lan englan tam

O Oපේ

නතාශා - සතීශාන් සමග වැඩ කිරීම අත්හැරියාද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'කෙල්ලේ ජොලි' අලුත් නිර්මාණය පසුගියදා එළිදැක්වූ සංගීත නිර්මාපක සතීශාන් සමග ඉදිරියේදී එම ගීතය සඳහා වන කටයුතු කිසිවකට සහයෝගය නොදීමට තමන් තීරණය කළ බව සඳහන් කරමින් ගායන ශිල්පිනී නතාශා පෙරේරා පසුගිය සතියේ දිනක ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබිණි.

කෙසේ නමුත්, එම සටහන පැය කිහිපයකට පසුව ඉවත් කර තිබූ අතර එසේ කළේ ඇයිද යන්න අප සතීශාන්ගෙන් විමසීමක ලක් කළෙමු.
සතීශාන්ගේ පාර්ශවයේ අදහස වූයේ ගීතයේ ප්‍රචාරණ කටයුත්ත්තකට අදාළව නතාශා එම සටහන පළ කළ නමුත්, එම සටහනින් බලාපොරොත්තු වූ අදහස නො එම හේතුවෙන් එම සටහන ඉවත් කිරීමට නතාශා කටයුතු කළ බවය.
'කෙල්ලේ ජොලි' ගීතයේ සහාය ගායනය සහ රූප රචනාවට නතාශා දායකත්වය දී තිබූ අතර ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරාද වීඩියෝවට සම්බන්ධ වී සිටී.
කෙසේ නමුත්, නතාශා ඉවත් කළ සටහනේ සඳහන්ව තිබුණේ තමන් දෙදෙනා අතර තිබූ මිත්‍රත්වය අනුව තිබූ අවබෝධය සහ දැනුවත් කිරීම මත අනුමත නොකළ දෙයක් කිරීම හේතුවෙන් සතීශාන් සමග ඉදිරියේදී වැඩ නොකිරීමට කටයුතු කළ බවය.
කෙසේ නමුත්, එම සටහනේ සත්‍යය සතීශාන්ගේ පාර්ශ්වයෙන් සඳහන් කළේ එවන් දෙයක් සැබෑවටම සිදු වී නොමැති බවය.

n

Back to top
Go to bottom

Popular News