මැට් ප්රෙස්ටන් සහ ගැරී මෙහිගන් යනු ලෝක ප්රසිද්ධ Master Chef (මාස්ටර් චෙෆ්) තරඟාවලියේ හිටපු විනිසුරවන් දෙදෙනෙකි. Luxury Escapes යූටියුබ් නාලිකාවේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කරා ගොස් එහි ඇති වටිනාකම් සහ විවිධත්වය පෙන්වන නිර්මාණකරුවන් දෙදෙනෙකි.
ආහාරවල රසය හඹා යමින් තමන් ගමන් කරන සෑම තැනකම ආහාරයේ විවිධත්වය, රසය, මෙන්ම ගුණය පිළිබඳවද ඔවුහු බෙහෙවින් සිය ප්රේක්ෂකයින්ට විවරණය කරයි.
මැට් සහ ගැරී මෙවර ඔවුන්ගේ සංචාරක සන්ධිස්ථානයක් ලෙස ඔවුන් තෝරාගෙන ඇත්තේ ශ්රී ලංකාවය.
ශ්රී ලංකාවේ මීගමුව, ගාල්ල ඇතුළු ස්ථාන කිහිපයක සංචාරයේ යෙදෙන ඔවුහු රසවත් කළු ඌරු මස් කරිය, ඉඳිආප්පවල රසය, රට තුළ ඇති පළතුරු වර්ග මෙන්ම කර්මාන්ත ගණනාවක් ආශ්රිතව සකස් වෙන ආහාර පාන පිළිබඳවද සිය වැඩසටහනේදී අවධානය දෙති.
වැඩසටහනේ හැඳිවීම වෙනුවෙන්ද ඔවුන් සඳහන් කරන්නේ 'ආවරණය නොකළ ශ්රී ලංකා' රසය යනුවෙනි.