lan englan tam

O Oපේ

අයිශ්වර්යා 'බච්චන් මහගෙදර' අත්හරී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තර කීර්තියට පත් බොලිවුඩ රංගන ශිල්පිනී අයිශ්වර්යා රායි තමන් වාසය කළ සැමියාගේ නිවස වන අභිෂේක් බච්චන්ගේ නිවස හැර ගොස් සිය දියනිය සමග තම මව් වාසය කරන නිවසේ පදිංචි වීමට කටයුතු කර ඇති බව පසුගිය කාලයේ ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණ අතර මේ පිළිබඳව කරුණු තහවුරු වන ආකාරයේ නිල නොවන ආරංචි මිසක නිල තහවුරු කිරීමක් මේ දක්වා සිදු වී නැත.

නමුත්, මේ කාරණාව තවත් තහවුරු කරන සිදුවීමක් වශයෙන් පසුගිය අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් විවාහ උළෙළට බච්චන් වැඩිහිටි දෙපල වන අමිතාබ් සහ ජයා බච්චන් සමග අභිෂේක් බච්චන් සහභාගි වෙද්දී අයිශ්වර්යා සහ ආරධ්‍යා වෙනම ඡායාරූපවලට පෙනී සිටීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
අයිශ්වර්යා ඇගේ සැමියා වන අභිෂේක් බච්චන්ගේ මව - පියාගේ නිවසේ විවාහයෙන් පසුව කල් ගත කළද මෑතකදී ඇය ඇගේ දියනියද සමග බච්චන් පවුල් හැරගොස් ඇති බව තහවුරු කෙරිණි.
මේ දෙපාර්ශ්වය අතර කලක් තිස්සේ හෙළි නොකරන ලද විසංවාදී අදහස් හේතුවෙන් අයිශ්වර්යා - අභිෂේක් අතර දුරස්කමක් ඇති වී තිබෙන බවට පුවත් කිහිප වරක් පළ වූ අතර දෙදෙනාම පසුව ප්‍රසිද්ධියේ එසේ නොවන බව ඔවුන් විසින්ම තහවුරු කරනු ලැබිණි.
කෙසේ නමුත්, අභිෂේක් තමන්ගේ මව - පියා සමග ජීවත් වීමේ වටිනාකම පිළිබඳව ඉන්දීය ඔන්ලයින් රේඩියෝවක් සමග අගය කරමින් කරුණු දක්වා තිබුණේ ඔහුට වඩා වැදගත් වන්නේ මව-පියා යැයි හඟවමිනි.
අයිශ්වර්යා යනු බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් මෙන්ම ලෝක ප්‍රසිද්ධ නිරූපණ තාරකාවක් වන අතර ලෝක රූ රැජනක වශයෙන් ඈ ලැබූ කීර්තිය මෙතෙක් කිසිදු නිළියකගෙන් ඉන්දියාවට හිමි වී නොමැත. නමුත්, අයිශ්වර්යා විවාහයෙන් අනතුරුව සිය පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද ඉතා සංවේදීව කටයුතු කරන සාම්ප්‍රදායික ඉන්දීය ලක්ෂණද ඇති ශිල්පිනියක බව පෙන්වා දුන්නේ සිය සැමියාගේ පවුලත් දියනිය සම්බන්ධයෙනුත් දැක්වූ කැපවීම අනුවය. ඇයට ඇති මූල්‍ය වත්කම මෙන්ම නිවාස හිමිකම්ද බොහොමයක් වන නමුත්, ඇය කිසි විටෙක සැමියාගේ නිවස අතහැර ගිය බව බොහෝ කාලයක් ගෙවෙන තුරු වාර්තා නොවුණි.
කෙසේ නමුත්, අම්බානි විවාහ මංගල උත්සවයේදී අයිශ්වර්යා - අභිෂේක් සහ ආරධ්‍යාද එකට දක්නට ලැබුණ අතර ඔවුන් දිඅයනියගේ පාසලේ උත්සවවලදී එකට නර්තනයේ යෙදෙන අවස්ථාද ඉන්දීය පුවත් වාර්තා කර තිබිණි.

Back to top
Go to bottom

Popular News