පිවිසුණු මෙම ජනප්රිය රංගන ශිල්පියා ගේ හිසකෙස් වලට සිදු කළ අලුත් වෙනසක් ගැන අපිට ආරංචි වුණා.
ඔහු හිසකෙස් හිටවන්න ගත්ත තීරණය තමයි මේ අලුත් වෙනසට හේතු වෙලා තියෙන්නේ.
සුරාජ් මාපා, ජනිත් වික්රමගේ, නලින් පෙරේරා වගේම යුරේනි නොෂිකා වගේ ජනප්රිය කලා ශිල්පින් පවා මේ ප්රතිකාර ක්රමය සිදු කළ බව අපි දන්නවා.
කසාද බැඳපු ගමන් කොණ්ඩය හිටවන්න හිතුවේ ඇයි කියලා අහපු ප්රශ්නයට පුබුදු කියලා තිබුණේ මේ තීරණය තමන් අරගත්තේ බඳින්න කලින් කියලයි. චරිතාංග නළුවෙක් විදියට තමන් බොරු කොණ්ඩයක් පාවිච්චි කරන්න කැමති නැති නිසා මේ ප්රතිකාර ක්රමයට යොමු වුණ බවත් ස්වභාවිකව කොණ්ඩය වැවී යථා තත්වයට පත්වෙන්න තව මාස කිහිපයක් යන බවත් ඔහු පවසා තිබුණා.